Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍ර‍්‍රංශයේ ලියොන් නුවර පැවති වෙනස් ආකාර දක්‍ෂතා සහිත කී‍්‍රඩකයන් සඳහා වූ (පැරා) මලල කී‍්‍රඩා ලෝක ශූරතාවලියේදී මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රේජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ප‍්‍රදීප් සංජය අද පෙරවරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය. ප‍්‍රදීප් සමග පැරා ලෝක ශුරතාවලියට ගිය ශී‍්‍ර ලංකා පිලේ සෙසු ක‍්‍රීඩක ක‍්‍රඩිකාවෝද දිවයිනට පැමිණියහ.
පැරා මලල ක‍්‍රීඩා ලෝක ශූරතාවලියකදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයකු හෝ කී‍්‍රඩිකාවක විසින් පදක්කමක් දිනාගන්නා ලද පළමු අවස්ථාව මෙයයි.
මෙම පදක්කම දිනාගත් ප‍්‍රදීප් සංජය, පැරලිම්පික් (ආබාධිත කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා වන ඔලිම්පික් තරගාවලිය) උළෙලකදී පදක්කමක් දිනාගත් පළමු ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයාද වෙයි.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයෙදී පැරා ක‍්‍රීඩා කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් රාජිත අම්පෙමොහොට්ටි, බි‍්‍රගේඩියර් රජීව වික‍්‍රමසිංහ, සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක කර්නල් ජයමාල් ජයසූරිය ඇතුළු නිලධාරීන් සහ ප‍්‍රදීප්ගේ පවුලේ ඥාතීන් විසින් දිවයිනට පැමිනි ප‍්‍රදීප් සංජය ඇතුළු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මල්දම් පළඳවා ඉතා උණුසුම් අන්දමන් පිළිගනු ලැබූහ.
ප‍්‍රදීප් සංජයගේ මව වන කහඳවල ආරච්චිලාගේ දොන් රමණී(50) සහ බිරිඳ නිෂිකා දුලාංජලී(22) සහ පුතු පබසර කෞෂාන්ද ඔහු පිළිගන්නට ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.
මෙම තරගාවලිය අන්තර්ජාතික පැරා ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කරන ලද අතර තරගාවලිය සදහා රටවල් 103 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 1300 ක් සහභාගී වූහ.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලිය සදහා ක‍්‍රීඩකයෝ 7 දෙනෙක් සහ ක‍්‍රීඩිකාවක් සහභාගී වූහ. තරගාවලිය පසුගිය 17 වැනිදා සිට 28 වැනිදා දක්වා ප‍්‍රංශයේ ලියොන් නුවරදී පැවැත්විණි.
රාජාංගනය යාය 01 පාසැලේ මූලික අධ්‍යාපනය ලබා ඇති ප‍්‍රදීප් සංජය, පසුව මීරිගම දෙල්වල ඕල්කට් විද්‍යාලයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීය.
පිළිකා රෝගයෙන් බැට කෑ ප‍්‍රදීප් සංජයගේ පියා 2008 වර්ෂයේ මියගොස් ඇත. පියා අහිමි පවුලේ අගහිගකම් බලා හිදීමට අකමැති වූ ප‍්‍රදීප් සංජය එම වසරේදී ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට බැඳිණ.
යුද හමුදාවට බැඳී වසරක් යාමටත් මත්තෙන් කිලිනොච්චියේදී එල්ලවූ මෝටාර් ප‍්‍රහාරයකින් ප‍්‍රදීප් සංජයගේ වම් අතේ වැලමිටට බරපතල හානි සිදවීම නිසා ඔහුගේ වම් අත අක‍්‍රීය වී ඇත. පසුව ඔහු ක‍්‍රීඩාවට යොමු විය.
ප‍්‍ර‍්‍රංශයේ ලියොන් නුවර පැවති ලෝක ශූරතා පැරා මලල ක‍්‍රීඩා තරගාවලියේදී
මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූ
ශ‍්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රේජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ප‍්‍රදීප් සංජය
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී.
”මම ලංකාවෙන් පිටත්ව ගියේ පදක්කමක් දිනාගැනීමෙ අපේක්ෂාවෙන්. තරගය පවතින අවස්ථාවේදී මා දුවන දිසාවට විරුද්ධ දශාවට සුළ`ග තිබුනා. එසේ නොවුවා නම් මට මීට වැඩිය ජයග‍්‍රහණයක් ලබා ගන්න තිබුණා” යයි ප‍්‍රදීප් සංජය තම ජයග‍්‍රහනය පිළිබදව අදහස් දක්වමින් පැවසීය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු තරගාවලියේදී සහ 2016 පැවැත්වීමට නියමිත ලෝක ශූරතාවලියෙන් රටට ජයග‍්‍රහන ලබා දීම තම අපේක්ෂාව බවද හෙතෙම පැවසීය.
දිවයිනට පැමිණි ප‍්‍රදීප් සංජයව පිළිගත් මව, බිරිඳ සහ පුත් පබසර කෞෂාන්
- ගුවන්තොටුපොළ දීපා අදිකාරි
(ඡායාරූප: දීපා අදිකාරි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.