Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් තරග වදින ලෝක කුසලාන තරගාවලිය වන 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය හෙට (1 වැනිදා) ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවරදී ආරම්භ වේ.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව ග්රෑන්ඞ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර තරගාවලියේ පළමු තරග පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.
මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 20 ක් සුදුසුකම් ලබා සිටින අතර මූලික වටයේදී ඔවුන් එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් වූ ‘ඒ’, ‘බී’, ‘සී’, සහ ‘ඩී’ යන කාණ්ඩ 4 යටතේ තරග බිමට පිවිසෙනු ඇත. මූලික වටය අවසානයේ සෑම කාණ්ඩයකින්ම කණ්ඩායම් 2 බැගින් සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබන අතර එම වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම රැදී සිටින කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත.
තමන් නියෝජනය කරන කාණ්ඩයේ ශූරයන් ලෙස සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන කණ්ඩායම්වලට එහිදී සෙසු කාණ්ඩ තුනෙන් එකක ශූරයන්ට එරෙහිවත්, කාණ්ඩ දෙකක අනු ශූරයන්ට එරෙහිවත් තරග වැදීමට සිදුවනු ඇත. තමන් නියෝජනය කරන කාණ්ඩයේ අනු ශූරයන් ලෙස සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන කණ්ඩායම්වලට එහිදී තරග වැදීමට සිදුවන්නේ සෙසු කාණ්ඩ තුනෙන් දෙදක ශූරයන්ට එරෙහිවත්, එක් කාණ්ඩයක අනු ශූරයන්ට එරෙහිවත්ය.
තරගාවලියේ සත්කාරකත්වය දරන ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් ඍජුවම තරගාවලියට සුදුසුකම් ලැබීය. ඕස්ටේ්රලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ඊට සුදුසුකම් ලබාගත්තේ අවසන් වටර 2022 වසරේදී පැවැති ලෝක කුසලාන තරගාවලියේ ඉහළින්ම රැදී සිටි කණ්ඩායම් 8 බවට පත්වෙමිනි.
විස්සයි-20 ලෝක ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය තරගාවලියට එක්විය. අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යුරෝපා කළාපයෙන්ද, නේපාලය සහ ඕමානය ආසියානු කළාපයෙන්ද, නැමීබියාව සහ උගණ්ඩාව අප්‍රිකානු කලාපයෙන්ද, පැපුවා නිව්ගිණියාව නැගෙනහිර ආසියා පැසිපික් කළාපයෙන්ද, කැනඩාව ඇමරිකා කළාපයෙන්ද තරගාවලියට සුදුසුකම් ලැබීය.
මින් පෙර පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිවලදී එංගලන්තය (2010 සහ 2022) සහ බටහිර ඉන්දීය කොදෙව්වන් (2012 සහ 2016) දෙවතාව බැගින් ශූරතාව දිනාගැනීමට සමත්ව ඇති අතර ඉන්දියාව (2007), පාකිස්ථානය (2009), ශ්‍රී ලංකාව (2014) සහ ඕස්ටේ්රලියාව (2021) එක්වරක් බැගින් ශූරතාවට හිමිකම් කියා තිබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට ඉන්දියාව, ඕස්ටේ්රලියාව සහ එංගලන්තය පිළිවෙලින් විස්සයි-20 ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසුවේ. කොදෙව්වන් එහි සිවුවැනි ස්ථානයේ පසුවන අතර නවසීලන්තය, පාකිස්තානය සහ දකුණු අප්‍රිකාව පිළිවෙලින් පස්වැනි, හයවැනි සහ හත්වැනි ස්ථානවල රැදී සිටියි. ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ එහි 8 වැනි ස්ථානයයි.
මෙම තරගාවලිය ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩාංගණ 3 ත්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩාංගණ 6 කත් පැවැත්වේ. නිව්යෝක් ප්‍රාන්තයේ නසාවු ප්‍රාන්ත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ටෙක්සාස් ප්‍රාන්තයේ ග්රෑන්ඞ් ප්‍රේරී ක්‍රීඩාංගණය සහ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සෙන්ට්‍රල් බ්රෝවඞ් උද්‍යාන ක්‍රීඩාංගණය ඉන් ඇමරිකානු ක්‍රීඩාංගණ 3 වේ.
ඇන්ටිගුවා සහ බාර්බූඩාහි ශ්‍රීමත් විවියන් රිචඞ්ස් ක්‍රීඩාංගණය, බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණය, ගයානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණය, ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රිකට් ක්‍රීඩාංගණය, ශාන්ත වින්සන්ට් සහ ග්රෙනඩීන්ස්හි ආර්නෝස් වේල් ක්‍රීඩාංගණය, ටි්රනිඩෑන් සහ ටොබෝගෝහි බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණය මෙවර තරගාවලියේදී තරග පැවැත්වෙන කොදෙව් ක්‍රීඩාංගණ වේ.
