Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැඩිම ත්‍යාග මුදල තරුෂිට - නුවන්ට

වැඩිම ත්‍යාග මුදල තරුෂිට - නුවන්ට

editorial - 2024 ජුලි මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ) 

රීඞ් මාවත ක්‍රීඩා  අමාත්‍යාංශයේදී පැවැති හංජෝ ආසියානු ක්‍රීඩා උලෙළේ හා එහි පැරා ක්‍රීඩා  උලෙළේ (2023) පදක්කම්ලාභීන්ට රුපියල්  දොළොස් කෝටි අසූ ලක්ෂයක මුදල් ත්‍යාග  ප්‍රදානය කිරීම ක්‍රීඩා  ඇමැති හරීන් ප්‍රනාන්දු  මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එහිදී වැඩිම ත්‍යාග  මුදල වන රුපියල්  එක් කෝටි  හැත්තෑ පන් ලක්ෂයක( 17500000) ක මුදලක් එහිදී හිමි කර ගත්තේ ක්‍රීඩා උලෙළේදී මීටර්  800 ( කාන්තා) ඉසව්වෙන් රන් පදක්කම හා මීටර්  4 x 400  (කාන්තා)  ඉසව්වේ රිදී පදක්කමක් දිනා ගත් ශ්‍රී  ලංකා කණ්ඩායමේ තරුෂි දිල්සරා කරුණාරත්න  විසිනි. 

හංජෝ පැරා ආසියානු  ක්‍රීඩා උලෙළේදී  මීටර්  100 (පිරිමි)  කාන්ඩයේ ඉසව්වකින්  රන් පදක්කමක් හා දුර පැනීම රිදී පදක්කමක් දිනූ නුවන් ඉන්දික එහිදී වැඩිම ත්‍යාග  මුදල ලෙස  රුපියල්  එක් කෝටි හතළිස්  ලක්ෂයක් හිමි කර ගත්තේය.හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් හංජෝ  ආසියානු ක්‍රීඩා රිදී  පදක්කම දිනූ නදීෂා දිල්හානි ලේකම්ගේ ලද ත්‍යාග  මුදල රුපියල්  කෝටියකි.

මෙහිදී ශ්‍රී  ලංකා පදක්කම්ලාභීන් ඇතුළු ඉසව් අට වැනි ස්ථානය දක්වා  (ඉසව්වේ අවසන් තරගයට තේරුණු)  ශ්‍රී  ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ත්‍යාග  මුදල්  ප්‍රදානය විය.

වැඩිම ත්‍යාග මුදලක් එහිදී ලබා ගත් පුහුණුකරු වූයේ තරුෂි කරුණාරත්නගේ පෞද්ගලික  පුහුණුකරු  ලෙස කටයුතු කරන සුසන්ත ප්‍රනාන්දු  මහතාය.එය ගණනින්  හතළිස්  තුන් ලක්ෂ හැත්තෑපන් දහසකි.

හංජෝ  ආසියානු  ක්‍රීඩා  උලෙළේදී මීටර්  4 ඥා 400 (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම දිනූ ශ්‍රී  ලංකා සහය දිවීමේ කණ්ඩායමේ  සෙසු ක්‍රීඩිකාවන් වූ නදීෂා රාමනායක,  ජයෙෂි උත්තරා හා සයුරි මෙන්ඩිස් ඇමැති  හරීන් ප්‍රනාන්දු  මහතා අතින් මෙහිදී ලබා ගත් ත්‍යාග  මුදල රුපියල් විසි පන් ලක්ෂයක් බැගින්ය.

මීටර්  4 x 400 (පිරිමි) සහය දිවීමේ ලෝකඩ පදක්කම ලද ශ්‍රී  ලංකා කණ්ඩායමේ  ක්‍රීඩකයන් වන කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පබසර නිකූ, රාජිත රාජකරුණා, දිනූක දේෂාන් හා පසිදු කොඩිකාරට හිමි වුණු ත්‍යාග  මුදලද රුපියල්  විසි පන් ලක්ෂයක් බැගිනි.

ඔවුන්ගේ පුහුණුකරුවන් වන විමුක්ති ද සොයිසා, සුනිල් ගුණවර්ධන, චන්දන අමරසිංහ, එස්. පී. ඩී. ද සිල්වා, හරිජන් රත්නායක, ඩිලාන් මෙන්ඩිස්,හා දමින්ද බන්ඩාර යන මහත්වරුන්ද එහිදී  රුපියල්  250000 සිට මුදල්  ත්‍යාග  ලැබූහ. 

