Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2019 මාර් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවසන් (සිව්වැනි) අදියරේ විශ්මිත හඹා යාමකින් මිශ්‍ර සහය (අදියර 4ක එකතුව මීටර 1000 - පිරිමි) ඉසව්වේ රිදී පදක්කම (විනාඩි 1 තත්පර 55.04) හිමි කරගත් ශ්‍රී ලංකාව  ‘හොං කොං හිදී අද (17 වැනිදා) නිමාවට පත්වූ තෙවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රිදී පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. කෙසේ වුවත් ශ්‍රී ලංකාව අපේක්‍ෂිත පදක්කම් කරා ළඟාවීමට මෙවර අපොහොසත්වූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගේ කණ්ඩායමක් තරගාවලියට සහභාගි කරමිනි.

මීටර 400 (පිරිමි) ඉසව්වේ සිට මෙතෙක් හොඳම දක්‍ෂතාවය පළ කළ නවිෂ්ක සන්දීෂ් තත්පර 48.26 කට රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ සිසුවෙකු වන ඔහු මෙවර ආසියානු යොවුන් තරගාවලියේ වඩාත්ම කැපී පෙනුණු ක්‍රීඩකයා බවට පත්වූයේ ශ්‍රී ලංකාව දිනා ගත් මීටර 100x4 සහය දිවීමේ පිරිමි ඉසව්වේ සිව්වැනි අදියරේ කළ විශ්මිත ධාවනය හේතුවෙනි.

තරගාලියේ දෙවැනි අදියර නිමා වන විටත් ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී පසුවූයේ පස්වැනි ස්ථානයේය. එහෙත් සිව්වැනි (අවසන්) අදියරේදී යෂ්ඨිය අතට ගත් ඔහු මීටර 100ක් පුරා විශිෂ්ඨ ධාවනයක නිරතවෙමින් තරගය අවසන් කළේ ශ්‍රී ලංකාවට තරගයේ දෙවැනි ස්ථානය හිමිකර දෙමිනි.

හිරුෂ හෂාන් (මීටර 100), මලින්ද පෙරේරා (මීටර 200) හා ඉසුරු අබේවර්ධන (මීටර 100) පිළිවෙලින් එහි අනෙක් අදියර තුන නිමාවට පත් කළ ක්‍රීඩකයෝ වූහ.

මීටර 400  කඩුලු පැන දිවීමේ කන්තා ඉසව්වේදී ශ්‍රී ලාංකික ක්‍රීඩිකා මහනුවර විහාරමහාදේවි බාලිකාවේ අමේසා හෙට්ටිආරච්චි විනාඩි 1 තත්පර 1.42කට ලෝකඩ පදක්කමක් හිමිකර ගත්තාය.

 මීටර 100x4 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම ඊයේ දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායම විසිනි. ඒ විනාඩි 1 තත්පර 54.04 කටය. එහි කාන්තා ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානයෙන් (විනාඩි 2 තත්පර 15.29) සෑහීමට පත්වීමට සිදුවිය.

මීටර 200 කාන්තා ඉසව්වට තරග කළ ශ්‍රී ලංකාවේ සදීපා හෙන්ඩර්සන් (තත්පර 24.98) පස්වැනි ස්ථානයට පත්වූවාය. මීටර 800 ක්‍රීඩිකා ෂානිකා ලක්‍ෂානි (විනාඩි 2 තත්ත්පර 14.25) සිව්වැනි ස්ථානයටද පත්විය.
චීනය රන් පදක්කම් 12ක්, දිනා ගනිමින් මෙවර තරගාවලියේ ජයග්‍රාහකයා බවට පත්විය.


අදහස් (0)

විස්මිත හඹායාමකින් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.