Last Update  :  2025-04-22 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වි20 - එක්දින තරගාවලි 2 කට කාන්තා පිල එංගලන්තයට

වි20 - එක්දින තරගාවලි 2 කට කාන්තා පිල එංගලන්තයට

editorial - 2023 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එංගලන්ත කාන්තා පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 අන්තර්ජාතික තරග තුනකට සහ එක්දින අන්තර්ජාතික තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (23 වැනිදා) රාත්‍රියේ එංගලන්තය බලා පිටත්ව යයි. 16 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට පැවරී තිබේ.

තරග 3 කින් සමන්විත කාන්තා විස්සයි-20 තරගාවලිය පළමුවෙන් පැවැත්වෙයි. එක්දින තරගාවලිය සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වේ.

එක්දින තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා එක්දින ශූරතාවලියට ඇතුළත් තරගාවලියකි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කාන්තා එක්දින ශූරතාවලියේදී මේ දක්වා තරග 12 කින් තරග 4 ක් ජයගෙන සිටින ශ්‍රී ලංකා කාන්තාවෝ ප්‍රසාද ලකුණු 10 ක් හිමිකරගෙන සිටිති. දැනට ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානය ශ්‍රී ලංකා කාන්තාවන්ට හිමිවී තිබේ.

ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින කණ්ඩායම් 5 ත්, සත්කාරක රටත් වසර 2025 කාන්තා ලෝක කුසලාන තරගාවලියට කෙළින්ම සුදුසුකම් ලබනු ඇත. අනෙක් රටවල් සුදුසුකම් තේරීමේ තරගාවලියකට මුහුණ දිය යුතුව තිබේ.


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ඕෂධී රණසිංග (උප නායිකාව), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, අනුෂ්කා සංජීවනී (කඩුලු රකින්නිය), උදේෂිකා ප්‍රබෝධනී, අචිනි කුලසූරිය, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානි.

විස්සයි-20 තරගාවලිය :
අගෝස්තු 31 - පළමු වි-20 තරගය හෝවේහිදී
සැප්තැම්බර් 02 - දෙවැනි වි-20 තරගය චෙම්ස්ෆෝඩ්හිදී
සැප්තැම්බර් 06 - තුන්වැනි වි-20 තරගය ඩර්බිහිදී

එක්දින තරගාවලිය
සැප්තැම්බර් 09 - පළමු එක්දින තරගය චෙස්ටර් ලී ස්ටී්‍රට්හිදී
සැප්තැම්බර් 12 - දෙවැනි එක්දින තරගය නොදම්ප්ටන්හිදී
සැප්තැම්බර් 14 - තුන්වැනි එක්දින තරගය ලීසටර්හිදී


අදහස් (0)

වි20 - එක්දින තරගාවලි 2 කට කාන්තා පිල එංගලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.