Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
වසර හතරකට වරක් පැවැත්වෙන ලෝකයේ මහා ක්රිකට් සැණකෙළිය හෙවත් ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී මෙන්ම ලෝක කුසලාන රග්බි තරගාවලියේදීත් සියලුම තරග විකාශය කිරීමේ නිල අයිතිය එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම විසින් අත්පත් කරගෙන ඇත. මෙම නිල අයිතිය ලබාගැනීමත් සමගින් ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ තරග 48 ක් සහ ලෝක කුසලාන රග්බි තරගාවලියේ තරග 48 ක් එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමට අයත් ටී.වී. 01 නාළිකාව ඔස්සේ සජීවී ලෙසින් විකාශය කෙරේ.
ලෝක කුසලාන රග්බි තරගාවලිය පසුගිය 9 වැනිදා ප්රංශයේදී ආරම්භ වූ අතර එහි මූලික වටයේ තරග 40 කි. පිළිමළුන් පිටුදැකීමේ වටයේ තරග ඔක්තෝබර් 14 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ තරගය ඔක්තෝබර් 28 වැනිදා පැවැත්වෙයි. ලෝක කුසලාන ක්රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වී නොවැම්බර් මස 19 වැනිදා දක්වා දිවෙයි.
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ පළමු තරගය ඔක්තෝබර් මස 5 වැනිදා වත්මන් ලෝක ශූරයන් වන එංගලන්තය සහ අනුශූරයන් වන නවසීලන්තය අතර ඉන්දියාවේ අහමදාබාද් නුවරදී පැවැත්වෙයි.
ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන තරගාවලි දෙකක් එකම දිනවලදී පැවැත්වෙන නමුත්, ක්රීඩා ලෝලීන්ට අපහසුතාවක් ඇති නොවන පරිදි, කාලය නිසි පරිදි කළමණාකරණය කරගනිමින් සියලුම තරග සම්පූර්ණයෙන්ම විකාශය කිරීමට කටයුතු යොදන බව කැපිටල් මහාරාජා සමූහයේ විධායක අධ්යක්ෂ චෙවාන් ඩැනියෙල් මහතා පැවසීය.
ලෝක කුසලාන තරගාවලි දෙකක අයිතිවාසිකම් හිමිකරගැනීම නිල වශයෙන් ප්රකාශයට පත්කිරීමේ අවස්ථාවට කැපිටල් මහාරාජා සමූහයේ විධායක අධ්යක්ෂ චෙවාන් ඩැනියෙල් මහතා සමගින් ශ්රී ලංකා ක්රිකට් ලේකම් මොහාන් ද සිල්වා, කැපිටල් මහාරාජා සමූහයේ ප්රධාන විධායක නිලධාරි සුනිල් කනුජියා සහ එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගමේ ප්රධාන විධායක නිලධාරී සුසාර දිනාල් මහතාත් සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.