Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෙඩි තැබීමේ ක්‍රීඩකයෝ රන් පදක්කම් 6 ක් දිනති

වෙඩි තැබීමේ ක්‍රීඩකයෝ රන් පදක්කම් 6 ක් දිනති

editorial - 2024 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

15 වන ජාත්‍යන්තර ලෝක වෙඩි තැබීමේ ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික වෙඩි තැබීමේ ක්‍රීඩකයෝ රන් පදක්කම් 06 ක් , රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 06 ක් දිනා පැමිණියහ.  මෙම වෙඩි තැබීමේ ශූරතාවලිය දකුණු අප්‍රිකාවේ බ්ලූෆොන්ටයින් නගරයේදී ලෝකයේ රටවල් 12 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කගේ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

එහිදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සැරයන් පුෂ්පකුමාර ඔහු සහභාගී වූ ඉසව්වෙන් ලබා ගත හැකි ලකුණු 40 න් 40 ම ලබා ගනිමින් ලෝක වාර්තාවක් තබමින් රන් පදක්කම ද දිනා ගත්තේය. සැරයන් පුෂ්පකුමාර මෙම තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තේය. 

කපිතාන් හසංග රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් ද දිනා ගැනීමට සමත් විය. ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාවේ සිට ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණ, ඉරිදා අලුයම 05.15 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යාත්‍රාවකින් මව්බිමට සැපත්වූහ. 

වයස අවුරුදු 20 ට අඩු  වයස් කාණ්ඩය නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වූ රයල් ලියනගේ රන් පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත්තේය. සෙනිත් රත්නායක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා  ගත්තේය. 

මෙම ක්‍රීඩකයන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා රයිෆල් සංගමයේ නිලධාරීන් , ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ යුද හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

 

සැරයන් පුෂ්පකුමාර (වමේ) / කපිතාන් හසංග (දකුණේ)


අදහස් (0)

වෙඩි තැබීමේ ක්‍රීඩකයෝ රන් පදක්කම් 6 ක් දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.