Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුරයේ සිට මහනුවර දක්වා කිලෝමීටර් 127ක දුරක් පැවැති ටෙලිකොම් පාපැදි සවාරියේ ඊයේ (29) පැවති අදියර 3 තරගය ජය ගැනීමට වරාය අධිකාරියේ විරාත් රමේෂ් සමත් විය. තරගයේ අවසන් ප්‍රතිඵලයත් සමඟ සමස්ත තරගයේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට යුද හමුදා ක්‍රීඩක එරික් ප්‍රනාන්දු සමත් විය.
විරාත් රමේෂ් පැය 3 විනාඩි 16 තත්ත්පර 09 කින් තුන්වැනි අදියර නිමා කළේය. කිලෝමීටර් 780 කින් සමන්විත අදියර 5 ක් ඔස්සේ ඇදෙන ටෙලිකොම් පාපැදි සවාරිය හෙට (31) මඩකලපුව නගරයෙන් නිමාවට පත් වීමට නියමිතය.
තරගයේ පළමු අදියර (රත්මලානේ සිට මාතර දක්වා කිලෝමීටර් 150.7) ජයගත් නවින් රුචිරට මෙන්ම දෙවැනි අදියර (දෙවුන්දර සිට රත්නපුරය දක්වා කිලෝමීටර් 150) ජයගත් නිශාන්ත පෙරේරාට අද තෙවැනි අදියර තරගයේ මුල්පෙලේ ස්ථාන හිමි නොවීය.
ඊයේ විශේෂ සිදුවීම වූයේ තරග ආරම්භය පස්වරු 1 දක්වා ප්‍රමාද කිරීමය. ඊට හේතුවූයේ පෙරවරුවේ සිට ගමන් ආරම්භ කළ ඒකාබද්ධ විපක්‍ෂයේ පාද යාත්‍රාව කෑගල්ල නගරයට ළඟාවීමට නියමිතව තිබූ බැවිනි. එම මාර්ගයම ඔස්සේ තෙවෙනි අදියර තරගය ගමන් ගැනීමට සූදානම් කර තිබූ බැවින් මෙසේ තරගය ප්‍රමාදවී ආරම්භ කිරීමට සංවිධායකයෝ කටයුතු කළහ.
තුන්වැනි අදියර තරගයේ ප්‍රතිඵලයට අනුව මෙවර තරගයේ කඳු නැගීමේ ශූරයාට හිමි ශූරතාවත් එම තරගය ජයගත් විරාත් රමේෂ්ටම හිමිවිය. අදියර තුනක තරග නිමාව හමුවේදී සාග් රන්පදක්කම් ලාභී ජීවන් ජයසිංහ සමස්ත තරගයේ සිය තුන්වැනි ස්ථානය තවදුරටත් තහවුරු කර ගෙන තිබුණි.
වරාය අධිකාරියේ විරාත් රමේෂ් සාග් පාපැදි සංචිතයටද ඇතුළත්ව සිට මීට පෙරත් ප්‍රධාන පෙලේ පාපැදි තරග කීපයක් ජයගත් අයෙකි. කඩුගන්නාව කන්ද තරණය කිරීම ආරම්භ කිරීමෙන් පසුව ඊයේ තරගයේ පළමු වතාවට තරගකරුවන්ගේ විසිර යාම ආරම්භ විය.
පැය 10 විනාඩි 29 තත්ත්පර 29ක කාලයක් ඊයේ වන විට මුළු තරගයේ ධාවනයට වැය කරමින් එරික් ප්‍රනාන්දු තවදුරටත් පෙරමුණේ පසුවීමට සමත්විය.
තරගයේ සිව්වනි අදියර අද (30 වැනිදා) පෙරවරු 10 මහනුවර දළදා වීදියෙන් ආරම්භ වේ. එය අනතුරුව ගලගෙදර, කුරුණෑගල, වාරියපොල, ගල්ගමුව, තඹුත්තේගම හරහා කිලෝමීටර 149ක් ගෙවමින් අනුරාධපුරය නගරයට ළඟාවේ.
අනිද්දා (31) ටෙලිකොම් පාපැදි සවාරිය නිමාවට පත් වන්නේ මඩකලපුව නගරයට ළඟා වීමෙනි. එය අර්ධ අදියර දෙකකින් සිදු කෙරේ. පළමු අර්ධ අදියර අනුරාධපුරයේ සිට පොළොන්නරුව දක්වා පැමිණ කිලෝමීටර් 92 ක් දක්වා අවසන් කෙරේ.
දෙවැනි අර්ධ අදියර එතැන් සිට මඩකලපුව නගරයට ළඟා වන්නේ සමස්ත තරගයේ නිමාවද සටහන් කරමිනි. එහි මුළු දුර කිලෝමීටර් 106 කි.
පළමු අර්ධ අදියර හෙට පෙරවරු 8.30 ටද දෙවැනි අර්ධ අදියර හෙට පස්වරු 2.00 ටද ආරම්භ කෙරේ. එසේ අවසන් අදියර කොටස් දෙකකින් පැවැත්වෙන්නේ තරගකරුවන්ට විවේකයක් ලබාදීමේ අටියෙනි. සමස්ත තරගයේ ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක් ප්‍රදානය කෙරේ.
අද පැවැති අදියර 3 තගරයේ දෙවැනි ස්ථානය වරාය අධිකාරියේ කස්සප සිරිවර්ධන (පැය 3 විනාඩි 16.9) හා තෙවැනි ස්ථානය නාවික හමුදාවේ ජනක හේමන්ත කුමාර (3.16.9) හිමි කර ගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.