Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වීනස්ගේ පරාජයෙන් පැරීසිය කැළඹෙයි

වීනස්ගේ පරාජයෙන් පැරීසිය කැළඹෙයි

Nisanka Sandeepani - 2018 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

චීනයේ වොං කියැං හමුවේ ලකුණු 6-4 ක් සහ 7-5ක් ලෙස පරාජයට පත්වීම හේතුවෙන් වසර 17කට පසුව පළමු වතාවට ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත්ව වේලාසනින්ම ගෙදර යාමට අමෙරිකාවේ වීනස් විලියම්ස්ට සිදුවිය. 

ග්‍රෑන්ඞ් ස්ලෑම් ටෙනිස් ශූරතා 7 කට හිමිකම් කියන මේ අත්දැකීම් බහුල ක්‍රීඩිකාව පිට පිට තරග වට දෙකකින්ම චීනයේ කෝඩුකාර ක්‍රීඩිකාව හමුවේ පරාජයට පත්වීම තරගාවලියම කැළඹීමකට ලක්වූ කාරණාවක් විය. දෛවෝපගත සිදුවීම වන්නේ පසුගිය වසරේ තරගාවලියේදීත් වීනස්ට පළමු වටයේ දී මුලින්ම තරග වැදිමට සිදුවූයේද මේ චීන ක්‍රීඩිකාව සමගය. එහෙත් මෙවර ප්‍රතිඵලය පමණක් වෙනස් විය. 

වසර 2002දී අනුශූරිය බවට පත්වීමෙන් පසුව වීනස්ට නම් ප්‍රංශ විවෘත ටෙනිස් පිටිය කොහෙත්ම හිතකර තැනක් නොවීය.
අන්තර්ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වලට අනුව 91 වැනි තැන පසුවන 26 හැවිරිදි වොං තරගය පුරාම අඩියක්වත් පසුපසට නොගෙන ආක්‍රමණශීලී ආකාරයෙන් ක්‍රීඩා කළේ වීනස් හමුවේ පසුගිය වසරේ දී ලැබූ පරාජයේ වාඩුව පිරිමසා ගැනීමට මෙනි. 

- 077


අදහස් (0)

වීනස්ගේ පරාජයෙන් පැරීසිය කැළඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.