Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයේ ඩකා අගනුවර මීර්පූර් කී‍්‍රඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති විස්සයි:20 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දියාව කඩුලූ 6 කින් පරාජය කරමින් අති විශිෂ්ට ජයක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම විස්සයි:20 කි‍්‍රකට් ලෝක කුසලානය දිනාගත්තේය. පිට පිටම දැරූ උත්සාහයන් 5 කදී පස්වැනි වතාවේ ජයගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම ජය ටැඹ කරා කැඳවාගෙන ගිය කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 52 ක් ලබාගනිමින් වි:20 අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්තේය.
විස්සයි:20 ලෝක කුසලාන තරග වලදී ලකුණු 1000 කඩයිම පසුකළ ලෝකයේ පළමු පිතිකරුවා බවට පත්වූ මහේල ජයවර්ධනද මෙම ජයග‍්‍රහණයත් සමගින් වි:20 අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්තේය.
කුසල් පෙරේරා ලකුණු 5 කට දැවී ගිය නමුත් ඉතාමත් ප‍්‍රවේසමෙන් ලකුණු 131 ක ඉලක්කයක් හඹා ගිය ශී‍්‍ර ලංකා පිතිකරුවෝ 10 වැනි ඕවරය නිමා වනවිට කඩුලූ 3 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටියේ අවසන් ඕවර 10 පන්දු 60 කදී ලකුණු 62 ක් ලබාගැනීමට ඉතිරි කරගනිමිනි.
කඩුලූ දවාගැනීමේ අවස්ථාව ඉන්දීය පන්දු යවන්නන්ට නොදෙමින්, පන්දු රකින්නන්ගේ පවා මනස අවුල් කළ සංගක්කාර සහ තිසර පෙරේරා 15 වැනි ඕවරයේදී ලකුණු 14 ක් උදුරා ගනිමින් හිටි අඩියේම තරගයට කඩා වැදුණහ.
16 වැනි ඕවරයේදී ලකුණු 6 ක් ලබාගනිමින් ලකුණු වේගය රඳවාගත් සංගක්කාර සහ තිසර දෙදෙනා, 17 වැනි ඕවරයේදී ලකුණු 15 ක්ද 18 වැනි ඕවරයේදී තවත් ලකුණු 15 ක්ද ලබාගනිමින් ලෝක කුසලානය තම පිලට දිනා දුන්හ.
දැවැන්ත හයේ පහර 3 ක් ද සමගින් පන්දු 14 කදී ලකුණු 23 ක් ලබාගත් තිසර පෙරේරා ජයග‍්‍රාහී ලකුණ ලබාගත්තේ පන්දු යැවූ රවිචන්ද්‍රන් අශ්වින්ගේ හිසට ඉහළින් පන්දුව හතරේ සීමාවට එපිටට යැවූ හයේ පහරකිනි.
රවිචන්ද්‍රන් අශ්වින්ගේ පළමු ඕවරයේදී තිලකරත්න ඩිල්ෂාන් ගැසූ ස්වීප් පහරකින් ඉහළ ගිය පන්දුව ඞීප් ස්ක්වෙයාර් ලෙග් හි සිටි විරාට් කෝලි විසින් ඉතාමත් දක්‍ෂ අන්දමින් රැුකගැනීම නිසා ඩිල්ෂාන්ගේ ඉනිම ලකුණු 18 කට සීමා විය. එහෙත් කුමාර් සංගක්කාර සමග එක්වූ මහේල ජයවර්ධන ඉතාමත් උපක‍්‍රමශීලී ලෙසින් පන්දුව කඩුල්ල පසුපස කලාපයට හරවා යවමින් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් එක්කළේ ලකුණු 24 ක් වුවද එහි වටිනාකම මිල කළ නොහැකි තරම් විය.
මෙම තරගාවලියේදී ඉතාමත් අසීරුවෙන් ලකුණු සොයමින්, තරග 5 කදී ලකුණු 19 ක් පමණක් ලබා සිටි කුමාර් සංගක්කාර අවශ්‍යම මොහොතේදී ලකුණු අතරට එමින් පන්දු 35 කදී ලකුණු 52 ක් ලබාගත්තේ ලෝන්ග් ලෙග් කලාපයට ඉහළින් අමිත් මිශ්රාට ගැසූ හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඊට ඇතුළත් කරමිනි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත ඕවර 20 අවසන් වන විට කඩුලූ 4 ක් දැවී ලකුණු 130 ක් ලබාගැනීමට සමත් විය.
නැවත වතාවක් ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් හමුවේ තම පිත්තේ සවිය පෙන්වූ විරාට් කෝලි, සිය උඩපන්දුව උතහැරීමෙන් ලද අවස්ථාව උපරිම ලෙසින් ප‍්‍රයෝජනයට ගනිමින් පන්දු 58 කදී ලකුණු 77 ක් ලබාගත්තේ ඉන්දීය ඉනිම ගොඩගනිමිනි.
ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාවෙන් සියයට 60 කට ආසන්න ප‍්‍රමාණයක් ලබාගත් කෝලි ඊට හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් කළේය.
රංගන හේරත්ගේ පළමු පන්දුවටම විරාට් කෝලි දුන් උඩපන්දුව මිඞ් ඕන්හි සිටි ලසිත් මාලිංග වෙතින් ගිළීහී යන විට කෝලි ලබා සිටියේ ලකුණු 11 ක් පමණි. එතැන් සිට පසුපස නොබැලූ කෝලි, රෝහිත් ෂර්මා සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54 කදී ලකුණු 60 ක් එක් කළ අතර යුවරාජ් සිං සමග එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 55 කට සම්මාදම් වුවද ඉනිමේ අවසන් ඕවර 10 දී පැමිණි එම ලකුණු 55 වෙනුවෙන් පන්දු 46 ක් වැයවිය.
ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් කෙතරම් හොඳින් පන්දු යැවූයේද යත් යුවරාජ් සිංට සිය ලකුණු 11 ලබාගැනීම සඳහා පන්දු 21 කට මුහුණ දුන්නේය. ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන්නන් ප‍්‍රහාරාත්මක ඕවර 6 තුළදී ඉන්දීය පිල ලකුණු 31 කට සීමා කළ නමුත් විරාට් කෝලි සහ රෝහිත් ෂර්මා එක්ව 10 වැනි ඕවරය නිමා වන විට තම පිලේ ලකුණු සංඛ්‍යාව 64 දක්වා ඉහළ දැමූහ.
අද සවස් යාමයේ ඩකාහි මීර්පූර් කී‍්‍රඩාංගණයට ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම විනාඩි 40 කින් ප‍්‍රමාද කරන ලද නමුත් ඕවර සංඛ්‍යාව අඩු නොකෙරිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.