Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විදූෂා ලක්ෂානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

විදූෂා ලක්ෂානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තේරීම් තරගාවලියේදී කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට මීගමුව නිවිස්ටඞ් බාලිකා විදුහලේ විදූෂා ලක්ෂානි අද (9 වැනිදා) සමත් වූවාය.

මීටර් 13.22 ක දක්ෂතාවක් දක්වමින් ඇය එම වාර්තාවට හිමිකම් කී අතර එහි පැරණි වාර්තාව මීවර 13.15 ක දක්ෂතාවක් දැක්වූ එන්. සී. ඞී. පි‍්‍රයදර්ෂණී සතු වූවාය.

අද දිනයේදී පැවැති සියලූ අවසන් මහ තරග වල ප‍්‍රතිඵල පහත දැක්වේ. හෙට (10 වැනිදා) තරගාවලියේ අවසන් දිනයයි.

 

මීටර් 10000 (පිරිමි)
1 එන්. එම්. නවසිංහ (ගුවන් හමුදාව) - විනාඩි 31:37.13
2 එම්. සිවරාජන් (ගුවන් හමුදාව) - විනාඩි 31:37.96
3 ඩබ්ලිව්. එම්. අබේරත්න - විනාඩි 31:39.79

මීටර් 5000 (කාන්තා)
1 එච්. ඒ. හේමමාලි (පොලිසිය) - විනාඩි 16:42.36
2 එස්. ඒ. ලමාහේවගේ (නාවික හමුදාව) විනාඩි - 16:43.99
3 ඞී. පී. මධුෂිකා (යුද හමුදාව) - විනාඩි 17:45.47

රිටි පැනීම (පිරිමි)
1 කේ. ඒ. සේනාරත්න (යුද හමුදාව) - මීටර් 4.30
2 කේ. කන්තීපන් (ගුවන් හමුදාව) - මීටර් 4.30
3 චින්තක දිනේෂ් (යුද හමුදාව) - මීටර් 4.20

යගුළිය විසිකිරීම (පිරිමි)
1 ඒ. ජේ. ඞී. පෙරේරා (නාවික හමුදාව) - මීටර් 14.65
2 ඉසෙඞ්. එම්. ආසික් (යුද හමුදාව) - මීටර් 13.56
3 සමිත් ජයවර්ධන (යුද හමුදාව) - මීටර් 13.49

කවපෙත්ත විසිකිරීම (පිරිමි)  
1 කේ. ජී. ජයවර්ධන (නාවික හමුදාව) - මීටර් 40.53
2 ඒ. පී. ටී. ජයතිලක (යුද හමුදාව) - මීටර් 39.21
3 ඊ. කේ. එම්. සම්පත් (ගුවන් හමුදාව) - මීටර් 39.09

කවපෙත්ත විසිකිරීම (කාන්තා)
1 පී. ඒ. පෙරේරා (නාවික හමුදාව) - මීටර් 38.07
2 අමන්ති සිල්වා (ට‍්‍රැක් මාස්ටර්ස් කී‍්‍රඩා සමාජය) - මීටර් 37.43
3 ඊ. පී. නිල්මිනි (යුද හමුදාව) - මීටර් 35.47

මීටර් 200 (පිරිමි)
1 එම්. වී. එස්. ද සිල්වා (යුද හමුදාව) - තත්පර 21.22
2 ඒ. ආර්. එම්. රාජස්ඛාන් (යුද හමුදාව) - තත්පර 21.25
3 පී. එස්. සී. නදීෂාන් (ගුවන් හමුදාව) - තත්පර 21.94

මීටර් 200 (කාන්තා)
1 එච්. ඞී. එල්. ප‍්‍රනාන්දු (ගුවන් හමුදාව) - තත්පර 25.34
2 ඒ. ජී. කරුණාතිලක (යුද හමුදාව) - තත්පර 25.36
3 එම්. එච්. එන්. හේරත් (නාවික හමුදාව) - තත්පර 25.87

තුන් පිම්ම (පිරිමි)
1 අයි. ඞී. ජයසිංහ (යුද හමුදාව) - මීටර් 16.02
2 දිනේෂ් ප‍්‍රනාන්දු (යුද හමුදාව) - මීටර් 15.93
3 සී. ජී. සෙනෙවිරත්න (ගුවන් හමුදාව) - මීටර් 15.38

රිටි පැනීම (කාන්තා)
1 කේ. ඒ. පෙරේරා (ගුවන් හමුදාව) - මීටර් 3.30
2 ජේ. අනීතා (යාපනය දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමය) - මීටර් 3.20
3 එස්. ඞී. රණසිංහ (ගුවන් හමුදාව) - මීටර් 2.90

මීටර් 100 කඩුලූ පැන දිවීම (කාන්තා)
1 ආර්. ඒ. රාජසිංහ (යුද හමුදාව) - තත්පර 14.89
2 ඞී. පී. මොහොට්ටාල (ගුවන් හමුදාව) - තත්පර 15.51
3 ඞී. එස්. ඩබ්ලිව්. මහලියන (ගුවන් හමුදාව) - තත්පර 15.65

හෙල්ල විසිකිරීම (කාන්තා)
1 නදීකා ලක්මාලි (යුද හමුදාව) - මීටර් 56.69
2 කේ. ඒ. සිල්වා (නාවික හමුදාව) - මීටර් 48.68
3 එච්. එල්. ලේකම්ගේ (යුද හමුදාව) - මීටර් 45.95

තුන් පිම්ම (කාන්තා)
1 විදූෂා ලක්ෂානි (මීගමුව නිව්ස්ටඞ් බාලිකා විදුහල) - මීටර් 13.22
2 ඞී. එච්. ඒ. වීරසේකර (යුද හමුදාව) - මීටර් 12.14
3 කේ. ඒ. ටී. ලක්ෂානි (ගුවන් හමුදාව) - මීටර් 12.00

බාධක දිවීම (පිරිමි)
1 කේ. ඒ. එස්. පුෂ්පකුමාර (යුද හමුදාව) - විනාඩි 9:10.35  
2 සමරජීව ලක්මාල් (යුද හමුදාව) - විනාඩි 9:19.41
3 එන්. ජී. සී. ප‍්‍රනාන්දු (ගුවන් හමුදාව) - විනාඩි 9:28.35
 
බාධක දිවීම (කාන්තා)
1 ඩබ්ලිව්. පී. දුලක්ෂි (ගුවන් හමුදාව) - විනාඩි 10:37.18
2 යූ. කේ. එන්. රත්නායක (යුද හමුදාව) - විනාඩි 10:44.85
3 එච්. එච්. ඩබ්ලිව්. කුමාරි (නාවික හමුදාව) - විනාඩි 11:09.32


අදහස් (0)

විදූෂා ලක්ෂානිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.