Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මීගමුව වෙරළ තීරයේ පැවැති ආරක්ෂක සේවා වෙරළ වොලිබෝල් තරගාවලියේ පිරිමි හා කාන්තා ශුරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත්විය.
තරගාවලියේ දක්ෂතම කි‍්‍රඩකයාට හිමි කුසලාන ගුවන් හමුදා පිරිමි කණ්ඩායමේ සැරයන් කුමාරට හිමිවූ අතර ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ නායිකා කෝප‍්‍රල් ගුණවර්ධන දක්ෂතම කි‍්‍රඩිකාවට හිමි කුසලානය හිමිකර ගත්තාය.
පිරිමි අවසන් මහා තරගයේදී තරග වට 2-0 ක් ලෙස යුද හමුදා කණ්ඩායම පරාජය කරමින් ගුවන් හමුදා කණ්ඩායම ශූරතාව දිනාගත් අතර 21-16 සහ 21-/17 ක් ලෙස එම තරගයේ ලකුණු සටහන් විය.
ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී තරග වට 2-0 ක් ලෙස නාවික හමුදා කාන්තා කණ්ඩායම පරාජය කරමිනි. 21-08 සහ 21-07 ක් ලෙස එම තරගයේ ලකුණු සටහන් විය.
තරගාවලියේ ජය සංඛේත ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධක්ෂක හා ගුවන් හමුදා වොලිබෝල් සංචිතයේ සභාපති එයාර් වයිෂ් මාෂල් ආර්. ජේ. පතිරගේ මහතා සහභාගී විය.
ගුවන් හමුදා පිරිමි කණ්ඩායෙමේ නායක සැරයන් ඒකනායක සහ ගුවන් හමුදා කාන්තා කණ්ඩායමේ නායිකා කෝප‍්‍රල් ගුණවර්ධන විසින් ශුරතා කුසලාන ලබාගන්නා ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.