Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාපන්දු නිලවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් 15 දෙනකුට එරෙහිව ගොනු වී තිබෙන විරෝධතා 23ක් සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳුදා (12) දක්වා කල් තැබීමට පාපන්දු නිලවරණ කමිටුව අද (9) තීරණය කළේය.
අද (9) පැය 5කට ආසන්න කාලයක් පුරා නිලවරණ කමිටුව හා විරෝධතා ඉදිරිපත්ව තිබෙන අපේක්‍ෂකයන් අතර පැවති සාකච්ඡා හා තරක විතර්ක වලින් පසුව නිලවරණ කමිටුව මෙම තීරණය ගෙන තිබේ.
එම විරෝධතා පිළිබඳව පැවති දීර්ඝ සාකච්ඡාවලින් පසුව නිලවරණ කමිටුවේ සභාපති ආර්.බී. වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත්තේ ඒ පිළිබඳව ලබන සඳුදා අවසන් තීරණය දැනුම් දෙන බවය.
එහිදී හෙළි වී ඇත්තේ පාපන්දු නිලවරණයේ තරග වදින ඇතැම් අපේක්‍ෂකයන්ට එරෙහිව අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් විරෝධතා එල්ල වී තිබෙන බවය.
එසේ අසත්‍ය කරුණු පදනම් කරගනිමින් සිය නාම යෝජනාවට එරෙහිව විරෝධතා ගොනු කිරීම පිළිබඳව අදහස් දක්වා තිබෙන ලේකම් ධූර අපේක්‍ෂක ටේරවෝ රෙකමන් මහතා පවසා ඇත්තේ ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ ඉලක්ක කරමින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නන්ට එය ඔප්පු නොවන අවස්ථාවල දී අවම රු. 50,000 දක්වා වන දඩ ගැසීමට තමන් ක්‍රීඩා ඇමැතිවරයාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බවයි.
ජාතික ක්‍රීඩා නව රෙගුලාසි අනුව මෙවැනි ජාතික ක්‍රීඩා සංගම්හි නාම යෝජනා ඉදිරිපත් වන අවස්ථාවල දී ඒ පිළිබඳව අවසන් තීරණයක් ගැනීම ක්‍රීඩා ඇමතිවරයාට පැවරෙන අතර එය අධිකරණයේ ප්‍රශ්න කළ නොහැකි තීන්දුවක් නොවනු ඇත.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය (2017- 21) ලබන ජුලි 1 වැනිදා පැවැත් වේ.
ඒ සඳහා ඉදිරිපත්ව තිබෙන නාමයෝජනා 15ක් සඳහා විරෝධතා 23ක් ඉදිරිපත්වන තිබේ. එහිදී පාපන්දු නිලවරණයේ සභාපති ධූරයට තරගවදින ප්‍රධාන අපේක්‍ෂකයන් තිදෙනා වන වත්මන් සභාපති අනුර ද සිල්වා හා එහි හිටපු සභාපති රංජිත් රුද්‍රිගු මහතා ඇතුළු තවත් අපේක්‍ෂකයන් තිදෙනෙකුට ද විරෝධතා ඉදිරිපත්ව තිබේ.
ඒ හැරෙන්නට තවත් ප්‍රධාන තනතුරු සඳහා තරග වදින අපේක්‍ෂකයන් ගණනාවකට ද විරෝධතා ගොනු වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.