Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී 12 වැනි වරට පැවැති ‘විජයබාහු සුපර්ක්‍රොස් 2014’ යතුරුපැදි තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ජපන් ජාතික ටොමායා සුසුකි සමත්විය.
ශී‍්‍ර ලංකා යුද හමුදාවේ විජයබාහු රෙජිමේන්තුව, ශී‍්‍ර ලංකා යතුරුපැදි කී‍්‍රඩා සමාජය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලියේ, ප්‍රධානම යතුරුපැදි තරගය ලෙස පැවති එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරග 2 ම විශිෂ්ට ලෙස ජයගනිමින් ටොමායා සුසුකි එම සම්මානයට හිමිකම් කීවේය. තරගාවලිය පුරාම ඔහුට තරගයක් දීමට අන් කිසිදු තරගකරුවකු සමත් නොවීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙහිදී කී‍්‍රඩකයක් වාර්තා කළ දිගම පිම්මේ වාර්තාවද තමන් සතුකර ගැනීමට ටොමායා සුසුකි සමත්වූ අතර එය අඩි 110 ක දුරකින් සමත්විත විය.
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරග දෙකේ දෙවැනි සහ තෙවැනිි ස්ථාන සඳහා ඉන්දීය යතුරුපැදිකරුවන් දෙදෙනා සහ දේශීය ප්‍රධාන පෙළේ යතුරුපැදිකරුවන් අතර ඉතා තියුණු තරගයක් පැවැත්විණ.
එහිදී විජයබාහු රෙජිමේන්තුව නියෝජනය කළ සමීර පේ‍්‍රමරත්න පළමු තරගයේ දෙවැනි ස්ථානයත්, දෙවැනි තරගයේ සිව්වැනි ස්ථානයත් දිනාගත්තේය. ඉන්දීය ජාතික කේ. පී. අරවින්ද් පළමු තරගයේ තෙවැනි ස්ථානයටත්, දෙවැනි තරගයේ දෙවැනි ස්ථානයටත් පත්වූ දෙවැනි තරගයේ තෙවැනිි ස්ථානය අනෙක් ඉන්දීය යතුරුපැදිකරුවා වූ හරිත් නෝවාට හිමි විය.
කෙසේ වුවත් මෙම තරගාවලියේදී ගයාන් සඳරුවන්, ෂෙහාන් සී. අධිකාරි, දේෂාන් සොලංකි, රුමීෂ බුල්ජන්ස් වැනි ප්රමුඛ පෙළේ දේශීය යතුරුපැදිකරුවන් කිහිපදෙනෙකුටම තම සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි විය. එහිදී තරග අතරතුර ඇතැම් තරගකරුවන් කිහිප වතාවක්ම ධාවන පථය මත ඇද වැටුණ අයුරුද දැකගත හැකිවිය.
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (ස්ටී්රට් ටේ්රල්) තරග 2 ම ජයගැනීමට ලහිරු ජීවන්ත සමත්වූයේ සම්පත් කුමාර, ප්‍රභාත් සේනාධිපති සහ ආර්. එම්. සෆ්රාස් වැනි එම ඉසව්වේ ප්‍රබල තරගකරුවන් පසුපසට ඇද දමමිනි.
සන්ද්ධ සේවා නියෝජනය කළ තරගකරුවන් සඳහා පැවති ‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය ජය ප්‍රසාත් එදිරිසිංහටත්, දෙවැනි තරගයේ ජය සමීර පේ්රමරත්නටත් හිමිවිය.
වයස අවුරුදු 13 න් පහළ ළමුන් සඳහා පැවැති තරගය ජය ගැනීමට වෙනුෂ්ක සිල්වා සමත්වූ අතර වයස අවුරුදු 10 න් පහළ ළමුන් සඳහා පැවැති තරගය ජය ගැනීමට තාරුක රුමීෂ සමත්විය.
මෙම තරගාවලියේදී දිවයිනේ ප්‍රථම වරට යතුරුපැදි කණ්ඩායම් තරගයක්ද පැවැත්වූණ අතර නිහාල් විජේරත්න, හසිඳු ගුණසේකර, සමීර පේ‍්‍රමරත්න සහ ටොමායා සුසුකි නියෝජනය කළ ‘කොළ’ කණ්ඩායම එහි ජය වාර්ථා කළේය. ප්‍රසාත් එදිරිසිංහ, තාරක වික්‍රමාරච්චි, ෂෙහාන් සී. අධිකාරි සහ ගයාන් සඳරුවන් නියෝජනය කළ ‘දුඹුරු’ කණ්ඩායමට එහි දෙවැනි ස්ථානය දිනාගත්තේය.
යතුරුපැදි තරග 12 කින් සමන්විතවූ මෙම තරගාවලියට යතුරුපැදිකරුවන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගිවූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස කී‍්‍රඩා යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සහභාගි විය.
තරග ප්‍රතිඵල
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි තරගය
1 නිහාල් විජේරත්න
2 සමන් කරුණාරත්න
3 අමිත් සංජීව
ජේ. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි තරගය (වයස අවුරුදු 13 න් පහළ)
1 වෙනුෂ්ක සිල්වා
2 භානුක රත්නායක
3 ශවිඳු ෂෙනාල්
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 100 සිට 125 දක්වා) රේසිං යතුරුපැදි තරගය
1 සමීර පේ‍්‍රමරත්න
2 ෂෙහාන් සී. අධිකාරි
3 මිතුන් ජයසංක සිගේරා
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 ජැක් ගුණවර්ධන
2 තාරක වික්‍රමාරච්චි
3 හසිඳු ගුණසේකර
ජේ. කාණ්ඩයේ (සි. ධා. 50 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි (වයස අවුරුදු 10 න් පහළ)
1 තාරුක රුමීෂ
2 නිසල ජයසුන්දර
3 කේසර ගොඩගේ
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය
1 ටොමායා සුසුකි (ජපානය)
2 සමීර පේ‍්‍රමරත්න
3 කේ. පී. අරවින්ද් (ඉන්දියාව)
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (සන්නද්ධ සේවා)
1 ප්‍රසාත් එදිරිසිංහ
2 මධුර පීරිස්
3 නිහාල් විජේරත්න
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි පළමු තරගය (ස්ටී්රට් ටේ්රල්)
1 ලහිරු ජීවන්ත
2 සම්පත් කුමාර
3 ප්‍රභාත් සේනාධිපති
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 85 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි පළමු තරගය (වයස අවුරුදු 16 න් පහළ)
1 ජැක් ගුණවර්ධන
2 බිනුල කිතලගම
3 කසුන් වික්‍රමාරච්චි
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (සන්නද්ධ සේවා)
1 සමීර පේ‍්‍රමරත්න
2 සුදේෂ් නිලංග
3 නිහාල් විජේරත්න
‘එම්’ කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) සාමන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි දෙවැනි තරගය (ස්ටී්රට් ටේ්රල්)
1 ළහිරු ජීවන්ත
2 ප්‍රභාත් සේනාධිපති
3 ආර්. එම්. ශෆ්රාස්
එම්. එක්ස්. කාණ්ඩයේ (සි. ධා. 125 සිට සි. ධා. 250 දක්වා) මොටෝක්‍රොස් යතුරුපැදි දෙවැනි තරගය
1 ටොමායා සුසුකි (ජපානය)
2 කේ. පී. අරවින්ද් (ඉන්දියාව)
3 හරිත් නෝවා (ඉන්දියාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.