Last Update  :  2024-10-18 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වසර පහකට පසුව ශ්‍රී ලංකාවට ජයක්
දකුණු ආසියානු පාපන්දු

වසර පහකට පසුව ශ්‍රී ලංකාවට ජයක්

editorial - 2024 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
(නාමල් පතිරගේ)

නේපාලයේ කත්මන්දු  නුවරදී අද (18) ආරම්හ වූ හත් වැනි දකුණු ආසියානු ( සාෆ්) පාපන්දු (කාන්තා) තරගාවලියේ මුහුණ දුන් සිය පළමු තරගයෙන් මාලදිවයින  ගෝල 1 - 0 කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකවෝ සමත් වූහ.

මෙය  ප්‍රසාද ලකුණු තුනක් ලබමින් ශ්‍රී ලංකාව තරගාවලියේ ඉදිරියට යාමට මග විවර කර ගත් අවස්ථාවක් ලෙස සැළකිය හැකිය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර පාපන්දු (කාන්තා)  පිටියේදී මෙලෙස ජයග්‍රහණයක් වාර්තා කරන්නේ වසර පහකට පසුවය.

වසර 2022  මාර්තු මාසයේ නේපාලයේ මෙම ක්‍රීඩාංගණයේදීම පැවැති පසුගිය සාෆ් තරගාවලියේදී ශ්‍රී ලංකාව  මේ ආකාරයෙන්ම මාලදිවයින  පරාජය (2 - 0) කිරීම ඔවුන්ගේ අවසන් ජාත්‍යන්තර කාන්තා පාපන්දු  තරග ජයග්‍රාහණයයි.

එතැන් සිට  පිට පිටම ජාත්‍යන්තර තරග හතක් පරාජයවීමෙන් පසුව ශ්‍රී ලංකා පාපන්දු  ක්‍රීඩිකාවෝ ඊයේ ජය වාර්තා කළහ.

ක්‍රීඩිකා ඉමේෂා මහමුතුකල තරගයේ 17 වැනි විනාඩියේදී වාර්තා කළ ගෝලය මෙම තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේය. ලෝක පාපන්දු  (කාන්තා) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 157 වැනි ස්ථානයේත් මාලදිවයින 161 වැනි ස්ථානයේත් ඊයේ වන විට පසු වූහ.

මෙම තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය සදුදා (21) භූතානයට එරෙහිව පැවැත්වේ.පසුගිය තරගාවලියේදී ශ්‍රී ලංකාව භූතානයට මුණ ගැසීමේදී ගෝල 5 - 0 කින් පරාජයවී තිබේ.

අද පැවැති මූලික වටයේ තවත්  තරගයකදී ඉන්දියාව  විසින් පාකිස්තානය ගෝල 5 - 2 කින් පරාජය කිරීමට සමත් විය.


අදහස් (0)

වසර පහකට පසුව ශ්‍රී ලංකාවට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.