Last Update  :  2025-01-15 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේග පන්දු යවන්නෝ 5 ක් නවසීලන්තයට
විස්සයි-20 තරගාවලිය

වේග පන්දු යවන්නෝ 5 ක් නවසීලන්තයට

editorial - 2024 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලිය සඳහා වේග පන්දු යවන්නන් පස් දෙනකු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර තිබේ. චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු මෙම වේග පන්දු යවන්නෝ වෙති. 

නවසීලන්තයේ පවතින වේග පන්දු යවන්නන්ට හිතකර තණතීරු මෙන්ම සීතල දේශගුණික තත්ත්වයකදී නිරන්තරයෙන් වෙනස්වන කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නවසීලන්ත සංචාරය සඳහා වේග පන්දු යවන්නන් පස් දෙනකු තෝරාගනු ලැබ තිබේ. 

දඟ පන්දු යවන්නන් වන වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ සහ ජෙෆ්රි වැන්ඩසේ තිදෙනාත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටිති. මේ තිදෙනාට අමතරව නායක චරිත් අසලංක සහ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් දෙදෙනාත් දඟ පන්දු යවති. මෙම තත්ත්වය මත පසුගියදා ශ්‍රී ලංකාවේදී සංචාරය කළ නවසීලන්ත පිලට එරෙහිව ක්‍රීඩා කළ දුනිත් වෙල්ලාලගේ නවසීලන්ත සංචාරයේදී විස්සයි-20 තරග සඳහා සංචිතයට ඇතුළත් නොවේ. 

විස්සයි-20 තරග තුනකින් සහ එක්දින තරග 3 කින් සමන්විත නවසීලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සිකුරාදා (20 වැනිදා) ශ්‍රී ලංකාවෙන් පිටත්ව යයි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි-20 තරග මේ මස 28, 30 සහ ජනවාරි මස 2 වැනිදා පැවැත්වේ. එක්දින තරගාවලිය ඉන් අනතුරුව පැවැත්වෙනු ඇත. 

මෙම සංචාරයට ඇතුළත් එක්දින තරග තුන සඳහා ශ්‍රී ලංකා සංචිතය ඉදිරියේදී නම් කිරීමට නියමිතය. 


ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය
චරිත් අසලංක (නායකයා), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, භානුක රාජපක්‍ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු

 


අදහස් (0)

වේග පන්දු යවන්නෝ 5 ක් නවසීලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.