Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් ක්‍රිකට් (දෙදින) තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී පූර්ණ ජයග්‍රහණ ලබා අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.
කොළඹ ඩී.එස්. සේනානායක විදුහලට එරෙහිව පැවැති තරගයේදී ඉනිමක සහ ලකුණු 228 ක දැවැන්ත ජයක් ලැබීමට වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. එහිදී විශ්ව චතුරංග (100 සහ 62) ශතකයක් සහ අර්ධ ශතකයක් ලබාගනිමින්ද, ශවිඳු පීරිස් ලකුණු 76 කට කඩුලු 13 ක් දවාගනිමින්ද වේල්ස් කුමර විදුහලේ ජයග්‍රහණයට මාර්ගය සැකසූහ.
ගාල්ල ඇලවීෂියස් විදුහලට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 9 ක පහසු ජයක් ලැබීමට ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ සමත් වූ අතර පුබුදු බණ්ඩාර නොදැවී ලකුණු 127 ක් රැස්කරමින් ත්‍රිත්ව විදුහල ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
ශාන්ත ජෝෂප්, මොරටුව ශාන්ත සෙබස්තියන්, කොළඹ මහානාම, කොළඹ ආනන්ද, මහින්ද සහ නාලන්දා යන විදුහල් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගවලදී පළමු ඉනිමේ ජයග්‍රහණ අත්කරගනිමිනි.
එම තරගවලදී ඇලවීෂියස් විදුහලේ රවිඳු සංජන (102), ශාන්ත ජෝෂප් විදුහලේ දුනිත් වෙල්ලාලගේ (137) සහ මාරිස්ටෙලා විදුහලේ ලසිත් කෲස්පුල්ලේ (නොදැවී 154) ශතක ලබාගැනීමට සමත් වූහ.
ශාන්ත ඇලවීෂියස් විදුලේ කවික දිල්ෂාන් (52/5), රිච්මන්ඞ් විදුහලේ කමිඳු මෙන්ඩිස් (87/5), මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ ප්‍රවීන් ජයවික්‍රම (64/5), ගාල්ල මහින්ද විදුහලේ පසන් පෙතන්ගොඩ (98/5) සහ නාලන්දාවේ ලක්ෂිත රසාංජන (67/6) කඩුලු 5 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. කඩුලු 5 ක් බැගින් දවාගත් ක්‍රීඩකයන් අතුරින් කමිඳු මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනාම ශ්‍රී ලංකා 19 න් පහළ පිල නියෝජනය කරන ක්‍රීඩකයෝ වෙති.
■ මොරටුවේදී
වේල්ස් කුමර විදුහලට ඉනිමක ජයක්
වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 72.2 කදී සියලු දෙනා දැවී 342
(විෂ්ව චතුරංග 100, දේවක පීරිස් 47, ප්‍රින්ස් ප්‍රනාන්දු 45, සඳුන් ප්‍රනාන්දු 35, විනුජ රන්පුල් 30, සුවත් මෙන්ඩිස් 27, සචින්ත හෙට්ටිගේ 90/3, දසුන් පෙරේරා 31/2, මෙතුෂාන් තිළිණ 57/2, මුදිත ලක්ෂාන් 62/2)
ඩී.එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 28.5 කදී සියලු දෙනා දැවී 89
(අයන්ත ශවින්ද 22, ශවිඳු පීරිස් 18/6, කෞමාල් නානායක්කාර 40/3)
වේල්ස් කුමර විදුහල දෙවැනි ඉනිම - ඕවර 22 කදී කඩුලු 6 ක් දැවී 134
