Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වාර්තාගත ජයකින් පාකිස්තානය අවසන් තරගයට

වාර්තාගත ජයකින් පාකිස්තානය අවසන් තරගයට

ශනුක අරවින්ද - 2014 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 5 Comment
A A A

ආසියානු කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ බංග්ලාදේශය අතර මීර්පූර්හි ශ්රේ බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (04) පැවැති තරගයෙන් කඩුලූ 3 ක ජයක් ලැබූ පාකිස්තානු ක‍්‍රීඩකයෝ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූහ.

පාකිස්තානය තරග හතරෙන් තුනක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 13 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකාව සහභාගි වූ තරග තුනම ජය ලබා ප‍්‍රසාද ලකුණු 13 ක් හිමිකර ගනිමින් ශුද්ධ ලකුණු වේගය අනුව පළමු ස්ථානය හිමිකර ගනිමින් තරගයක් ඉතිරිව තිබියදී අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

පාකිස්තානය මෙම තරගයෙන් ජය ලැබීමත් සමග ඉන්දියාව හෙට (05) ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයෙන් අතිරේක ප‍්‍රසාද ලකුණ සමගින් ජය ලැබුව ද අවසන් මහා තරගයට පැමිණීමේ අවස්ථාව අහිමිවිය. 

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් මහ තරගය මේ මස 8 වැනිදා මීර්පූර්හිදී පැවැත්වේ.

පාකිස්තානු පිතිකරුවෝ ලකුණු 327 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 49.5 කදී කඩුලූ 7 ක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. මෙය පාකිස්තානය එක්දින තරගයකදී හඹාගොස් ජය ලැබූ ඉහළතම ලකුණු සංඛ්‍යාව වන අතර මීට පෙර 2007 වසරේ මොහාලිහිදී ඉන්දියාවට එරෙහිව ලකුණු 322 ක් හඹාගොස් ජය ලබා සිටියේය.

සහිඞ් අෆ්රිඩි මුහුණ දුන් පළමු පන්දු 9 යේදී ලකුණු 35 ක් (6,2,6,1,6,2,0,6,6) රැස් කරමින් බංග්ලාදේශ පන්දු යවන්නන් අසරණ කළේය. අෆ්රිඩි පන්දු 18 කදී අර්ධ ශතක සම්පූර්ණ කරමින් දෙවැනි වේගවත්ම එක්දින අර්ධ ශතකයේ ඔහුගේම වාර්තාව තෙවැනි වරටත් සම කළේය.

අෆ්රිඩි පන්දු 25 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය.

අහ්මඞ් ශෙෂාඞ්ගේ (103) ශතකය සහ ෆවාඞ් අලාම්ගේ (74) අර්ධ ශතකය නිසා පාකිස්තානු ඉනිම ශක්තිමත් විය.   

මොහොමඞ් අෆීෂ් ලකුණු 52 ක් ලබා පළමු කඩුල්ල ලෙස දැවී ගියේය. නායක මිස්බා උල් හක් (02) සහ ෂොයිබ් මක්ෂූඞ් (02) අසාර්ථක වීමෙන් ලකුණු 105 ට කඩුලූ තුනක් බවට පත්විය.

මෙම ලකුණු 326 බංග්ලාදේශය එක්දින ඉනිමකදී රැස්කළ ඉහළතම ලකුණු සංඛ්‍යාව ද වේ. බංග්ලාදේශය මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස 2009 වසරේ බුලවායෝහිදී සිම්බාබ්වේට එරෙහිව ලකුණු 320 ක් රැස්කර තිබුණි. බංග්ලාදේශය එක්දින තරගයකදී ලකුණු 300 සීමාව පසු කළ හයවැනි අවස්ථාව මෙය වේ.

බංග්ලාදේශ පිතිකරුවෝ අවසන්  ඕවර 10 කට ලකුණු 121 ක් රැස් කිරීම මෙහිදී කැපී පෙනුණි.

නායක මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 51) සහ තරග තුනක තහනමකට ලක්ව සිට මෙම තරගයට සහභාගි වූ සකීබ් අල් හසන් (නොදැවී 44) ඉනිමේ අවසන් පන්දු 34 දී ලකුණු 77 ක් රැස් කරමින් බංග්ලාදේශය උසවා තැබීමට සමත් වූහ.

මුෂ්ෆිකුර් රහීම් හතරේ පහර 8 ක් සමගින් පන්දු 33 කදී නොදැවී ලකුණු 51 ක් ද, සකීබ් අල් හසන් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමගින් පන්දු 16 කදී නොදැවී ලකුණු 44 ක් ද රැස් කළහ. මොමිනුල් හක් පන්දු 47 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 51 ක් රැස් කළේය.

ආරම්භක පිතිකරු එනමුල් හක් පන්දු 132 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 100 ක් රැස් කිරීමට සමත් විය. එනමුල් හක් සහ ඉම්රුල් කයිල් (59) ලකු-ණු 150 ක ආරම්භක සම්බන්ධතාවක් පවත්වමින් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට මග සකස් කළහ.

මෙහිදී පාකිස්තානු පිලේ ප‍්‍රබල පන්දු යවන්නන් වන සයිඞ් අජ්මාල්, සහිඞ් අෆ්රිඩි සහ උමාර් ගුල් ඇතුළු පන්දු යවන්නෝ දැඩි ප‍්‍රහාරයකට ලක්වූහ.

බීමර් පන්දු යැවීම නිසා බංග්ලාදේශ ඉනිමේ 11 වැනි  ඕවරය යැවීම ආරම්භ කළ පාකිස්තානු වමතින් පා දඟ පන්දු යවන අබ්දුර් රෙහෙමාන්ගේ පන්දු යැවීම අත්හිටුවීමට විනිසුරු තීරණය කළහ.

රෙහෙමාන්ගේ පළමු පන්දුව බීමර් පන්දුවක් මෙන්ම වයිඞ් පන්දුවක් ලෙස යැවීය. දෙවැනි සහ තෙවැනි පන්දු ද බීමර් ලෙස යොමු කිරීම නිසා පන්දු යැවීමෙන් ඉවත් කිරීමට සිදුවිය. තෙවැනි පන්දුවට එනමුල් හක් ලකුණු 4 ක් ලබා ගත්තේය. රෙහෙමාන් කිසිඳු පන්දුවක් නොයවා ලකුණු 8 ක් ලබා දුන් පන්දු යවන්නකු ලෙස ලකුණු පුවරුවට ඇතුළත්ව සිටියි.

පළමු වටයේදී ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අනිද්දා (06) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වේ.

බංග්ලාදේශ පිල  ඕවර 50 යේදී කඩුලූ 3 ට 326

(එනමුල් හක් 100, ඉම්රුල් කයිස් 59, මොමිනුල් හක් 51, මුෂ්ෆිකුර් රහීම් නොදැවී 51, ශකීබ් අල් හසන් නොදැවී 44, සයිඞ් අජ්මාල් 61/2)

පාකිස්තානු පිල  ඕවර 49.5 කදී කඩුලූ 7 ට 329

(අහ්මඞ් ශෙෂාඞ් 103, මොහොමඞ් අෆීෂ් 52, ෆවාඞ් අලාම් නොදැවී 74, සහිඞ් අෆ්රිඩි 59, මොමිනුල් හක් 37/2)

 

-048


අදහස් (5)

වාර්තාගත ජයකින් පාකිස්තානය අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.