Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලෝක කුසලානයේ ඩොලර් ලක්ෂ 16 ක්

ලෝක කුසලානයේ ඩොලර් ලක්ෂ 16 ක්

editorial - 2022 සැප් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 16 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව සූදානමින් සිටියි. පවතින විනිමය අනුපාතයට අනුව ඩොලරය, ශ්‍රී ලංකා රුපියල් 355.47 ක් ලෙස සැලකීමේදී එම මුදල රුපියල් 56,87,52,000 ක් පමණ වේ.

තරගාවලියේ අනු ශූරයන් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 8 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිත අතර එය රුපියල් කෝටි විසි අටහමාරක් (28,50,00,000 ක්) පමණ වනු ඇත. අවසන් පූර්ව වටයේදී පරාජයට පත්වන කණ්ඩායම් සඳහා මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 4 ක බැගින් පිරිනැමෙන අතර එය රුපියල් කෝටි 14 ක් ඉක්මවයි.

ඔක්තෝබර් මස 16 වැනිදා සිට නොවැම්බර් මස 13 වැනිදා දක්වා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩාංගණ 7 කදී පැවැත්වෙන මෙම තරගාවලියට තරග 45 ක් ඇතුළත් වේ. මූලික වටයේදී මෙන්ම සුපිරි 12 දෙනාගේ වටයේදීද කණ්ඩායමක් ලබාගන්නා ජයග්‍රහණයක් වෙනුවෙන් ඔවුන්ට ඇමරිකානු ඩොලර් 40,000 ක මුදලක් පිරිනැමෙනු ඇත.

ඊට අමතරව සුපිරි 12 දෙනාගේ වටයෙන් ඉවත්වන කණ්ඩායම් 8 ට ඇමරිකානු ඩොලර් 70,000 බැගින්ද, මූලික වටයෙන්ම ඉවත්වන කණ්ඩායම් 4 ට ඇමරිකානු ඩොලර් 40,000 බැගින්ද පිරිනැමීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව කටයුතු යොදා තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේදී කණ්ඩායම් අතර බෙදා දීමට නියමිත මුලු මුදල ඇමරිකානු ඩොලර් ලක්ෂ 56 කි.

ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්, නෙදර්ලන්තය, නැමීබියාව, අයර්ලන්තය, ස්කොට්ලන්තය, සිම්බාබ්වේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මූලික වටයේ සිට තරගාවලියට සහභාගි වන අතර ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඇෆ්ඝනිස්ථානය සහ බංග්ලාදේශය සුපිරි 12 දෙනාගේ වටයේ සිට තරගාවලියට එක්වනු ඇත.

-036


අදහස් (0)

ලෝක කුසලානයේ ඩොලර් ලක්ෂ 16 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.