Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මට හැගන ආකාරයට නම් ලෝක කුසලාන තරගමාලාවේ පිළිමලූන් පිටුදැකීමේ වටයේ දී වඩාත්ම උද්දීපනය වන කරුණ වන්නේ ඒ සඳහා ඔට්ටු තැබීම් ඉහළයාම මෙන්ම සෑම කණ්ඩායමක්ම තව තවත් වීරත්වයට පත්වීමට උත්සාහ කිරීමයි. ඊට හේතුව මෙම තරග වටයට සහභාගි වන්නේ ලෝකයේ හොඳම කණ්ඩායම් 8 වීම නිසාය.
කී‍්‍රඩාවේ රටාව මෙතරම් ඉක්මනින් වෙනස්වීම ඇත්තෙන්ම විමතිය දනවන්නකි. මෙතෙක් තරගමාලාවේ දකින්නට ලැබුණු ආකාරයේ ඉහළ ලකුණු රැුස් කිරීම් මේ තරග වටයේ දී සිදුවනු ඇතැයි කිසිවකුට අනාවැකි පළකිරිම දුෂ්කර බව නම් සහතිකය.
වඩාත්ම නිර්භීත කණ්ඩායමට සාර්ථකව ඉදිරියට යා හැකි බව සැබෑය. නමුත් කිසිදු කණ්ඩායමක් අඩියක් පසුපසට ගැනීමට සූදානම් නැත. අර්ධ අවසන් පූර්ව වටයේ ඇති ‘තීව්ර බව’ එයයි. දැන් සෑම කණ්ඩායමක්ම තම තමන්ට ආවේනික ආකාරයේ සැලැස්මකට යොමුවෙමින් සිටිති. ඔව්හු ඉතා හොඳින් ඒ සඳහා සූදානම් වෙමින් සිටිති.
පළමු පන්දුවේ සිටම එවැනි ආකල්පයක් පෙන්නුම් කරන එකම කණ්ඩායම නවසීලන්තය විය යුතුය. ඔස්ටේ‍්‍රලියාවේ ඬේවිඞ් වෝනර්ට හා ඒරන් ෆින්ච්ට ද එවැනි ආරම්භයක් ලබාගැනීමේ හැකියාව තිබේ. එහෙත් පසුගිය තරගවල දී පවා මුල් ඕවර 10 දී විශාල ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට නවසීලන්තය සමත්ව තිබිණි. කඩුල්ලක් හෝ දෙකක් බිඳ වැටෙනතුරු බොහෝ කණ්ඩායම් ලබාගත්තේ මුහුණ දෙන පන්දුවලට සමාන ලකුණු සංඛ්‍යාවකි.
මෙවර ලෝක කුසලාන තරගමාලාව එක්දින අන්තර්ජාතික තරග වල ‘නව නැම්මක්’ ඇතිකරනු ඇතැයි ඇත්තෙන්ම මට සිතේ. පිතිකරුවන්ගන් ඉතා සාහසික ආකාරයේ ලකුණු රැස් කිරීම් ද, කඩුලූ බිඳ දැමීම් ද දක්නට ලැබුණු අතර විස්මිත උඩපන්දු රැක ගැනීම් ද ඒ අතර තිබිණි. ඇතැම් තරග ඉතා තියුණු ස්වරූපයක් ගත්තේය. මූලික වටයේ සියලූම තරග දිනන ආකාරයේ විශිෂ්ට තුන් ඉරියව් දස්කම් දැක්වීමට නවසීලන්තය සමත්විය.
පිත්තෙන් මෙන්ම පන්දුවෙන් ද ඔවුන් ඉතා සිත්ගන්නා සුලූ හැකියාවන් විදහා පෑහ. එහෙත් ඔවුන්ට ද ප‍්‍රතිවාදීන්ගේ එවැනි ලකුණු රැුස් කිරීම් නවතාලීමට පන්දු රැුකීමේ දී දැඩි වෙහෙසක් දැරීමට සිදුවී තිබිණි. කෙසේ වෙතත් ඔවුන්ගේ පන්දු යවන්නෝ ඉහළින් සිටිති. ටිම් සවුති හා ටේරන්ට් බෝල්ට් පන්දුව ඇති තරමට දෝලනය කරති.
ඔවුන් ඉතා විශේෂිත ආකාරයේ දස්කම් දක්වමින් සිටිති. අවසන් තත්පරයේ දී දෝලනයට ලක්වන ඔවුන්ගේ පන්දුවලට මුහුණදීමට ලොව හොඳම පිතිකරුවාට පවා ඉතා අසීරුවනු ඇත.
අර්ධ අවසන් වටයේ දී නවසීලන්තය තරග වැදීමට නියමිතව ඇත්තේ අවුල්සහගත කණ්ඩායමක් බව කවුරුත් කියන බටහිර ඉන්දීය කොදෙව් පිල සමගය. ඔවුන් අයර්ලන්තයට පරාජය වූ බැව් සැබෑය. නමුත් කොදෙව්වන්ගේ කලදසාව යහපත් අතට හැරුණුවිට ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමට තරම් ඔවුහු ශක්තිමත් වෙති.
