Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ (28 වැනිදා) පැවැති තරගයේදී විනය විරෝධි ලෙස හැසිරීම හේතුවෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට සිය තරග ගාස්තුවෙන් 15% ක දඩයක් නියම කිරීමට අයි.පී.එල්. සංවිධායකයන් පියවර ගෙන තිබේ.
ඊයේ පැවැති තරගයේදී හැරී ගර්නිගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් අනතුරුව සිය පිත්තෙන් කඩුල්ලට පහරදීම ශර්මාට එරෙහිව මෙලෙස දඩ නියම කිරීමට හේතු වී තිබේ. එය අයි.පී.එල්. විනය නීති මාලාවේ 2.2 වගන්තිය යටතේ පළමු කාණ්ඩයේ වරදක් ලෙස සටහන් වේ.
ලකුණු 233 ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි රෝහිත් ශර්මා, හතරේ පහර 3 ක් සමගින් සාර්ථක ආරම්භයක් ලබාගත්තද, ඉන් අනතුරුව හැරී ගර්නිගේ පන්දුවක් පාදයේ වැදීම නිසා ඔහු කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය ක්‍රීඩකයකු ලෙස නම් කෙරිණ.
එම අවස්ථාවේදී විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ලබාගත් ශර්මාට දැවීයෑමට අදාල පුණුරූපන තිරයේ දිස්වන අවස්ථාවේදී දැකගත හැකි වූයේ පන්දුව යාන්තමින් පා ඉන්නේ වදින ආකරයයි. එම සිදුවීමෙන් අනතුරුව කෝපයට පත්ව විනිසුරුවරයා සමග යම් බහින් බස්වීමකද නිරත වූ ශර්මා, ආපසු ක්‍රීඩාගාරය වෙත ගමන් කළ මොහොතේදී කඩුල්ල වෙත සිය පිත්තෙන් පහරක් ගැසුවේය.
ඉන් පසුව ප්‍රවේගකාරී පිතිහරඹක නිරත වූ හර්දීක් පාණ්ඩ්‍යා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පන්දු 34 කදී හයේ පහර 9 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 91 ක් රැස්කළද, ඔහුට සිය පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.
මේ වන විට තරග 12 කට සහභාගී වී තරග 7 ක් ජයගෙන ප්‍රසාද ලකුණු 14 ක් ලබා සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට පිවිසීමට නම් තවත් තරගයක් ජයගත යුතුව තිබේ. ඔවුන් සහභාගි වන ඉතිරි තරග 2 සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.