Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සමුළුවේ නියෝජිතයන්ගේ නිර්දේශ මත සකස් කරන ලද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව ව්‍යවස්ථාව වහාම ක්‍රියාත්මක කරන ලෙසත්, එසේ නොවුණහොත්, තුන්වැනි පාර්ශ්වයක බලපෑම් හේතුවෙන් ඇතිවිය හැකි දණ්ඩන සහ සම්බාධක වලට මුහුණ දීමට සූදානම් වන ලෙසත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සමුළුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලිඛිතව දන්වා තිබේ.
“ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට එහි කටයුතු ස්වාධීනව කරගෙන යාමට අවශ්‍ය පසුබිම තිබිය යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු. එලෙසින්ම, එහි කටයුතු සඳහා කිසියම් තුන්වැනි පාර්ශ්වයකින් ඇඟිලි ගැසීම් නොකළ යුතු බවද දන්වා සිටිනු කැමැත්තෙමු” යයි මේ මස 22 වැනිදා, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සමුළුව විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට එවන ලද ලිපියේ සඳහන් වී තිබේ.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට මෙන්ම ආසියානු පාපන්දු සම්මේලනයටත් බැඳී සිටින වගන්ති සඳහන් කරමින්, දෙසැම්බර් 22 වැනිදා එවන ලද මෙම ලිපියට අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් ප්‍රධානී කෙනී ජීන්-මරී මහතා සහ ආසියානු පාපන්දු සමුළුවේ නියෝජ්‍ය මහලේකම් වහීඩ් කර්දානි මහතාත් අත්සන් තබා තිබේ.
“වැඩිදුරටත් දන්වාසිටින වගනම්, අන්තර්ජාතික පාපන්දු සම්මේලන ව්‍යවස්ථාවේ 14 වැනි කොටසේ 2 සහ 3 වැනි වගන්ති උල්ලංඝණය වන්නේ නම්, ව්‍යවස්ථාවට අනුව දණ්ඩන සහ සම්බාධක වලට මුහුණ දීමට සිදුවේ. එහිදී තුන්වැනි පාර්ශ්වයේ මැදිහත්වීම සාමාජික සංගමයේ වරදක් නොවූවත්, එම දණ්ඩන සහ සම්බාධක වලට මුහුණ දීමට සිදුවේ” යයි 22 වැනිදා, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මහලේකම් උපාලි හේවගේ මහතා වෙත එවන ලද ලිපියේ සඳහන් වේ.
මෙම ලිපිය සම්බන්ධයන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.