ඒ අතර මීටර් 1500 (කාන්තා) ඉසව්වේ සිව් වැනි ස්ථානය  ලද ගයන්තිකා අබේරත්න ඇතුළුව අරුණ  දර්ශන (මීටර්  400 - සිව් වැනි ස්ථානය), නදීෂා  රාමනායක  එහි කාන්තා), සාරංගි සිල්වා (දුර පැනීම 6 වැනි ස්ථානය), කාලිංග  කුමාරගේ (මීටර් 400  -  වැනි ස්ථානය) යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රුපියල් ලක්ෂ 
පහක් බැගින් වන මුදලක්  බැගින්  ප්‍රදානය වූහ.

ඒ අතර ඔවුන්ගේ පුහුණුකරුවන් වන සජිත් ජයලාල්, අසංක  රාජකරුණා, ඩබ්.ජී.එම්. තුෂාර, වයී. කේ. කුලරත්න යන මහත්වරුන්ද  රුපියල්  250000 සිට මුදල් ත්‍යාග ලැබූහ. 

මේ අතර මීටර්  1500 ඉසව්වේ හංජෝ ආසියානු පැරා රන් පදක්කම දිනූ ප්‍රදීප් සෝමසිරි ඒ වෙනුවෙන්  රුපියල්  අනූ ලක්ෂයක ත්‍යාග  මුදලක් ලැබීය. එහිදී දුර පැනීම , හෙල්ල විසි කිරීම, මීටර් 100 හා පිහිනුම් (මීටර් 400) යන කාන්තා හා පිරිමි කාන්ඩයන්ගෙන් රිදී  පදක්කම්ලාභීන්  වූ සමිත දුලාන්, ජනනි ධනංජනා, අනිල් ප්‍රසන්න ජයලත්, ගලීනා බස්නායක රුපියල් මිලියන පහ බැගින් ත්‍යාග  මුදල්  ලැබූහ.

රන් පදක්කම්ලාභී නුවන් ඉන්දික ගේ පුහුණුකරු  වයී. කේ. කුලරත්න මහතාට ප්‍රදානය  වුණු මුදල රුපියල්  විසි එක් ලක්ෂයකි. එය මෙහිදී  පැරා ක්‍රීඩා  පුහුණුකරුවෙකු ලද වැඩිම ත්‍යාග  මුදලයි.

යගුලිය  විසි කිරීම  දුර පැනීම, මීටර් 400 හංජෝ  ආසියානු  පැරා ලෝකඩ පදක්කම් දිනූ පාලිත බන්ඩාර, කුමුදු ප්‍රියංකා, එන්.ආර්. රහීම් හා පිහිනුම්  ලෝකඩ පදක්කමක් ලද ඒ. එස්. සුබසිංහ රුපියල්  විසි ලක්ෂයක් බැගින්  වන ත්‍යාග  මුදලක්  ලදහ.

ඒ අතර ඔවුන්ගේ පුහුණුකරුවන්  වන රෝයි සමන්ත, සජිත්  ජයලාල් , ප්‍රදීප් නිශාන්ත, නලින්ද සෙනරත්, රෝහිත  ප්‍රනාන්දු , මනෝජ් අබ්සිංහ, ජූලියන් බෝලින්, ධනුෂ්ක  පෙරේරා , ඒ ආර්. රත්නායක, හා විමුක්ති  ද සොයිසා  යන මහත්වරුන් රුපියල්  දාහතර  ලක්ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදල්  ත්‍යාග  ලැබූහ.

ක්‍රීඩා  අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය  රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු  මහතාගේ අධීක්ෂණයෙන්  මෙම මුදල්  ත්‍යාග  ප්‍රදාන උත්සවය සංවිධානය කෙරුණි.


අදහස් (1)

වැඩිම ත්‍යාග මුදල තරුෂිට - නුවන්ට
  • Senarath Monday, 22 July 2024 08:55 AM

    ඉතාම හොඳ වැඩක්... ගොඩක් අමාරුකම් මැද්දේ පුහුණුවීම් කරලා රටට දිනාදුන්නු කීර්තිය වෙනුවෙන් මෙහෙම අගයකිරීම හොඳ වැඩක්..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.