Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලොව උසම කී‍්‍රඩකයාට ශී‍්‍ර ලංකා තරගාවලිය අහිමියි

ලොව උසම කී‍්‍රඩකයාට ශී‍්‍ර ලංකා තරගාවලිය අහිමියි

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

පාකිස්තානු පිලේ ඉතාමත් සාර්ථක වමත් වේග පන්දු යවන්නකු වන මොහොමඞ් ඉර්ෆාන්ගේ උකුළේ අස්ථියක් පුපුරා යාම නිසා ඔහුට සති හයක කාලයක් විවේක ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇතැයි පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩල නිලධාරීහු කියති.

මෙම තත්ත්වය අනුව ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ලබන සතියේදීආරම්භ වන වි:20, එක්දින සහ ටෙස්ට් තරගාවලියට කී‍්‍රඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වනු ඇත. අඩි 7 කුත් අගලක් උස කී‍්‍රඩකයකු වන මොහොමඞ් ඉර්ෆාන් මෙතෙක් අන්තර්ජාතික කි‍්‍රකට් පිටියට පිවිසි උසම කී‍්‍රඩකයා ලෙසින් සැලකේ. පාකිස්තානය සහ දකුණු අපි‍්‍රකාව අතර නොවැම්බර් 15 වැනිදා ඩුබායිහිදී පැවැති වි:20 තරගයකදී බිම ඇද වැටීමෙන් ඉර්ෆාන් තුවාල ලැබීය.

පාකිස්තානු පිල සහ දකුණු අපි‍්‍රකාව අතර පසුගියදා දකුණු අපි‍්‍රකාවේදී පැවැති එක්දින තරගාවලිය 2-1 ක් ලෙසින් ජයගැනීමට පාකිස්තානු පිල සමත් වූවද ඒ මොහොමඞ් ඉර්ෆාන් සහ ෂොයිබ් මලික් දෙදෙනාගේම සේවය නොමැතිවය. පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ඉන්ටිකාබ් අලාම් මහතා පවසන්නේ ඉර්ෆාන්ට නැවතත් සුපුරුදු තත්ත්වයට පැමිණීම සඳහා මාස 6 ක කාලයක් අවශ්‍ය බවයි.

”ඔහු කී‍්‍රඩා කරන විට ඉතාමත් හොඳින් සිටියා. ඒත් ඔහුගේම උකුල මත ඇදවැටීම නිසා එහි සියුම් පිපිරීක් ඇතිවෙලා තියෙන බව එම්. ආර් අයි. පරීක්‍ෂණයකින් පෙනෙනවා” යයිද අලාම් මහතා පැවසීය. දැනට 31 හැවිරිදි වියේ පසුවන ඉර්ෆාන් මෙම ආබාධය නිසා ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර මේ මස 11 සහ 13 දිනවලදී පැවැත්වෙන වි:20 තරගාවලිය සඳහා නම් කරන ලද සංචිතයට ඇතුළත් නොවීය.

පාකිස්තානයේ හිටපු කී‍්‍රඩකයන් පවසන්නේ මොහොමඞ් ඉර්ෆාන්ට දැරිය නොහැකි තරම් බර පැටවීම නිසා ඔහු මේ තත්ත්වයට මුහුණ දී සිටින බවයි. ඔක්තෝබර් මස 14 වැනිදා සිට නොවැම්බර් 15 වැනිදා දක්වා මාසයක කාලයකදී ඉර්ෆාන් ටෙස්ට් තරග 2 කට, එක්දින තරග 5 කට සහ වි:20 තරග 2 කට සහභාගි වෙමින්  ඕවර 117 ක් යැවීය.

අවසන් තරගයේදී ඇද වැටීමට පෙර ඔහු විසින් දවාගන්නා ලද කඩුලූ සංඛ්‍යාව 16 කි.


අදහස් (1)

ලොව උසම කී‍්‍රඩකයාට ශී‍්‍ර ලංකා තරගාවලිය අහිමියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.