තමන්ගේ වීරත්වය රැක ගැනීමට සෑම කණ්ඩායමක්ම ප‍්‍රබල උත්සාහක නිරතවනු ඇත. තරගයේ ජයග‍්‍රහණය අත්වන්නේ එවැනි ගුණාත්මක සාධකවලිනි.
සිම්බාබ්වේ පිලට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගත් කි‍්‍රස් ගේල් නැවත සිය දස්කම් මුවහත් කරගැනීමේ උත්සාහයක නිරතව සිටී. ඔහු සාර්ථක පිතිහරඹයක නිරතවුවහොත් තරගයේ ජයග‍්‍රහණය උදුරාගැනීමට තරම් එය ප‍්‍රබල වන බව ඔහුට එරෙහිව කී‍්‍රඩාකරන සෑම කණ්ඩායමක්ම හොඳාකාරවම දනී.
ගේල් කී‍්‍රඩා කරන්නේ විස්සයි:20 තරග මුහුණුවරට සමාන, එහෙත් දිගු ඉනිමකි.
වේගයෙන් පන්දුවට පහරදෙන පිතිකරුවන් කිහිපදෙනකුගෙන් සමන්විත කොදෙව් පිතිකරු ලයිස්තුව සැබැවින්ම ශක්තිමත්ය. එහෙත් ඊට නොදෙවැනි ආකාරයේ දස්කම් දැක්වීමට ඔවුන්ගේ පන්දු යවන්නන් සමත්වී නැත.
ඕක්ලන්ඞ් හී දී නවසීලන්තය ජයගත් තරගයේ දී නවසීලන්තය මෙන්ම ඕස්ටේ‍්‍රලියාවද ඉතාමත් දක්‍ෂ කණ්ඩායමක් බව ඔප්පු විය. ඔස්ටේ‍්‍රලියාවට ශක්තිමත් පිතිකරු ලයිස්තුවක් තිබුණත් ඔවුන්ට දඟපන්දු යවන්නන්ගේ අඩුවක් තිබේ. මේ වෙද්දී ග්ලෙන් මැක්ස්වෙල් ඒ හිදැස තරමක් දුරට පුරවමින් සිටී. පන්දුව හොඳින් දෝලනය කිරිමට නොලැබෙන අවස්ථාවල දී දඟකැවෙන පන්දුවෙන් වැඩක් ගැනීමට ලැබේනම් එය සහනයකි.
නවසීලන්තය සාර්ථකව ඉදිරියට පැමිණියේද එලෙසිනි. ඔවුන්ට ඉතා විශිෂ්ට ලෙස පන්දුව දෝලනය කරන ඉදිරිපෙළ පන්දු යවන්නෝ දෙදෙනෙක් සිටිති. එහෙත් ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ඉක්මනින් කඩුලූ දෙකක් දවාලමින් තරගයේ වාසිය තම පිල වෙතට හරවා ගත්තේ ලෝක පූජිත දඟපන්දු යවන්නකු වන ඩැනියෙල් විටෝරිය. දඟ කැවෙන හෝ නොවන ඕනෑම තණතීරුවක ඔහුට හොඳින් පන්දු යැවිය හැකිය.
ඕස්ටේ‍්‍රලියානු පිලට අර්ධ අවසන් පූර්ව වටයේ දී හමුවන්නේ පාකිස්තානයයි.
තරගමාලාවේ අසාර්ථක ආරම්භයක් ලැබුවත් ජයග‍්‍රහණ 4 ක් අත්කරගැනීමට ඔවුහු සමත්වූහ. ඕනෑම පිතිකරුවකුට ප‍්‍රශ්න ඇතිකළ හැකි අන්දමේ ප‍්‍රබල පන්දු යවන්නකු වන මොහොමඞ් ඉර්ෆාන්ගෙන් සමන්විත පාකිස්තානයේ පන්දු යැවීමේ අංශය ඉතා ශක්තිමත්ය.
ඉන්දීය පිල භයානක කණ්ඩායමක් බවට පත්වී තිබේ. කී‍්‍රඩකයන්ට සහ කළමනාකාරීත්වයට එහි ගෞරවය හිමිවිය යුතුය.
ඉන්දීය කණ්ඩායම සෑහෙන කාලයක් ඔස්ටේ‍්‍රලියාවේ ගතකරමින් සිටින අතර ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ඉතා දුෂ්කර එක්දින තරගාවලියකට ද සහභාගි වී සිටියේය.
එබැවින් ලෝක කුසලාන තරගමාලාව ආරම්භයේ දී මානසිකව බිඳ වැටීමකට ලක්වීමේ අවදානමක් තිබුණත් ඒ තත්ත්වය මඟහරවාලමින් සාර්ථකව ඉදිරියට පැමිණීමට ඔවුන්ට හැකිවිය.
