Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාපන්දු ලීග (සංගම්) 65 කට අයත් ක්‍රීඩා සමාජ හා කණ්ඩායම් 671 ක් සහභාගි වන අන්තර් සමාජ කාගිල්ස් ෆුඞ් සිටි එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය මෙවර විදේශීය ක්‍රිඩකයන්ට තහනම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.
දේශීය ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාව ලබාදීමටත් දේශීය ප්‍රධානතම පිළිමළුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලියේ ජීව ගුණය වඩාත් තහවුරු කිරීම සඳහන් එම තීරණයට පැමිණි බව පාපන්දු සම්මේලනය කොළඹ පැවති මාධ්‍ය හමුවක දී අවධාරණය කර සිටියේය.
මෙවර කාගිස් ෆුඞ්සිටි එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියට ඇතුළත් මුළු තරග 672 කි. ඊට එකතුවන ක්‍රීඩකයන්ගේ ගණන 16200 කි. විනිසුරුවන් හා තීරකවරුවන් 250 දෙනකුගේ සේවය ඒ සඳහා ලබා ගැනෙන අතර තරගාවලිය පුරා රාජකාරි කටයුතුවල නිරත වන නිලධාරින් ගණන 3360කි.
පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබෙන පරිදි අවසන් මහා තරග අප්‍රේල් 8 වැනිදාට පෙර පවත්වා අවසන් කෙරේ. ප්‍රබල කණ්ඩායම් 16 ක් තරගාවලියට කෙලින්ම අවසන් වටයේ සිට සුදුසුකම් ලබා ගැනීමට වරම් ලබයි.
එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියට සිව්වැනි වරටත් අනුග්‍රාහය දක්වන කාගිල්ස් ෆුඞ් සිටි ආයතනය වෙනුවෙන් එහි මෙහෙයුම් නිලධාරි ධම්මික ගුරුගේ මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට එම අනුග්‍රහය නිල වශයෙන් ප්‍රදානය කළ අයුරු.
පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරි සුමෙල් ජස්වර්, එහි මූල්‍ය කමිටුවේ සභාපති රංජිත් රුද්‍රිගු යන මහත්වරුද මෙහි වෙති.
අනුග්‍රහයෙනි
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.