Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story විස්සයි-20 නායිකාව අනුෂ්කා

විස්සයි-20 නායිකාව අනුෂ්කා

editorial - 2024 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

විස්සයි-20 තරග දෙකකින් සහ එක්දින ජාත්‍යන්තර තරග 3 කින් සමන්විත තරග සංචාරයක නිරත වීම සඳහා අද (6 වැනිදා) අයර්ලන්තය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය අනුෂ්කා සංජීවනීට හිමිව ඇත. 

අනුෂ්කාට ශ්‍රී ලංකා විස්සයි-20 කාන්තා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ කණ්ඩායමේ නිත්‍ය නායිකා චමරි අතපත්තු එංගලන්තයේදී පැවැත්වෙන ‘ද හන්ඩ්‍රඩ්’ කාන්තා ක්‍රිකට් ලීගයට සහභාගි වීම හේතුවෙනි. අනුෂ්කා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන පළමු අවස්ථාවද මෙයයි. 

අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග දෙකට ක්‍රීඩා නොකළද, එක්දින තරගාවලියේ සිට චමරි යළිත් ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වන අතර එතැන් පටන් යළිත් කණ්ඩායමේ නායිකාව ලෙසද කටයුතු කරනු ඇත. 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අගෝස්තු 11 වැනිදා සහ 13 වැනිදා ඩබ්ලින් නුවරදී අයර්ලන්තයට එරෙහිව විස්සයි-20 තරග දෙකකට ක්‍රීඩා කරන අතර ඉන් අනතුරුව අගෝස්තු 16, 18 සහ 20 යන දිනවල බෙල්ෆාස්ට් නුවරදී එක්දින තරගාවලියට සභාගිවනු ඇත. 

-036 


අදහස් (0)

විස්සයි-20 නායිකාව අනුෂ්කා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.