Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති ජාතික වොලිබෝල් ශූරතා මංචි කුසලාන සුපර් ලීග් කාන්ඩයේ අවසන් මහ තරගයේදී (2024) පිරිමි ශූරතාව වසර හයකට පසුව දිනා ගැනීමට වරාය අධිකාරිය සමත් විය.
එහෙත් එහිදීම පැවැති සුපර් ලීග් කාන්තා අවසන් මහ තරගයේදී වරාය අධිකාරී කණ්ඩායම පරාජයට පත් කරමින් පිට පිටම තෙවැනි වතාවටත් කුසලාන හිමි කර ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ජාතික වොලිබෝල් තරගමාලාවේ (2024) ප්‍රබලතම කාන්තා හා පිරිමි කණ්ඩායම් 17 ක් ගැටුණු සුපර් ලීග් කාණ්ඩයේ විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම්හි ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසකගේ නියෝජනයයි.
අවසන් වරට 2018 දී සුපර් ලීග් (පිරිම්) ශූරතාව දිනා ගැනීමෙන් පසුව වරාය අධිකාරිය එය මෙවර දිනා ගැනීමට සමත්වූ බව එහි නිත්‍ය පුහුණුකරු උදය රුක්මාල් මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
සිලෝන් (මංචි) බිස්කට් සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් පැවැති තරගාවලියේ සුපර් ලීග් ශූරතාලාභී කණ්ඩායම් සදහා රුපියල් 150000 බැගින් ත්‍යාග මුදල් ප්‍රදානය කෙරුණි.
ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න, සිලෝන් බිස්කට් සමාගමේ ප්‍රධාන විධායක නලින් කරුණාරත්න, මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මහ ලේකම් ඒ.එස්.නාලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අවසන් මහ තරග ප්‍රතිපල
කාන්තා අවසන් මහ තරගය : - ගුවන් හමුදා කණ්ඩායම ව්සින් වට 3/1කින් (25/12 - 25/20 - 14/25 - 25/19) වරාය අධිකාරී කණ්ඩායම පරාජය කරන ලදී.
විශේෂ සම්මාන - හොඳම ප්‍රහාරිකාව - 1: - වාසනා මධුමාලී (ගුවන්), හොඳම ප්‍රහාරිකාව - 2 : - දිනේෂා ප්‍රසාදිනී (ගුවන්), හොඳම මැද පෙළ ක්‍රීඩිකාව - 1 හා තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව : - චතුරිකා ගයානි රණසිංහ (ගුවන්), හොදම මැද පෙළ ක්‍රීඩිකාව - 2 : - ඩබ්.කේ.පී. හාෂිනී (ගුවන්), හොඳම පිටත පන්දු ප්‍රහාරකයා : - අමානී කෞෂල්‍යා (ගුවන්), හොදම පන්දු සකසන්නිය : -ජේ. ඩබ්.පී. තුෂාරි (ගුවන්), හොදම ලිබරෝ ක්‍රීඩකයා : -දිලූෂා සංජීවනී (වරාය අධිකාරිය)
තෙවැනි ස්ථානය : - යුද හමුදා කණ්ඩායම
පිරිමි අවසන් මහ තරගය - : වරාය අධිකාරී කණ්ඩායම විසින් වට 3 - 0 කින් විදුලි බල මණ්ඩල කණ්ඩායම (25/19 - 25/22 - 25/21) විදුලි බල මණ්ඩල කණ්ඩායම පරාජය කරන ලදී.
විශේෂ සම්මාන - හොඳම ප්‍රහාරකයා - 1: -ශෙහාන් ලක්ෂිත බන්ඩාර (විදුලි බල), හොඳම ප්‍රහාරකයා’ - 2 : - කවිදු පබසර චන්ද්‍රසිරි (වරාය අධිකාරීය), හොඳම මැද පෙළ ක්‍රීඩකයා - 1 : - රුමේෂ් දිසානායක (වරාය අධිකාරිය), හොඳම මැද පෙළ ක්‍රීඩකයා - 2 අයේෂ් දිල්හාන් පෙරේරා (විදුලි බල), හොඳම පිටත ප්‍රහාරකයා : -කවිෂ්ක ජයසුන්දර (වරාය අධිකාරීය), දක්ෂතම පන්දු සකසන්නා : - මලීෂ රවිෂාන් ජයවර්ධන (වරාය අධිකාරිය), හොඳම ලිබරෝ ක්‍රීඩකයා : -ශෙහාන් විමුක්ති සාගර (වරාය අධිකාරිය) හා තරගයේ හොදම ක්‍රීඩකයා : -ලසිදු මෙත්මල් වසන්තප්‍රිය (වරාය අධිකාරිය)
තෙවැනි ස්ථානය : - යුද හමුදා කණ්ඩායම
පිරිමි ශූරතාව දිනූ වරාය කණ්ඩායම
කාන්තා ශූරතාව දිනූ ගුවන් හමුදා කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.