Last Update  :  2025-03-09 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වැන්ඩසේ - රවිඳු එන්.සී.සී. ඉනිම වනසති
අන්තර් සමාජ පළමු පෙළ

වැන්ඩසේ - රවිඳු එන්.සී.සී. ඉනිම වනසති

editorial - 2025 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මේජර් ලීග් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ එන්.සී.සී. ක්‍රීඩා සමාජය අතර පැවැත්වෙන අවසන් මහ තරගයේ තෙවැනි දිනය වූ අද (7 වැනිදා) එන්.සී.සී. පළමු ඉනිම ලකුණු 312 කට සීමා කිරීමට බ්ලූම්ෆීල්ඩ් පන්දු යවන්නෝ සමත් වූහ.

එහිදී දක්ෂ පන්දු යැවීම්හි නිරත වූ ජෙෆ්රි වැන්ඩසේ ලකුණු 64 කට කඩුලු 4 ක්ද, රවිඳු ප්‍රනාන්දු ලකුණු 84 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින්  එන්.සී.සී. කණ්ඩායමට පළමු ඉනිමේ පරාජයක් උරුම කර දුන්හ.

තෙවැනි දිනය සඳහා ක්‍රීඩාව නතර කරන විට පළමු ඉනිමේදී ලද ලකුණු 196 ක වාසියත් සමග දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩක⁣යෝ,  කිසිවකු නොදැවී ලකුණු 2 ක් ලබා සිටියහ. අද (8 වැනිදා) තරගයේ අවසන් දිනයයි.

එන්.සී.සී. කණ්ඩායම වෙනුවෙන් තරමක් වේගවත් පිතිහරඹයක නිරත වූ ළහිරු උදාර හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් සමග ලකුණු 145 ක් රැස්කළ අතර රවිඳු ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ඔහු පිටියෙන් ඉවත්ව ගියේය.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 2 කට දැවී යෑමෙන් අනතුරුව පැතුම් නිස්සංක (29) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ළහිරු, ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල වෙනුවෙන් කමිල් මිෂාර (40) සමග එක්ව ලකුණු 111 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.  


බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 508
(හසිත බෝයගොඩ 52, රොන් චන්ද්‍රගුප්ත 237, අසිත වන්නිනායක 96, නිපුන් කරුණානායක 37, ළහිරු මධුෂංක 55, ළහිරු කුමාර 87/6, අෂීන් ඩැනියෙල් 93/2)

එන්.සී.සී. පළමු ඉනිම - සියලු දෙනා දැවී 312
(ළහිරු උදාර 145, පැතුම් නිස්සංක 29, කමිල් මිෂාර 40, කවීන් බණ්ඩාර 36, චාමික කරුණාරත්න 17, අෂීන් ඩැනියෙල් නොදැවී 16,  ජෙෆ්රි වැන්ඩසේ 64/4, රවිඳු ප්‍රනාන්දු 84/3)

බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 02


අදහස් (0)

වැන්ඩසේ - රවිඳු එන්.සී.සී. ඉනිම වනසති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.