Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ලෝක කුසලාන තරගාවලිය සඳහා යන ක්‍රීඩකයන් 15 දෙනා අතුරින් වනිඳු හසරංග ඉවත් කර දුෂාන් හේමන්ත ඇතුළත් කිරීමට අද (26 වැනිදා) දහවල් තීරණය කර තිබේ. ලෝක කුසලාන තරගාවලිය සඳහා කලින් තෝරාගත් ක්‍රීඩකයන් 17 දෙනා අතරට වනිඳු ඇතුළත් කර සිටි නමුත් අවසන් මොහොතේදී වනිඳු ඉවත්කර ඔහු වෙනුවට දුෂාන් හේමන්ත ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
දකුණතින් පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත ඉතාමත් දක්ෂ පන්දු රකින්නකු වන අතරම බලාපොරොත්තු තැබිය හැකි පසුපෙළ පිතිකරුවෙකි. කෙසේ වෙතත් තරගාවලිය අතරතුරදී ශ්‍රී ලංකා කණ්ඩායමට වෙනත් ක්‍රීඩකයකු ආදේශ කළ යුතු අවස්ථාවකදී, වනිඳු සුවය ලබා සිටියහොත් ඒ සඳහා වනිඳු පළමු තේරීම වනු ඇත.
ආබාධ වලින් සුවය ලබා සිටින ඩිල්ෂාන් මධුශංක අද රාත්‍රියේ පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙයි. එහෙත් පාදයේ කලව පසුපස මස්පිඬුව ඇදීමෙන් තවමත් සුවය ලබමින් සිටින මහීෂ් තීක්ෂණ පෙරහුරු තරග වලින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇත. වේග පන්දු යවන්නකු මෙන්ම පසුපෙළ පිතිකරුවකු ද වන චාමික කරුණාරත්න හදිසි අවස්ථාවකදී කණ්ඩායමට එක්වීමට සූදානමින් සිටී.
මාස එක හමාරක පමණ කාලයක් පුරා පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩකයන් ආබාධයන්ට ලක්වීම සාමාන්‍ය තත්ත්වයකි. එබැවින් තවත් ක්‍රීඩකයන් කිහිප දෙනකුම සූදානමින් තබාගෙන සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය.
ඇතැම් විට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය පවා තරගාවලිය අතර මැදදී වෙනස්වීමේ සම්භාවිතාවක් ද නැතුවාම නොවේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, දිමුත් කරුණාරත්න, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, කසුන් රාජිත, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ, ළහිරු කුමාර, දුෂාන් හේමන්ත
සූදානමින් සිටින ක්‍රීඩකයා
චාමික කරුණාරත්න
කෝලි Wednesday, 27 September 2023 08:54 AM
IPL එකට කලින් සනීප වුණා නම් ඇති මැණික...
Reply 0 0
S .M AROOS Wednesday, 27 September 2023 03:34 PM
වනිඳු ඕනේ...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.