Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ 72 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේදී ද්විත්ව ශුරතා දිනාගැනීමට විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලිනගේ සමත් වූහ. මෙම තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මූලස්ථාන ක්‍රීඩාංගණයේදී, වෙළෙඳ සේවා ක්‍රීඩා සංගම් බැඩ්මින්ටන් ක්‍රීඩාංගණ්යේදී සහ ඔටර්ස් ක්‍රීඩා සමාජ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේදී දින 8 ක් පුරා පැවැත්විණ.
පිරිමි කේවල අවසන් මහ තරගයේදී තරගයේදී වට 2-0 ක් ලෙස ෂෙනුක් සමරරත්න පරාජය කරමින් පළමු වටය ජාතික බැඩ්මින්ටන් ශූරයා බවට පත්වූ විරේන්, ඉන් නොනැවතී රනිත්මා ලියනගේ සමග එක්ව මිශ්‍ර යුගල ශූරතාව දිනාගැනීමටද සමත් විය. තෙවරක් ජාතික ශූරයා බවට සිටි බුවනක ගුණතිලකට මෙවර තරගාවලියේදී පිරිමි කේවල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
කාන්තා කේවල අවසන් මහ තරගයේදී වට 2-0 ලෙස රෂ්මි මුදලිගේ පරාජය කළ රනිත්මා ලියනගේ, ජාතික බැඩ්මින්ටන් ශූරිය බවට පත්වූයේ පිට පිටම තෙවැනි වරටය. කෙසේ වුවත් කාන්තා යුගල අවසන් මහ තරගයේදී වරංගනා ජයවර්ධන සහ රෂ්මි මුදලිගේ හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් රනිත්මාට සහ ප්‍රවීනා විජේසුන්දරට එහි අනු ශූරතාවෙන් සෑහීමකට පත්වීමට සිදුවූහ.
තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ශෙමාල් ප්‍රනාන්දු මහතා සහභාගි වූ අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් රැසක්ද එම අවස්ථාවට එක්ව සිටියහ.
තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් අතරේ රුපියල් මිලියන 2 ක මුදල් ත්‍යාග බෙදා දීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබිණ.
විවෘත තරග ප්‍රතිඵල
පිරිමි කේවල
විරේන් නෙත්තසිංහ විසින් තරග වට 2-0 ක් ලෙස ෂෙනුක් සමරරත්න පරාජය කරන ලදි. (21/10, 21/19)
පිරිමි යුගල
බුවනෙක ගුණතිලක සහ ජේසන් හෝමර් විසින් තරග වට 2-0 ක් ලෙස ෂෙනුක් සමරරත්න සහ සවිනක වීරසේකර පරාජය කරන ලදහ. (21/14, 21/16)
කාන්තා කේවල
රනිත්මා ලියනගේ විසින් වට 2-0 ක් ලෙස රෂ්මි මුදලිගේ පරාජය කරන ලදි. (21/10, 21/16)
කාන්තා යුගල
වරංගනා ජයවර්ධන සහ රෂ්මි මුදලිගේ විසින් තරග වට 2-1 ක් ලෙස රනිත්මා ලියනගේ සහ ප්‍රවීනා විජේසුන්දර පරාජය කරන ලදහ. (21/17, 19/21, 24/22)
මිශ්‍ර යුගල
විරේන් නෙත්තසිංහ සහ රනිත්මා ලියනගේ විසින් තරග වට 2-1 ක් ලෙස තුලිත් පල්ලියගුරු සහ පංචාලි අධිකාරි පරාජය කරන ලදහ. (21/15, 17/21, 21/19)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.