Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලොව වේගවත්ම මිනිසා ඉතාලියේ මාසෙල් ජෙකොබ්ස්

ලොව වේගවත්ම මිනිසා ඉතාලියේ මාසෙල් ජෙකොබ්ස්

editorial - 2021 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලොව වේගවත්ම මිනිසා බවට පත්වෙමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 100 (පිරිමි) ඉසව්ව ජය ගැනීමට ඉතාලියේ මාසෙල් ජෙකොබ්ස් අද (1 වැනිදා) සමත් විය. මීටර් 100 අවසන් මහ තරගය නිමා කිරීම සඳහා ඔහුට තත්ත්පර 9.80 ක කාලයක් ගත විය.

තත්ත්පර 9.84 කින් තරගය නිමා කළ ඇමරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි එහි රිදී පදක්කම හිමිකර ගත් අතර කැනඩාවේ ඇන්ඩ්‍රි ඩි' ග්‍රාස් ලෝකඩ පදක්කමට හිමිකම් කී‍වේ තත්ත්පර 9.89 ක කාලයක් වාර්තා කරමිනි.

මේ වන විට 26 වැනි වියේ පසුවන ජෙකොබ්ස් මීටර් 100 අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී තත්ත්පර 9.84 ක කාලයක් වාර්තා කරමිනි.

කෙසේ වුවත් එහිදී මීටර් 100 ඔලිම්පික් වාර්තාව බිඳ දැමීමට ජෙකොබ්ස්ට නොහැකි වූ අතර 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී තත්ත්පර 9.63 ක කාලයක් වාර්තා කරමින් ජැමෙයිකාවේ උසේන් බෝල්ට් එම වාර්තාව පිහිටුවා තිබිණ.

-036


අදහස් (0)

ලොව වේගවත්ම මිනිසා ඉතාලියේ මාසෙල් ජෙකොබ්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.