Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වෙළෙඳ සේවා ශූරයා ප්‍රසාද් : ශූරිය හේෂානි

වෙළෙඳ සේවා ශූරයා ප්‍රසාද් : ශූරිය හේෂානි

Nisanka Sandeepani - 2018 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා මේසපන්දු සංගමයේ 60 වැනි සංවත්සරය නිමිත්තෙන් එම සංගමය සංවිධානය කළ විවෘත වෙළෙඳ සේවා මේසපන්දු තරගාවලියේ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමට මාස් සමාගමේ ප්‍රසාද් ද සිල්වා සමත් විය. එහි කාන්තා කේවල ශූරතාව දිනාගනු ලැබුවේ එම්ජේ සමාගමේ හේෂානි වික්‍රමසිංහ විසිනි. 

පිරිමි කේවල අවසන් මහ තරගයේදී මාස් සමාගමේම ක්‍රීඩකයෙක් වන නිර්මල ජයසිංහ පරාජය කිරීමට ප්‍රසාද් සිල්වා සමත් වූ අතර පිරිමි යුගල අවසන් මහ තරගයේදී ප්‍රසාද් සහ නිර්මල එක්ව ඩයලොග් ආසියාටා සමාගමේ සහන් සචින්ත සහ සජිත් නිරෝෂන් පරාජය කළහ. 

කාන්තා කේවල අවසන් මහ තරගයේදී හේෂානි වික්‍රමසිංහ හමුවේ පරාජයට පත් වූ මාස් සමාගමේ ශ්‍රීමාලි විමලරත්න, කාන්තා යුගල අවසන් මහ තරගයේදී රයිසා අමනුල්ලා සමග එක්ව වර්චූෂා සමාගමේ දිලිනි පෙරේරා සහ හෂිනි වික්‍රමසිංහ පරාජය කිරීමට සමත් වූවාය. 

නිර්මල ජයසිංහ සහ ශ්‍රීමාලි විමලරත්න තරගාවලියේ මිශ්‍ර යුගල ශූරතාවට හිමිකම් කීවේ අවසන් මහ තරගයේදී ප්‍රසාද් සිල්වා සහ උපේඛා කොටින්කඩුව පරාජය කරමිනි. එම ශූරතාවට අමතරව ප්‍රවීණ පිරිමි කේවල ශූරතාව දිනාගැනීමටද නිර්මල සමත් විය. එම ඉසව්වේ අවසන් මහ තරගයේදී නිර්මල හමුවේ මාස් සමාගමේ ක්‍රීඩකයකු වූ ජයම්පති රත්නායක පරාජයට පත් විය. 

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට වෙළෙඳ සේවා සංගම් 32 ක් නියොජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 181 දෙනෙක් සහභාගි වූ අතර එහිදී ඔවුහු ඉසව් 9 ක් යටතේ තරග වැදිණ. 

තරග ප්‍රතිඵල 

පිරිමි කේවල 
ප්‍රසාද් ද සිල්වා (මාස් සමාගම) විසින් නිර්මල ජයසිංහ (මාස් සමාගම) පරාජය කරන ලදි. 

කාන්තා කේවල 
හේෂානි වික්‍රමසිංහ (එම්ජේ සමාගම) විසින් ශ්‍රීමාලි විමලරත්න (මාස් සමාගම) පරාජය කරන ලදි. 

පිරිමි යුගල  
ප්‍රසාද් ද සිල්වා සහ නිර්මල ජයසිංහ (මාස් සමාගම) විසින් සහන් සචින්ත සහ සජිත් නිරෝෂන් (ඩයලොග් ආසියාටා සමාගම) පරාජය කරන ලදහ. 

කාන්තා යුගල  
ශ්‍රීමාලි විමලරත්න සහ රයිසා අමනුල්ලා (මාස් සමාගම) විසින් දිලිනි පෙරේරා සහ හෂිනි වික්‍රමසිංහ (වර්චූසා සමාගම) පරාජය කරන ලදහ. 

මිශ්‍ර යුගල 
නිර්මල ජයසිංහ සහ ශ්‍රීමාලි විමලරත්න (මාස් සමාගම) විසින් ප්‍රසාද් ද සිල්වා සහ උපේඛා කොටින්කඩුව (මාස් සමාගම) පරාජය කරන ලදහ. 

ආධුනික පිරිමි කේවල 
පසන් කවිකේෂව (මාස් සමාගම) විසින් සජිත් නිරෝෂන් (ඩයලොග් ආසියාටා සමාගම) පරාජය කරන ලදි. 

ආධුනික කාන්තා කේවල 
විනෝලි සිල්වා (සෙලාන් බැංකුව) විසින් උපේඛා අනුරුද්ධි (කෝඞ්ජෙන් සමාගම) පරාජය කරන ලදි. 

ප්‍රවීණ පිරිමි කේවල 
නිර්මල ජයසිංහ (මාස් සමාගම) විසින් ජයම්පති රත්නායක (මාස් සමාගම) පරාජය කරන ලදි. 

ජ්‍යෙෂ්ඨ පිරිමි කේවල 
ගාමිණී මොරායස් (ඇස්ට්‍රන් සමාගම) විසින් එන්.එම්. තිලකානන්ද (සිංගර් සමාගම) පරාජය කරන ලදි. 

 


අදහස් (0)

වෙළෙඳ සේවා ශූරයා ප්‍රසාද් : ශූරිය හේෂානි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.