එම ක්‍රීඩාංගණවලින් තරගාවලියේ අවසන් පූර්ව තරග දෙක ජූනි මස 26 සහ 27 යන දිනවලදී පිළිවෙලින් බ්‍රයන් ලාරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සහ යානාහි ප්‍රොවිඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වීමට යොදා ඇත්තේ 29 වැනිදා කෙන්සිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදීය.
තරගාවලියේ කාලසටහන ශ්‍රී ලංකා වේලාවෙන් පහත දැක්වේ.
පළමු වටය
ජූනි 2 වැනිදා
ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර - පෙ.ව. 6.00 ට ඩලස්හිදී
බ.ඉ. කොදෙව් සහ පැපුවා නිව්ගිණියාව අතර - ප.ව. 8.00 ට ගයානාහිදී
ජූනි 3 වැනිදා
නැමීබියාව සහ ඕමානය අතර - පෙ.ව. 6.00 ට බාබඩෝස්හිදී
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර - ප.ව. 8.00 ට නිව්යෝක්හිදී
ජූනි 4 වැනිදා
ඇෆ්ඝනිස්තානය සහ උගණ්ඩාව අතර - පෙ.ව. 6.00 ට ගයානාහිදී
එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර - ප.ව. 8.00 ට බාබඩෝස්හිදී
නෙදර්ලන්තය සහ නේපාලය අතර - ප.ව. 9.00 ට ඩලස්හිදී
ජූනි 5 වැනිදා
ඉන්දියාව සහ අයර්ලන්තය අතර - ප.ව. 8.00 ට නිව්යෝක්හිදී
ජූනි 6 වැනිදා
පැපුවා නිව්ගිණියාව සහ උගණ්ඩාව අතර - පෙ.ව. 5.00 ට ගයානාහිදී
ඕස්ටේ්රලියාව සහ ඕමානය අතර - පෙ.ව. 6.00 ට බාබඩෝස්හිදී
ඇමරිකා එක්සත් ජනපදය සහ පාකිස්තානය අතර - ප.ව. 9.00 ට ඩලස්හිදී
ජූනි 7 වැනිදා
නැමීබියාව සහ ස්කොට්ලන්තය අතර - පෙ.ව. 12.30 ට බාබඩෝස්හිදී
කැනඩාව සහ අයර්ලන්තය අතර - ප.ව. 8.00 ට නිව්යෝක්හිදී
ජූනි 8 වැනිදා
ඇෆ්ඝනිස්ථානය සහ නවසීලන්තය අතර - පෙ.ව. 5.00 ට ගයානාහිදී
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර - පෙ.ව. 6.00 ට ඩලස්හිදී
නෙදර්ලන්තය සහ දකුණු අප්‍රිකාව අතර - ප.ව. 8.00 ට නිව්යෝක්හිදී
ඕස්ටේ්රලියාව සහ එංගලන්තය අතර - ප.ව. 10.30 ට බාබඩෝස්හිදී
ජූනි 9 වැනිදා
බ.ඉ. කොදෙව් සහ උගණ්ඩාව අතර - පෙ.ව. 6.00 ට ගයානාහිදී
ඉන්දියාව සහ පාකිස්තානය අතර - ප.ව. 8.00 ට නිව්යෝක්හිදී
ඕමානය සහ ස්කොට්ලන්තය අතර - ප.ව. 10.30 ට ඇන්ටිගුවාහිදී
ජූනි 10 වැනිදා
බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර - ප.ව. 8.00 ට නිව්යෝක්හිදී
ජූනි 11 වැනිදා
කැනඩාව සහ පාකිස්තානය අතර - ප.ව. 8.00 ට නිව්යෝක්හිදී
ජූනි 12 වැනිදා
නේපාලය සහ ශ්‍රී ලංකාව අතර - පෙ.ව. 5.00 ට ෆ්ලොරීඩාහිදී
ඕස්ටේ්රලියාව සහ නැමීබියාව අතර - ප.ව. 6.00 ට ඇන්ටිගුවාහිදී
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර - ප.ව. 8.00 ට නිව්යෝක්හිදී
ජූනි 13 වැනිදා
බ.ඉ. කොදෙව් සහ නවසීලන්තය අතර - පෙ.ව. 6.00 ට ටි්රනිඩෑඞ්හිදී
බංග්ලාදේශය සහ නෙදර්ලන්තය අතර - ප.ව. 8.00 ට ශාන්ත වින්සන්ට්හිදී
ජූනි 14 වැනිදා
එංගලන්තය සහ ඕමානය අතර - පෙ.ව. 12.30 ට ඇන්ටිගුවාහිදී
ඇෆ්ඝනිස්ථානය සහ පැපුවා නිව්ගිණියාව අතර - පෙ.ව. 6.00 ට ටි්රනිඩෑඞ්හිදී
