Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ, ගෝවේ නගරයේදී අනිද්දා (18) ආරම්භ වන පෘතුගීසි යටත් විජිත (ලූසෆෝනියා) කී‍්‍රඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් පාපන්දු හා මේසපන්දු කණ්ඩායම් හෙට (17) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය. කී‍්‍රඩා උළෙලට සහභාගිවන සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම 91 දෙනකුගෙන් සමන්විතය. ඉන් 25 දෙනෙක් නිලධාරිහු වෙති.
ශ්‍රී ලංකාවේ මලල කී‍්‍රඩා ජූඩෝ, ටයිකොන්ඩෝ හා වුෂු යන කණ්ඩායම් ලබන සඳුදා (20) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ජාතික මේසපන්දු ශූරයකු වන රොහාන් සිරිසේන නම්කර තිබේ.
කණ්ඩායම් ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ උප භාණ්ඩාගාරික චන්දන පෙරේරා මහතාය. පුෂ්පමාලි විජයනායක මහත්මිය සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩිකාවන් භාර නිලධාරිනි ලෙස සංචාරයට එක්වේ.
පාපන්දු කී‍්‍රඩාවෙන් 20 දෙනකුද, මලල කී‍්‍රඩාවෙන් 18 දෙනකුද, වෙරළ වොලිබෝල් කී‍්‍රඩාවෙන් අට දෙනකුද, ජූඩෝ කී‍්‍රඩාවෙන් දෙදෙනකුද, මේස පන්දු කී‍්‍රඩාවෙන් හය දෙනකුද, ටයිකොන්ඩෝ කී‍්‍රඩාවෙන් පස් දෙනකුද හා වුෂු කී‍්‍රඩාවෙන් පස් දෙනකුද වන පරිදි කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පිරිසක් මෙම කී‍්‍රඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරති.
කෙසේ වුවත් පැසිපන්දු කණ්ඩායමක් සහභාගි කිරීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට හිමිව තිබුණත් ඊට ප‍්‍රමාණවත් සූදානමක් නොමැතිවීම නිසා මෙම අවස්ථාව අහිමිවූ බවද වාර්තාවේ. ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම කී‍්‍රඩා උළෙලට අවස්ථාව උදාකර ගත්තේ අවසන් මොහොතේදීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.