Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වුඩ්වර්ඩ් - ස්මෝල් පළිහ මහින්දයට

වුඩ්වර්ඩ් - ස්මෝල් පළිහ මහින්දයට

editorial - 2025 අප්‍රේ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ගාල්ල මහින්ද විදුහල සහ රිච්මන්ඩ් විදුහල අතර සම්ප්‍රදායික ක්‍රිකට් තරගය වන ‘ආදරවන්තයින්ගේ සටනට පසුව ‘ පැවැත්වෙන සීමිත ඕවර ක්‍රිකට් තරගය කඩුලු 8 කින් ජයගත් මහින්ද විද්‍යාලයීය ක්‍රීඩකයෝ සීමිත ඕවර තරගයේ ජයග්‍රාහකයන්ට පිරිමැමෙන ‘වුඩ්වර්ඩ් - ස්මෝල් පළිහ‘ දිනා ගැනීමට සමත් වූහ. 

පසුගියදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 37 වැනි සීමිත ඕවර තරගයේදී කාසියේ වාසිය දිනාගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් රිච්මන්ඩ් විද්‍යාල කණ්ඩායම ඕවර 43 කදී සියලු දෙනා දැවී ලකුණු 164 ක් ලබාගත්තේය. 

ආරම්භක පිතිකරු හේලිත් එදිරිසිංහ වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින් කරමින් පන්දු 28 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් රැස් කළ අතර නිකිල් ජයවීර (29) සහ නෙතුජ භාෂිත (නොදැවී 28) රිච්මන්ඩ් ඉනිම ගොඩනැගීමට දායක වූහ. හේලිත් එදිරිසිංහ සහ නිකිල් ජයවීර 
පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වූවද සෙනුක දංගමුව (20/4) සහ කවීෂ ගිත්මාල් (37/4) හමුවේ රිච්මන්ඩ් කණ්ඩායමේ කඩුලු 10 ම ලකුණු 108 කට දැවී ගියේය. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල මහින්ද විද්‍යාල ක්‍රීඩකයෝ ඕවර 40.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 165ක් රැස් කළහ.  මහින්දයේ ආරම්භක පිතිකරු දුල්සිත් දර්ශන පන්දු 108 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 66 ක් ලබාගත්තේය. දිනෙත් පැහැසර පන්දු 86 කදී හතරේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබාගත්තේය.

 දුල්සිත් දර්ශන සහ රන්දුල මාබරණ එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 62 ක සම්බන්ධතාවයක් ගොඩනැංවූහ. රන්දුල මාබරණ දැවී යාමෙන් පසුව දුල්සිත් සහ දිනෙත් පැහැසර අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති නොබිඳුණු සම්බන්ධතාව ලකුණු 102 කි. 

තරගයේ වීරයා ලෙස දුල්සිත් දර්ශන (මහින්ද) සම්මාන ලැබූ අතර තරගයේ හොඳම පිතිකරු ලෙස හේලිත් එදිරිසිංහ (රිච්මන්ඩ්) සම්මාන ලැබීය. තරගයේ හොඳම පන්දු යවන්නා ලෙස මහින්දයේ කවීෂ ගිත්මාල් ද, හොඳම පන්දු රකින්නා ලෙස මහින්දයේ තෙවිඳු රශ්මික ද සම්මාන දිනාගත්හ.


ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය - ඕවර 43 කදී සියලු දෙනා දැවී 164 යි 
(හේලිත් එදිරිසිංහ 42, නිකිල් ජයවීර 29, නෙතුජ භාෂිත නොදැවී 28, ෂෙහාන් ද සොයිසා 19, යූරි කොත්තිගොඩ 17, සෙනුක දංගමුව 20/4, කවීෂ ගිත්මාල් 32/4)

මහින්ද විද්‍යාලය - ඕවර 40.2 කදී කඩුලු 2 ක් දැවී 165 යි 
(දුල්සිත් දර්ශන නොදැවී 66, දිනෙත් පැහැසර නොදැවී 53, රන්දුල මාබරණ 23)


අදහස් (0)

වුඩ්වර්ඩ් - ස්මෝල් පළිහ මහින්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.