Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය ඉරිදා

විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය ඉරිදා

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යුද හමාදාවේ විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි කරුවන්ගේ සංගමය සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කරන ‘විජයබාහු මොටෝක්‍රොස්’ යතුරුපැදි තරගාවලිය අනිද්දා (26 වැනිදා) පෙරවරු 9.00 සිට කුරුණෑගල, බෝයගනේ විජයබාහු රෙජිමේන්තු ධාවන පථයේදී පැවැත්වේ.

දක්ෂතම යතුරුපැදිකරුවා තෝරාගැනෙත තරග 2 ද සමගින් ඉසව් 14 ක් මෙවර  තරගාවලියට ඇතුළත් වන අතර ඒ සඳහා යතුරුපැදිකරුවන් 80 කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය.

ඉකුත් වසරේ (2015) පැවැති තරගාවලියේ දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගත් ජපන් ජාතික තොමෝයා සුසුකි මෙවර තරගාවලියට සහභාගි වන එකම විදෙස් තරගකරුවා බවට පත්සිටියි.

විජයබාහු ධාවන පථය කිලෝ මීටර් 2.1 ක දුරකින් යුක්ත වන එය හැරවුම් (වංගු) 13 කින් සහ පිමි 24 කින් සමන්විත වේ.

තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා කුසලාන සහ සහතික පත් පිරිනැමෙන අතර පළමු ස්ථාන සඳහා රුපියල් 25,000 ක්, දෙවැනි ස්ථාන සඳහා රුපියල් 15,000 ක්, තෙවැනි ස්ථාන සඳහා රුපියල් 10,000 ක්ද බැගින් මුදල් ත්‍යාග ලබාදීමටද සංවිධායකයෝ සූදානමින් සිටිති.

මෙතෙක් පැවැති තරගාවලි 13 න් හතරකදීම දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගැනීමට ගයාන් සඳරුවන් සමත් විය. නලින් පෙරේරා, ආනන්ද වෙඩිසිංහ සහ තොමෝයා සුසුකි, දෙවතාවක් බැගින් දක්ෂතම යතුරුපැදිකරුවා ලෙස සම්මාන දිනාගෙන තිබේ.

තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස සියැට් සමාගම කටයුතු කරන අතර සිංගර්, බ්‍රවුන්ස්, අලියා සිසිල් බීම යන සමාගම් එහි සම අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරයි.

 

සියැට් සමාගම නියෝජනය කරමින් එහි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ශිවාන් ජයසූරිය මහතා, විජයබාහු රෙජිමෙන්තු අධිපති මේජ්ර් ජෙනරාල් කාවින්ද ගුණවර්ධන මහතාට අනුග්‍රාහක චෙක්පත ප්‍රධානය කළ අයුරු... ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි කරුවන්ගේ සංගමයේ සභාපති උපාලි දසනායක මහතාට ඡායාරූපයේ සිටියි.

(ඡායාරූපය - ශානුක අරවින්ද)


 

 

 

 

 


අදහස් (0)

විජයබාහු මොටෝක්‍රොස් තරගාවලිය ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.