Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සිංගර් ආයතනය සහ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය එක්ව 25 වැනි වරටත් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගමාලා අතරේ වැඩිම තරගකාරිත්වයකින් හෙබි තරගාවලිය ලෙස සැලකෙන වෙළද සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලිය හෙට (9 වැනිදා) ආරම්භ වේ.
ඒ කොටසේ තරගාවලිය මෙම මස 06 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණද වර්ෂාව හේතුවෙන් තරගාවලිය 09 වැනිදා දක්වා කල්දැමීමට තරග සංවිධායකයෝ තීරණය කළහ. මෙවර තරගාවලියට කණ්ඩායම් 10 ක් සහභාගීවෙති.
දිවයින පුරා සිටින දක්ෂතම ක්‍රිකට් ක්‍රිඩකයෝ මෙම කණ්ඩායම් 10 අතර බෙදී යති. ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝද හැකි සෑම අවස්ථාවකදීම තමන්ගේ සේවා ස්ථානයේ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරති.
මේ වන විට සියලුම ආකාරයේ අන්තර්ජාතික තරග වලින් සමුගෙන සිටියද ශ්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් ‘මාස් යුනිචෙලා’ කණ්ඩායමේ නායකත්වය දරමින් ක්‍රීඩා කරයි.
ලීග් තරගාවලියේ කණ්ඩායම් එකිනෙකා සමගින් තරග කරන අතර උපරිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායමට ලීග් ශූරතාව පිරිනැමේ. ලීග් තරගාවලියේ සම්පූර්ණ තරග සංඛ්‍යාව 45 කි. හෙට ආරම්භ වන ලීග් තරගාවලිය සැප්තැම්බර් 27 වැනිදා දක්වා පැවැත්වෙනු ඇත.
පසුගිය තරගාවලියට සහභාගීවූ මාස් ඇක්ටිව් කණ්ඩායම පෞද්ගලික හේතුවක් මත තරගාවලියෙන් ඉවත්වී ඇති අතර පසුගිය තරගාවලියේදී ටෙක්ස්ටර්ඞ් ජර්සී නමින් ක්‍රීඩා කළ කණ්ඩායම මෙවර ටීජේ ලංකා නමින් තරගාවලියට සහභාගී වෙයි. මීට පෙර පැවැති තරගාවලි සදහා කණ්ඩායම් 8 ක් සහභාගී වුවද මෙවර කණ්ඩායම් සංඛ්‍යාව වැඩිකිරීමට සංවිධායකන් තීරණය කිරීමත් සමගින් හේලීස් ගෲප්, එල්.බී. ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් යන කණ්ඩායම් වලට තරගාවලිය සදහා එක්වීමට අවස්ථාව උදාවී තිබේ.
පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය සැප්තැම්බර් 30 වැනිදා ආරම්භ වන අතර අවසන් මහ තරගය ඔක්තෝබර් 21 වැනිදා වෙළද සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියට තරග 9 ක් ඇතුළත්වේ.
මෙම තරගාවලියේ සියලුම තරග වෙළද සේවා, කටුනායක නිදහස් වෙළද කළාප ක්‍රීඩාංගණය, පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය, කෝල්ට්ස්, මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය සහ මග්ගොන සරේ යන ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වේ. වෙළෙඳ සේවා විස්සයි20 තරගාවලිය ඔක්තෝබර් 25, 26, 27 සහ 29 යන දිනවල වෙළද සේවා සහ එන්.සී.සී. ක්‍රීඩාංගණයන්හීදී පැවැත්වෙන අතර මෙම තරගාවලියට තරග 9 ක් ඇතුළත්වේ.
ලීග් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා, තරගාවලියේ වීරයා මෙන්ම තරගාවලියේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයාද තෝරා ගැනේ. පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ තරගයේ වීරයා සහ විස්සයි20 තරගාවලියේ දක්ෂතම පිතිකරුවා, දක්ෂතම පන්දුයවන්නා සහ අවසන් තරගයේ වීරයා තෝරා ගැනෙනු ඇත.
