Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් (එක්දින සහ විස්සයි-20) දෙකේම සිටින ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන වනිඳු හසරංග ටෙස්ට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඔහු ඒ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දන්වා ඇත. සීමිත ඕවර ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩි වැඩියෙන් නිරත වීම සඳහා තමන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව වනිඳු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
“අපි ඔහුගේ තීරණය පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම දෙකේදීම වනිඳු වැදගත් ක්‍රීඩකයකු වන බවත් අපට විශ්වාසයක් තිබෙනවා” යයි හසරංගගේ ලිපිය පිළිගනිමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය නිවේදනයකින් කියැවේ.
මේ දිනවල පැවැත්වෙන එල්.පී.එල්. තරගාවලියේදී බී-ලව් කැන්ඩි පිල මෙහෙයවන වනිඳු හසරංග, 2023 එල්.පී.එල්. තරග 8 කදී කඩුලු 11 ක් දවාගෙන තිබේ.
ඉතාමත් සාර්ථක ‘ගුග්ලි’ පන්දුවකට හිමිකම් කියන වනිඳු හසරංග, සිම්බාබ්වේ පිලට එරෙහිව ගාල්ලේදී පැවැති සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගත්තේය. ඔහු එම තරගයේදී ඕවර 2.4 ක් යවමින් ලකුණු 15 කට කඩුලු 3 ක් දවාගත්තේය. එතැන් සිට එක්දින තරග 48 කට ක්‍රීඩා කළ වනිඳු හසරංග ඒවායේදී කඩුලු 67 ක් දවාගෙන ඇති අතර විශ්වාසය තැබිය හැකි පසුපෙළ පිතිකරුවකු ද වෙයි. පන්දුවට පහර දෙන අවස්ථාවලදී, පන්දු යවන්නන්ට අන්ද මන්ද කරමින් හයේ පහර කිහිපයක් ගැසීමට ද ඔහුට ඇත්තේ මනා හැකියාවකි.
විස්සයි-20 අන්තර්ජාතික තරග 58 කට ක්‍රීඩා කර ඇති දකුණත් පා දඟ පන්දු යවන්නා ඒවායේදී දවාගත් කඩුලු සංඛ්‍යාව 91 කි. සියලුම ආකාරයේ විස්සයි-20 තරග 155 කදී වනිඳු විසින් දවාගන්නා ලද කඩුලු සංඛ්‍යාව 208 කි.
එසේ වුවත් වනිඳු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 4 දී ඕවර 112.2 ක් යවා ඇතත් ඔහු විසින් දවාගනු ලැබ ඇත්තේ කඩුලු 4 ක් පමණි. එම කඩුලු 4 දවාගැනීම සඳහා දී ඇති ලකුණු සංඛ්‍යාව 403 ක් වන අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 100.75 කි. ටෙස්ට් පිතිකරුවකු වශයෙන් ඔහුගේ හොඳම ඉනිම වන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී ලබාගත් ලකුණු 59 යි.
ටෙස්ට් පන්දු යවන්නකු වශයෙන් එතරම් සාර්ථක නොවූවත්, තවමත් 26 හැවිරිදි වනිඳු ලෝකය පුරාම පැවැත්වෙන විස්සයි-20 තරගාවලි සඳහා ක්‍රීඩා කරන්නෙකි.
මෙ වසර මුලදී පැවැති පාකිස්තානු සුපර් ලීග් තරගාවලිය සඳහා වනිඳු ‘ප්ලැටිනම්’ කාණ්ඩයේ ක්‍රීඩකයකු ලෙසින් වර්ගීකරණය කර තිබුණ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරය හේතුවෙන් පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට ඔහුට අවසර නොලැබිණ. පසුගිය මාසයේදී ඇමරිකාවේදී පැවැති ‘මේජර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ සූදානමින් සිටි නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් ඊට අවසර නොලැබීම නිසා අවසන් මොහොතේදී එයින් ඉවත් වීමට ද වනිඳුට සිදුවිය.
පළමු පෙළ තරග වලදීද ඔහුට ඇත්තේ තරමක් දුර්වල වාර්තාවකි. ඉනිම දෙකකින් සමන්විත පළමු පෙළ තරග 44 දී වනිඳු දවාගෙන ඇත්තේ කඩුලු 102 කි. සාමාන්‍ය වශයෙන් ඉනිමකදී කඩුලු 1.16 ක් හෙවත් ඉනිම 10 කට කඩුලු 16 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.