Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලාන තරගාවලියට මමත් එනවා

ලෝක කුසලාන තරගාවලියට මමත් එනවා

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාදයේ කලව පසුපස මස්පිඬුවේ තිබෙන ආබාධයෙන් සුවය ලබා, මීළග ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී නැවතත් කණ්ඩායමට එක්වීමට තමාට හැකිවනු ඇතැයි  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ නිත්‍ය නායක මයිකල් ක්ලාක් පවසයි.

මේ වන විට 33 වැනි වියේ පසුවන ක්ලාක්, ඉකුත් සතියේදී සිය කලවා ප‍්‍රදේශයේ සැත්කමකට මුහුණදුන් අතර එම සැත්කම නිසා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවත්වීමට පවා සිදුවෙතැයි බියෙන් පසුවිය.

”මේ මොහොතේ මට ඇති ලොකුම අභියෝගය ලෝක කුසලාන තරගාවලිය සඳහා නැවතත් කණ්ඩායමට එක්වීමයි. මගේ වෛද්‍ය කණ්ඩායම මට කිව්වා දැන් කෙරෙමින් පවතින ප‍්‍රතිකාර වලින් සතියක පමණ කාලයකින් අනතුරුව මට යථා තත්ත්වයට පැමිණීමට හැකිවේවි කියා”

ඕස්ටේ‍්‍රලියාවේ ‘සිඞ්නි ඬේලි ටෙලිග‍්‍රාෆ්’ පුවත්පතට ලියූ තීරු ලිපියක් ලියමින් ක්ලාක් එසේ සඳහන් කර ඇත.

”මා දැන් ඇවිදින විට වේදනාවක් හෝ ඉදිමීමක් දක්නට ලැබෙන්නේ නෑ. මෙම ප‍්‍රතිකාර පන්තියේ දෙවැනි අදියර වන දිවීම ආරම්භ කරන තුරු මට ඉවසීමක් නෑ” යයිද ක්ලාක් ලියා තිබිණ.

ඇඩිලේඞ්හිදී ඉන්දියාවට පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ පන්දුවට පහරදෙමින් සිටියදී, ක්ලාක් කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්වූ අතර ඒ වන විට ඔහු ලකුණු 60 ක් ලබා සිටියේය. කෙසේ වුවත් වේදනා නාශක එන්නත් ලබා ගැනීමෙන් අනතුරුව දෙවැනි දිනයේදී නැවත පන්දුවට පහරදීමට පැමිණි ඔහු ලකුණු 128 ක් ලබාගත්තේය.

ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය මෙවර ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය දරන අතර එය පෙබරවාරි මස 14 වැනිදා ආරම්භ වීමට නියමිතය.  

036


අදහස් (0)

ලෝක කුසලාන තරගාවලියට මමත් එනවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.