තරගාවලියේ නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයාට දකුණු ඕස්ට්‍රේලියාවේ ඩැරන් ලීමන් ක්‍රිකට් විද්‍යායතනයේ ක්‍රිකට් පාඨමාලාවක් හැදැරීම සදහා ශිෂ්‍යත්වයක් පිරිනැමේ. ඒ සදහා ගුවන් ගාස්තු ඇතුළු සම්පූර්ණ වියහියදම් වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් දරණු ඇත.
ජෝන් කීල්ස් කණ්ඩායම නියෝජනය කරමින් පළමු වරට ඩැරන් ලීමන් ක්‍රිකට් විද්‍යායතනයේ ක්‍රිකට් පාඨමාලාවක් හැදැරීම සදහා ශිෂ්‍යත්වයක් දිනාගනු ලැබූයේ දිමුත් කරුණාරත්න වන අතර ඉන් පසුව කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම නියෝජනය කළ චතුරංග ද සිල්වාත් ජෝන් කීල්ස් කණ්ඩායම නියෝජනය කළ ළහිරු මිලන්තත් එම ශිෂ්‍යත්වය හිමිකර ගැනීමට සමත්වූහ.
මෙම තරගාවලියට අදාල අනුග්‍රහකත්ව චෙක්පත වෙළඳ සේවා සංගමය වෙත පිරිනැමීම අද (07 වැනිදා) එම සංගම් පරිශ්‍රයේදි සිදුවූ අතර එම අවස්ථාවට සංගමයේ සභාපති නිරාන් මහවත්ත, මහ ලේකම් නලීන් වික්‍රමසිංහ, තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති සුජීව ද සිල්වා, සිංගර් ශ්‍රී ලංකා වෙළඳ අධ්‍යක්‍ෂක කුමාර් සමරසිංහ සහ ජ්‍යෙෂ්ඨ ප්‍රවර්ධන කළමණාකරු කේ.ඩි.එස්. කනිෂ්ක යන මහත්වරුන් සහභාගී වූහ.
තරගාවලියට සහභාගීවන කණ්ඩායම්
කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම, මාස් යුනිචෙලා, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ කණ්ඩායම, ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම, ටීජේ ලංකා, ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම, හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම, එල්.බී. ෆිනෑන්ස් සහ කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම
ඒ ඒ කණ්ඩායම් පසුගිය තරගාවලියේදී දැක්වූ දස්කම් සහ නායකයෝ
■ මාස් යුනිචෙලා (2017 ලීග් සහ පිළිමළුන් පිටුදැකීමේ ශූරයෝ, විස්සයි20 අනුශූරයෝ)
(තිලකරත්න ඩිල්ෂාන් නායකත්වය දරයි)
■ කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ කණ්ඩායම (2017 පිළිමළුන් පිටුදැකීමේ අනුශූරයෝ සහ විස්සයි20 ශූරයෝ)
(උපුල් තරංග නායකත්වය දරයි)
■ සම්පත් බැංකුව
(කෞෂාල් සිල්වා නායකත්වය දරයි)
■ හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ කණ්ඩායම
(සජීව වීරකෝන් නායකත්වය දරයි)
■ ජෝන් කීල්ස් ‘ඒ’ කණ්ඩායම
(භාණුක රාජපක්ෂ නායකත්වය දරයි)
■ ටීජේ ලංකා
(සුරංග ලක්මාල් නායකත්වය දරයි)
■ කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම
(අලංකාර අසංක නායකත්වය දරයි)
■ හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම
(ප්‍රමෝද් ප්‍රනාන්දු නායකත්වය දරයි)
■ ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම
(නිසල තාරක නායකත්වය දරයි)
■ එල්.බී. ෆිනෑන්ස්
(ලක්ෂාන් රොඩ්‍රිගු නායකත්වය දරයි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.