ඇමරිකා එක්සත් ජනපදය සහ අයර්ලන්තය අතර - ප.ව. 8.00 ට ෆ්ලොරීඩාහිදී
ජූනි 15 වැනිදා
නේපාලය සහ දකුණු අප්‍රිකාව අතර - පෙ.ව. 5.00 ට ශාන්ත වින්සන්ට්හිදී
නවසීලන්තය සහ උගණ්ඩාව අතර - පෙ.ව. 6.00 ට ටි්රනිඩෑඞ්හිදී
කැනඩාව සහ ඉන්දියාව අතර - ප.ව. 8.00 ට ෆ්ලොරීඩාහිදී
එංගලන්තය සහ නැමීබියාව අතර - ප.ව. 10.30 ට ඇන්ටිගුවාහිදී
ජූනි 16 වැනිදා
ඕස්ටේ්රලියාව සහ ස්කොට්ලන්තය අතර - පෙ.ව. 6.00 ට ශාන්ත ලුසියාහිදී
අයර්ලන්තය සහ පාකිස්තානය අතර - ප.ව. 8.00 ට ෆ්ලොරීඩාහිදී
ජූනි 17 වැනිදා
බංග්ලාදේශය සහ නේපාලය අතර - පෙ.ව. 5.00 ට ශාන්ත වින්සන්ට්හිදී
නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර - පෙ.ව. 6.00 ට ශාන්ත ලුසියාහිදී
නවසීලන්තය සහ පැපුවා නිව්ගිණියාව අතර - ප.ව. 8.00 ට ටි්රනිඩෑඞ්හිදී
ජූනි 18 වැනිදා
බ.ඉ. කොදෙව් සහ ඇෆ්ඝනිස්ථානය අතර - පෙ.ව. 6.00 ට ශාන්ත ලුසියාහිදී
දෙවැනි වටය
ජූනි 19 වැනිදා
‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා සහ ‘ඩී’ කාණ්ඩයේ පළමු වැනියා අතර - ප.ව. 8.00 ට ඇන්ටිගුවාහිදී
ජූනි 20 වැනිදා
‘බී’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘සී’ කාණ්ඩයේ දෙවැනියා අතර - පෙ.ව. 6.00 ට ශාන්ත ලුසියාහිදී
‘සී’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා අතර - ප.ව. 8.00 ට බාබඩෝස්හිදී
ජූනි 21 වැනිදා
‘බී’ කාණ්ඩයේ දෙවැනියා සහ ‘ඩී’ කාණ්ඩයේ දෙවැනියා අතර - පෙ.ව. 6.00 ට ඇන්ටිගුවාහිදී
‘බී’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘ඩී’ කාණ්ඩයේ පළමු වැනියා අතර - ප.ව. 8.00 ට ශාන්ත ලුසියාහිදී
ජූනි 22 වැනිදා
‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා සහ ‘සී’ කාණ්ඩයේ දෙවැනියා අතර - පෙ.ව. 6.00 ට බාබඩෝස්හිදී
‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘ඩී’ කාණ්ඩයේ දෙවැනියා අතර - ප.ව. 8.00 ට ඇන්ටිගුවාහිදී
ජූනි 23 වැනිදා
‘සී’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘බී’ කාණ්ඩයේ දෙවැනියා අතර - පෙ.ව. 6.00 ට ශාන්ත වින්සන්ට්හිදී
‘ඒ’ කාණ්ඩයේ දෙවැනියා සහ ‘බී’ කාණ්ඩයේ පළමු වැනියා අතර - ප.ව. 8.00 ට බාබඩෝස්හිදී
ජූනි 24 වැනිදා
‘සී’ කාණ්ඩයේ දෙවැනියා සහ ‘ඩී’ කාණ්ඩයේ පළමු වැනියා අතර - පෙ.ව. 6.00 ට ශාන්ත ඇන්ටිගුවාහිදී
‘බී’ කාණ්ඩයේ දෙවැනියා සහ ‘ඒ’ කාණ්ඩයේ පළමු වැනියා අතර - ප.ව. 8.00 ට ශාන්ත ලුසියාහිදී
ජූනි 25 වැනිදා
‘සී’ කාණ්ඩයේ පළමු වැනියා සහ ‘ඩී’ කාණ්ඩයේ දෙවැනියා අතර - පෙ.ව. 6.00 ට ශාන්ත වින්සන්ට්හිදී
අවසන් වටය
ජූනි 27 වැනිදා
පළමු අවසන් පූර්ව තරගය - පෙ.ව. 6.00 ට ටි්රනිඩෑඞ්හිදී
දෙවැනි අවසන් පූර්ව තරගය - ප.ව. 8.00 ට ගයානාහිදී
ජූනි 29 වැනිදා
අවසන් මහ තරගය - ප.ව. 8.00 ට බාබඩෝස්හිදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.