Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story වේල්සයෙන් සාර්ථක ආරම්භයක්

වේල්සයෙන් සාර්ථක ආරම්භයක්

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලේ හාෆ්පෙනීගේ උත්සාහක දිනුම් ද්විත්වය නිසා ස්කොට්ලන්තය ලකුණු 34-7 කින් පරදවා සය කොන් රග්බි ශූරතාවලියට සාර්ථකව අවතීර්ණවීමට වේල්සය සමත්විය. එංගලන්තයේ කාඩීෆ් නුවරදී සෙනසුරාදා පැවැති මෙම තරගයේදී වැඩි අවධානයට ලක්වූ කණ්ඩායමක් වන ස්කොට්ලන්ත පිලේ පරාජය කැපී පෙනෙන සිදුවීමක් විය.

පසුගිය වසරේදී ස්කොට්ලන්තය හමුවේ ලැබූ පරාජයේ වේදනාත්මක මතක සටහන මකා දමමින් වේල්සය ඊයේ ලැබූ ජයග්‍රහණයට උරදුන් හාෆ්පෙනී දිනුම් දෙකක්ම තබද්දී ගැරත් ඬේවිස් සහ ස්ටෙෆ් එවන්ස් උත්සාහක දිනුම බැගින් තබමින් ජයග්‍රහණයට පාර කැපූහ.

අත්දැකීම් බහුල ෆුල් බෑක් ක්‍රීඩක හාෆ්පෙනී කාඩිෆ් නුවර පැවැති මේ තරගයේ ලකුණු 14 ක්ම රැස් කිරීමට සමත්වීම කැපී පෙනුණි. වසර 2002 සිට කාඩිෆ් නුවරදි රග්බි තරගයක් දිනා නොමැති ස්කොට්ලන්තය වේල්සයේ අගනුවරට පැමිණියේ පසුගිය වසරේ නොවැම්බරයේදී ඔස්ටේ්‍රලියාවට එරෙහිව ලැබූ ජයග්‍රහණයේ සහ රග්බි ලෝක ශූරයන් ඕල් බ්ලැක්ස් පිල හමුවේ ලැබූ සියුම් පරාජයේ මතක සටහනත් තුරුළු කරගනිමිනි.

බ්‍රිතාන්‍ය ජාතිකයන් 6ක් සහ අයර්ලන්තයේ සුපිරි ක්‍රීඩකයන් කිහිපදෙනකු අහිමිවී තිබුණත් මීටර් 60ක දුරක සිට ස්කොට්ලන්තයේ අලි ප්‍රයිස් සිය සහයක ක්‍රීඩක කැන්ටර් වෙත පිරිනැමු පන්දුව ඩැහැගත් ඩේවිස් තැබූ අනගි උත්සාහක දිනුමෙන් වේල්සය ප්‍රින්සිපලිටි ස්ටේඩියම් හී පැවැති මේ තරගයට සාර්ථක ආරම්භයක් ලබාගත්තේය. හාෆ්පෙනීගේ පළමු උත්සාහක දිනුම වාර්තා වූයේ පළමු මිනිත්තු 15දී හුස්මක් කටක් නොගෙන ක්‍රීඩා කළ ස්කොට්ලන්තය තරගයට සාර්ථකව අවතීර්ණවීමටත් පෙරය. එය ඔහු වසර 2013න් පසුවත්, තරග 38කට පසුවත් තැබූ මුල්ම උත්සාහක දිනුමද විය.

අනාවැකි පළ කළ නොහැකි කණ්ඩායමක් ලෙස ප්‍රකට ස්කොට්ලන්තය අවස්ථා කිහිපයකදීම වුවමනාවට වඩා තරගකාරීවීමට පෙළැඹිමෙන් තීරකවරයාගේ උදහසට ලක්වී තිබේ. එසේ වුවත් මෙම තරගයේදී වේල්සයේ ආරක්ෂක වළල්ලට කිසිම අයුරක පීඩනයක් ගෙනදීමට ඔවුන් සමත්වූයේද නැත. ඒ අතින් ඉදිරියෙන් සිටි වේල්සය කළ එකම වරද වූයේ ස්කොට්ලන්තයේ පීටර් හෝන්ස්ට උත්සාහක දිනුමක් කරා යාමට ඉඩදීම පමණි.

ඉතාලියට පමණක් ඉහළින් සිටි කණ්ඩායමක් ලෙස පසුගිය වසරේ තරගාවලිය නිමාකළ වේල්සය අවසන් මිනිත්තු 30 දී තරගයේ පාලනය සියතට ගත්තේ ලබන සති අන්තයේදී මේ ශූරතාවලිය පිට පිට දෙවතාවක් දිනු එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට අවශ්‍ය පූර්ණ විශ්වාසයත් ගොඩනගා ගනිමිනි.

මෙවර තරගාවලියේ දී ජනප්‍රිය ලේබල් අලවා සිටින එංගලන්තයට හා අයර්ලන්තයට ප්‍රබල තර්ජනයක් එල්ල කරනු ඇතැයි බොහෝ විචාරකයන්ගේ අනුමානයට ලක්වූ ස්කොට්ලන්තය ලබන සති අන්තයේදී අනාවැකි පළ කළ නොහැකි ප්‍රංශ කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.


- 077

 


අදහස් (0)

වේල්සයෙන් සාර්ථක ආරම්භයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.