විදුලිබල මණ්ඩලය-ගුවන් හමුදාව සුපර්ලීග් ශූරතා දිනති
ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහරගම ජාතික තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අද (18) අවසන් වු මංචි ජාතික ශූරතා සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනිීමට සමත් වූහ.
සුපර් ලීග් වොලිබෝල් පිරිමි අවසන් තරගයේදී විදුලි බල මණ්ඩල කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම තරග වට 3-0 කින් (ලකුණු 25-11, 25-16 සහ 25-20) පරදවා ශූරතාව දිනාගන්නා ලදි. කාන්තා අවසන් තරගයේදී ශ්‍රීලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම තරග වට 3-1 කින් (ලකුණු 21-25, 25-18, 35-33 සහ 25-15) පරදවා ශූරතා දිනාගත්තේය.
සුපර්ලීග් තරගාවලියට සමගාමීව අද (18) පෙරවරුවේ ආධුනික අංශයේ පිරිමි සහ කාන්තා වොලිබෝල් අවසන් තරග පැවැති අතර එහිදී ගාල්ලේ එස්.එල්.ඕ.සී. ක්‍රීඩා සමාජය සහ ගලිගමුව සිරි පැරකුම් ක්‍රීඩා සමාජය පිළිවෙළින් පිරිමි සහ කාන්තා ශූරතා දිනාගත්හ.
පිරිමි අවසන් තරගයේදී එස්.එල්.ඕ.සී. කණ්ඩායම විසින් තරග වට 3-2 කින් කුරුණැගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායමද (ලකුණු 22-25, 27-25, 18-25, 25-22 සහ 11-15), කාන්තා අවසන් තරගයේදී බෝයගම සිරි පැරකුම් ක්‍රීඩා සමාජය විසින් තරග වට 3-0 කින් මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජයද (ලකුණු 25-20, 25-21 සහ 25-18) පරාජය කරන ලදී.
විශේෂ දක්ෂතා - සුපර් ලීග් (පිරිමි)
දක්ෂතම ප්‍රහාරකයා - එම්.ජී.එම්. ප්‍රේමරත්න (විදුලිබල මණ්ඩලය)
දක්ෂතම ආවරණය කරන්නා - එස්.පී.ඒ.අයි. පතිරණ (විදුලිබල මණ්ඩලය)
දක්ෂතම ඔසවන්නා - පී.කේ. චතුරංග (විදුලිබල මණ්ඩලය)
දක්ෂතම පිටිය රකින්නා - ඒ.ඩබ්ලිව්. ලක්මාල් (විදුලිබල මණ්ඩලය)
දක්ෂතම පිරිනමන්නා - ඉසුරු මධුෂාන් (ශ්‍රී ලංකා යුද හමුදාව)
දක්ෂතම ලබාගන්නා - කේ.ඩී.එස්. විමලසේන (විදුලිබල මණ්ඩලය)
දක්ෂතම ක්‍රීඩකයා - ඩී. රොමේෂ් රණවක (විදුලිබල මණ්ඩලය)
සුපර් ලීග් (කාන්තා)
දක්ෂතම ප්‍රහාරිකාව - ඒ.එල්.ඒ.ඒ. සඳමාලි (ගුවන් හමුදාව)
දක්ෂතම ආවරණය කරන්නිය - ජේ.පී.ඒ. මදුරිකා (යුද හමුදාව)
දක්ෂතම ඔසවන්නිය - ඩබ්ලිව්.ඒ.ඩී. ජයතුංග (ගුවන් හමුදාව)
දක්ෂතම පිටිය රකින්නිය - ඩී.එම්.ටී.කේ. දිසානායක (යුද හමුදාව)
දක්ෂතම පිරිනමන්නිය - ඒ.එල්.ඒ.ඒ. සඳමාලි (ගුවන් හමුදාව)
දක්ෂතම ලබාගන්නිය - බී.එම්.එස්. මධුරංගා (ගුවන් හමුදාව)
දක්ෂතම ක්‍රීඩිකාව - ජේ.එච්.ඩී. ප්‍රසාදිනී (ගුවන් හමුදාව)
ආධුනික (පිරිමි)
දක්ෂතම පන්දු ඔසවන්නා - ජී.පී. දුෂ්‍යන්ත (එස්.එල්.ඒ.ඕ.එල්)
දක්ෂතම ප්‍රහාරකයා - ජේ.එච්. උදයන්ත (ගෝල්ඩර්න් ටයිගර්)
දක්ෂතම ක්‍රීඩකයා - පී.එච්.ජී. ආරියරත්න (එස්.එල්.ඒ.ඕ.එල්)
ආධුනික (කාන්තා)
දක්ෂතම පන්දු ඔසවන්නිය - එම්.පී.එස්.පී. විජේසිංහ (සිරි පැරකුම්)
දක්ෂතම ප්‍රහාරිකාව - එස්.ජී.ඩී.එච්. සේනාරත්න (සිරි පැරකුම්)
දක්ෂතම ක්‍රීඩිකාව - එච්.පී.එන්.එස්. ගුණවර්ධන (සිරි පැරකුම්)
- 100