Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය එන්න එන්නම උණුසුම් වන බව සැබෑය. එහි පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ඉන්දීය රසිකයන් වෙතය. මෙවර තරගාවලියේදී ඉන්දීය ක්‍රීඩා ලෝලීන් තුළ එරට ක්‍රීඩකයන්ට ඇති ආකර්ෂණය දිනෙන් දින ඉහළ යන බව පෙනෙන්නට තිබේ. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම අතර පැවති තරගයේදී ඉන්දීය නායක විරාට් කෝලිට මුහුණ දීමට සිදු වූ අපූරු සිදුවීම ඊට කදිම නිදසුනක් ලෙස හැඳින්විය හැකිය.
දිල්ලි සහ බැංගලෝර් තරගය එන්න එන්නම උණුසුම් විය. නායන විරාට් කෝලි සමග අනෙත් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටියේ දකුණු අප්‍රිකාණු ක්‍රීඩක ඒ.බී. ඩිවිලියස්ය. මෙවර තරගවාලියේ කෝලිගේ බැංගලෝර් පිළ සාර්ථක ගමනක් අරඹා නැතත් දිල්ලි කන්ඩායමට එරෙහිව මොවුන් දෙදෙනා ජයග්‍රණය සොයා ගියහ. තරගයේ ජයග්‍රහණය බැංගලෝර් පිළ වෙත හැරී අවසන්ය. කෝලි සමගින් ඩිවිලියස් දිල්ලි පන්දු යවන්නන් වෙත පහර පිට පහර එල්ල කළෝය.
ඒ අතරතුර කිසිවකු බලාපොරොත්තු නොවූ පරිදි විදුල වේගයක් මෙන් ක්‍රීඩාංගණය තුළට දිව ආ මිනිසෙක් කෝලි ඉදිරියේ ඇද වැටුනේ නරඹන්නන්ගේ අවදානය තමා වෙත නතුකර ගනිමිනි. එහෙත් ඒ වන විට තරගය අවසන් වි නොතිබිණ. කෝලිගේ සැබෑම රසිකයෙක් වූ ඔහුට කෝලි සමග ජායාරූපයක් ගැනීමට අවශ්‍ය විය. ක්‍රීඩාංගණය බාරව සිටි ආරක්ෂක නිලධාරීන් ඔහුව ක්‍රීඩාංගණයෙන් පිටතට රැගෙන ගියත්, ඔහු ඉදිරියේ හැසිරුණු කෝලිගේ විනය ගැනනම් කතා කළ යුතුමය.
තරගය අවසන් වීමටත් මත්තෙන් පිටියට පිවිසි ප්‍රේක්ෂකයාගේ විනය අසංවර වුවත්, ඔහු ඉදිරියේ හැසිරුණ කෝලිගේ විනය නම් ඉතා සංවරය. ප්‍රේක්ෂකයා සමග සුහදව කතා කළ කෝලි, ඔහුගේ ජායාරූප ගැනීමේ අවශ්‍යතාවයටද ඉඩ දුන්නේය. සියල්ල අවසානයේ බැංගලෝර් පිල කඩුලු 5 කින් තරගය ජය ගත්තේය.
මෙය ඉන්දියාවේ පවතින සුලභ සිදුවීමකි. ප්‍රේක්ෂකයන් ක්‍රීඩකයන්ට සලකන්නේ දේවත්වයෙන් බවට මෙය කදිම නිදසුනකි. මෙය එක් සිදු වීමක් පමණක් වුවත් මෙවන් සිදුවීම් ගණනාවකට මුහුණ දීමට ඉන්දියානු ක්‍රීඩකයන්ට සිදුව ඇත. විශේෂයෙන් ඉන්දියාවේ තරග පැවැත්වෙනවා නම් ක්‍රීඩකයන් මෙකී අවස්ථාවන්ට මුහුණ දීමේ බලාපොරොත්තු ඇතිව පිටියට පිවිසිය යුතුය. මන්ද කුමණ මොහොතේ කවුරුන් ඔවුන් වෙත එන්නේ දැයි ඔවුහූ නොදන්නාහ. මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය තුළදීම මෙවන් අවස්තා කිහිපයට මුහුණ දීමට ඉන්දීය ක්‍රීඩකයන්ට සිදු වූහ. අනපේක්ෂිත ලෙස මහේන්ද්‍ර සිං දෝනි සහ අජන්ක්‍යා රහනේද කෝලි මෙන්ම මෙවැනි අවස්ථාවන්ට මෙවර මුහුණ දුන්හ.
කෝලි, දෝනි මෙන්ම සචින් ටෙන්ඩුල්කාර්, රාහුල් ද්‍රාවිඞ් සහ සෞරව් ගංගුලි වැනි හිටපු ඉන්දීය ක්‍රීඩකයන්ද මෙවැනි අවස්ථාවලට මුහුණ දුන්නේ මීට පෙරදීය. එහිදී ක්‍රීඩකයන්ගේ හැසිරීම ඉතා වැදගත්ය. ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නම් ක්‍රීඩකයා මෙන්ම රසිකයාද විනයෙන් පෝෂිත විය යුතුය. කෝලිගේ චරිතය කලක් ලංකාවේ වැලලී ගිය චරිතයක් බවට පත් වූයේ ඔහුගේ හැසිරීම නිසාය. නමුත් කාලයත් සමග ඔහු සිය චරිතය ගොඩ නගා ගත්තේය. එබැවින් අද ලෝකයක් කෝලිට ආදරය කරති. ඔහු ක්‍රිකට් වල සලකුණක් බවට පත් වී ඇත්තේ ඒ හේතුවෙනි.
- 024
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.