ඉන්දියානුවෝ මේ වන විට ඉතා හොඳින් කී‍්‍රඩාවේ නිරතව සිටිති. ඔස්ටේ‍්‍රලියානු භූමියේ තත්ත්වයටත් හොඳින් හැඩගැසී සිටිති. පන්දුව ඉහළට ඉපිලෙන වේගවත් තණතීරුවල මෝර්නි මෝකල්ගේ හා ඬේල් ස්ටේන්ගේ පරීක්ෂණවලට භාජනය වීමටද ඔවුන්ට සිදුවිය. නමුත් ඉන්දියානුවෝ ඉතා විශිෂ්ට පිතිහරඹයක් පෙන්නුම් කරමින් ඊට සාර්ථකව මුහුණ දුන්හ. ඉන්දියානුවන්ගේ පිතිහරඹ පෙළගැස්ම එතරම් ප‍්‍රබලය. ඔව්හු දැන් නොනැවතී ඉදිරියට ගමන් කරමින් සිටිති. එමෙන්ම දැඩි විශ්වාසනීයත්වයකින් යුතුව පසුවෙති.
අර්ධ අවසන් පූර්ව වටයට පිවිස සිටින සෑම කණ්ඩායමක්ම ‘විශේෂ යමක්’ කිරීමේ දැඩි විශ්වාසනීයත්වයකින් යුතුව පසුවන බවක් මට හැෙඟ්.
මූලික තරග වටයේ දී දුටු විශාලතම පුදුමය වූයේ බංග්ලාදේශය ඉතා හොඳින් කී‍්‍රඩා කිරීමය. එංගලන්තයට එරෙහිව ඔවුන් ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබූහ. අර්ධ අවසන් පූර්ව වටයට එක්වීමට එය ඔවුන්ට බෙහෙවින් ඉවහල් විය. බංග්ලාදේශයේ පිතිහරඹය දියුණුවී ඇති බවක් පෙනේ. ඔවුන්ගේ පිතිකරුවන් රැස් කරන ලකුණු සංඛ්‍යාවට සරිලන අන්දමේ පන්දු යැවීමක නිතරවීමට හැකියාව ඇති පන්දු යවන්නන්ද ඔවුන් සතුය. ස්කොට්ලන්තය සමග පැවැති තරගයේදී හැරුණු විට ඔවුන් නිරතුරුවම හොඳ පන්දු යැවීමක නිරතවූ නමුත් අර්ධ අවසන් පූර්ව වටයේ දී ඔවුන්ට හමුවන ඉන්දියාව වඩාත් ශක්තිමත්ය.
දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පිළිබඳ කතාව නම් තරමක් වෙනස් ආකාරයේ ස්වරූපයක් ගත්තකි. එක්තරා අවස්ථාවක ඔවුන් ඉතා විශිෂ්ට එමෙන්ම ලෝක පූජිත මට්ටමේ සිටියහ. නමුත් දැන් සියලූ දස්කම් ඒ. බී. ඩිවිලියර්ස් වටා ගොඩනැගී ඇති බවක් පෙනෙතත් ශී‍්‍ර ලංකාවට එරෙහිව ඊයේ (18 වැනිදා) පැවැති තරගයේදී දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නෝත් පන්දු රකින්නෝත් අති විශිෂ්ට දස්කම් පෙන්වූහ. ඒ. බී. ට පිටියට පිවිසීමට වත් අවශ්‍ය වූයේ නැත.
දකුණු අපි‍්‍රකානුවන් ලෝක කුසලාන තරගාවලියට එක්වූයේ ලෝක කුසලානය හිමිකරගන්නා කණ්ඩායම වීමේ ලේබලයත් සමග බව මම දනිමි. කාලයේ ඇවෑමෙන් නවසීලන්තයත්, ඔස්ටේ‍්‍රලියාවත් ඔවුන් අභිබවා ඉදිරියට පැමිණ සිටිති. අවසන් පූර්ව තරගය සඳහා ඕක්ලන්ඞ් නුවරට යාමට පෙර දකුණු අපි‍්‍රකානුවන් ඒ බව වටහා ගත යුතුය.
අර්ධ අවසන් පූර්ව වටයට පැමිණීමට ශී‍්‍ර ලංකාව දස්කම් රැසක් පෙන්නුම් කළත් ඔවුහු දකුණු අපි‍්‍රකනුවන් හමුවේ අසාර්ථක වූයේ කිසිවකු බලාපොරොත්තු නොවූ ආකාරයෙනි.
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති පැවැති තරගයේ දීද ඔව්හු තියුණු සටනක් කළහ. එම තරගයේ දී දිනේෂ් චන්දිමාල් ආබාධයට ලක් නොවූවානම් ඔවුන්ට ලකුණු 370 පසු කිරීමේ හැකියාවද තිබිණි.
මේ තරග සියල්ලම අවසන් වනතුරු කල් මැරීම මට නම් ඉතා අපහසුය. නමුත් මට ජයග‍්‍රාහකයකු තෝරාගැනීමට සිදුවුවහොත් මා තෝරාගන්නේ ඕස්ටේ‍්‍රලියාවයි. මක්නිසාද යත් අවසන් මහා තරගය මෙල්බර්න් කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන බැවිනි.
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නිල වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.