Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලේතම් - රොන්කි දෙදෙනාගෙන් සවිමත් මුක්කුවක්

ලේතම් - රොන්කි දෙදෙනාගෙන් සවිමත් මුක්කුවක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හෙඩින්ග්ලි  ලීඞ්ස් ක‍්‍රීඩාංගණයට විටින් විට ඇද හැලූනු වර්ෂාව හේතුවෙන් නවසීලන්තය සහ එංගලන්තය අතර ආරම්භ වූ පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ පළමු දිනය පන්දුවාර 65 කට පමණක් සීමා වුවද පළමුව ලකුණු රැස් කළ නවසීලන්ත පිල දිනය (29 දා) නිමා වන විට කඩුලූ 08 ක් දැවී ලකුණු 297 ක් ලබා සිටියේය.

නවසීලන්තයට එරෙහිව පිට පිටම ටෙස්ට් තරග තුනක් ජයගෙන සිටින එංගලන්තය මෙම තරගයේදී කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීම තෝරා ගත්තේය. පළමු තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 134 ක් පිටුපසින් සිටි එංගලන්තය අවසානයේදී ලකුණු 124 ක ජයක් ලබා තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිමින් මෙම තරගයට අවතීර්ණ විය.

නවසීලන්ත ඉනිමේ තුන්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදීම ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගත් ජේම්ස් ඇන්ඩසන් සිය 400 වැනි ටෙස්ට් කඩුල්ල සනිටුහන් කළේය. කි‍්‍රකට් ක‍්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තයේ පන්දු යවන්නකු ටෙස්ට් කඩුලූ 400 ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසද එය සටහන් වේ.

කඩුලූ 400 ක් දවා ගත් ලොව 12 වැනි පන්දු යවන්නා ලෙස ජේම්ස් ඇන්ඩසන් ඉතිහාසයට එකතු විය.

ටෙස්ට් කඩුලූ 400 ක් දවා ගත් ලොව නව වැනි වේග පන්දු යවන්නා වන්නේද 32 හැවිරිදි ජේම්ස් ඇන්ඩසන්ය. ජේම්ස් ඇන්ඩසන්ට පෙර ලොව කඩුලූ 400 සීමාව ඉක්මවූ පන්දු යවන්නන් වන්නේ මුත්තයියා මුරලිදරන් (8-00), ෂේන් වෝන් (708), අනිල් කුම්බල් (619), ග්ලෙන් මැග‍්‍රාත් (563), කර්ට්නි වෝල්ෂ් (519),  කපිල් දේව් (434), ශ‍්‍රීමත් රිචඞ් හැඞ්ලි (431), ෂෝන් පොලොක් (421), වසීම් අක‍්‍රම් (414), හර්බජාන් සිං (413) සහ කර්ට්ලි ඇම්බ්‍රෝස් (405) යන වේග පන්දු යවන්නෝ වෙති.

ජේම්ස් ඇන්ඩසන් 400 වැනි ටෙස්ට් කඩුල්ල ලබා මිනිත්තු පහක් ගතවීමට පෙරම සිය 401 වැනි කඩුල්ල ලෙස නවසීලන්තයේ අංක 3 පිතිකරු කෙන් විලියම්සන්ව පිටියෙන් ඉවත් කළේය. විලියම්සන් මුහුණ දුන් දෙවැනි පන්දුවේදීම කඩුලූ රකින්නාට උඩපන්දුවක් දී දැවී යන විට නවසීලන්ත පළමු කඩුලූ 2 ලකුණු 2 කදී බිද වැටිණි.

ඇන්ඩසන්ගේ පන්දු හමුවේ අසීරු තත්ත්වයකට පත්ව සිටි නවසීලන්ත පිලේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ටොම් ලෙතම් සහ රොස් ටේලර් එක්ව පන්දු 74 කදී ලකුණු 66 ක් එක් කළහ. පන්දු 27 කදී හතරේ පහර හතරක් සමග ලකුණු 20 ක් ලබ සිටි රෝස් ටේලර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු කරගත් ස්ටුවර්ට් බ්‍රෝඞ් නවසීලන්තයේ තෙවැනි කඩුල්ල බිම දැම්මේය.

නවසීලන්තය වෙනුවෙන් අර්ධ ශතක වාර්තා කිරීමට ටොම් ලෙතම් (84) සහ ලූක් රොන්කි සමත් වූහ. ආරම්භක පිතිකරු ටොම් ලෙතම් මිනිත්තු 224 ක් කඩුල්ල රැක ගනිමින් පන්දු 180 කදී හතරේ පහර 13 ක් සිය ඉනිමට ඇතුළත් කිරීමට සමත් විය.

මංගල ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ ලූක් රොන්කි පන්දු 70කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර තුනක් සමග ලකුණු 88 ක් ලබා ගත්තේය.

මංගල ටෙස්ට් තරගයේදී ඉහළම ප‍්‍රහාරාත්මක වේගයක් සහිතව අර්ධ ශතකයක් ලබා ගත් පිතිකරු ලැයිස්තුවේ දෙවැනි තැනට ලූක් රොන්කි සමත් විය. ඔහුගේ ප‍්‍රහාරාත්මක වේගය 125.71 ක් ලෙස සටහන් විය. එහි පළමු තැන පසුවන  ටිම් සවුති මංගල ටෙස්ට් තරගයේදී එංගලන්තයට එරෙහිව 2008 වසරේදී 192.50 ක වේගයෙන් ලකුණු 77 ක් ලබා ගෙන තිබේ. ලකුණු 144 කට කඩුලූ පහක් බිද වැටී තිබූ නවසීලන්ත ඉනිමට සවිමත් මුක්ක-ුවක් ගැසූ ලූක් රොන්කි සහ ටොම් ලෙතම් එකතුව හයවැනි කඩුල්ලට ලකුණු 120 ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූහ.

අංක පහ පිිතිකරු ලෙස පිටියට පිවිසි නවසීලන්ත නායක බ්‍රෙන්ඩන් මැකලම් විස්සයි විස්ස තරගයක මෙන් පිතිහරඹයේ යෙදෙමින් පන්දු 28 කදී හයේ පහරක් සහ හතරේ පහර හයක් සමග ලකුණු 41 කට දැවී ගියේය.

 

නවසීලන්තය පළමු ඉනිම - ඕවර 65 කදී කඩුලූ 08 ක් දැවී ලකුණු 297 යි.
(ටොම් ලෙතම් 84, රෝස් ටේලර් 20, බ්‍රෙන්ඩන් මැකලම් 41, ලූක් රොන්කි 84, ජේම්ස් ඇන්ඩසන් 43/2 , ස්ටුවර්ට් බ්‍රෝඞ් 83/3, බෙන් ස්ටොක්ස්  43/1)


 - 033


අදහස් (0)

ලේතම් - රොන්කි දෙදෙනාගෙන් සවිමත් මුක්කුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.