(විෂ්ව චතුරංග 62, මුදිත ලක්ෂාන් 29/6)
ඩී.එස්. සේනානායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 159
(පසිඳු ආදිත්‍ය 40, ටිරෝන් බාස්කරන් 30, තුවින් ඔසඳ 26, අයන්ත ශවින්ද 23, ශවිඳු පීරිස් 58/7, කෞමාල් නානායක්කාර 74/3)
■ අස්ගිරියේදී
ත්‍රිත්ව විදුහලට කඩුලු 9 ක ජයක්
ඇලවීෂියස් විදුහල පළමු ඉනිම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 130
(අෂේන් බණ්ඩාර 49, රවිඳු සංජන 26, වී. නෙතුමාල් 43/4, හසිත බෝයගොඩ 24/3, ආර්. පීරිස් 18/2)
ත්‍රිත්ව විදුහල පළමු ඉනිම - ඕවර 50.1 කදී සියලු දෙනා දැවී 158
(එච්. ජයසූරිය 37, ඒ. ලොකුආරච්චි 37, හසිත බෝයගොඩ 25, අබිෂේක් ආනන්දකුමාර 25, කවික දිල්ෂාන් 52/5, හරීන් බුද්දිල 32/2)
ඇලවීෂියස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 33.4 කදී කඩුලු 5 ක් දැවී 227
(රවිඳු සංජන 102, සංදීප චමෝද් 52, අෂේන් බණ්ඩාර 34, ආර්. පීරිස් 38/2)
ත්‍රිත්ව විදුහල දෙවැනි ඉනිම - ඕවර 46.4 කදී කඩුල්ලක් දැවී 203
(පුබුදු බණ්ඩාර නොදැවී 127, එච්. ජයසූරිය 47, හසිත බෝයගොඩ නොදැවී 24)
■ ගාල්ලේදී
ශාන්ත ජෝෂප් විදුහලට පළමු ඉනිමේ ජයක්
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 65.3 කදී සියලු දෙනා දැවී 216
(තවීෂ අබිෂේක් 78, සඳුන් මෙන්ඩිස් 33, ආදිත්‍ය සිරිවර්ධන 33, ධනංජය ලක්ෂාන් 27, දුනිත් වෙල්ලාලගේ 65/4, මිරංග වික්‍රමගේ 28/3, අෂේන් ඩැනියෙල් 48/2)
රිච්මන්ඞ් විදුහල දෙවැනි ඉනිම - ඕවර 44 කදී කඩුලු 4 ක් දැවී 165
(ධනංජය ලක්ෂාන් 88, දුනිත් වෙල්ලාලගේ 33/3)
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 106.4 කදී සියලු දෙනා දැවී 401
(දුනිත් වෙල්ලාලගේ 137, ෂෙවාන් රසූල් 78, ජෙහාන් ඩැනියෙල් 47, අෂේන් ඩැනියෙල් නොදැවී 43, ලක්ෂාන් ගමගේ 34, කමිඳු මෙන්ඩිස් 87/5, අවිඳු තීක්ෂණ 66/2)
■ මීගමුවේදී
ශා. සෙබස්තියන් විදුහලට පළමු ඉනිමේ ජයක්
මාරිස්ටෙලා විදුහල පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී ලකුණු 201
(මනීෂ සිල්වා 48, නවීන් ප්‍රනාන්දු 33, පසිඳු උස්හෙට්ටි නොදැවී 28, රොෂේන් ප්‍රනාන්දු 26, කෙවින් පෙරේරා 24, ප්‍රවීන් ජයවික්‍රම 64/5, ප්‍රවීන් කුරේ 41/3)
ශාන්ත සෙබස්තියන් පළමු ඉනිම - ඕවර 95.1 කදී සියලු දෙනා දැවී ලකුණු 347
(නිෂිත අබිලාෂ් 92, නිවනිඳු ප්‍රනාන්දු 79, ජනිෂ්ක පෙරේරා 37, ප්‍රවීන් කුරේ 34, තරුෂ ප්‍රනාන්දු 30, ලසිත් කෲස්පුල්ලේ 39/3, රවිඳු ප්‍රනාන්දු 118/3)
මාරිස්ටෙලා විදුහල දෙවැනි ඉනිම - ඕවර 59 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 256
(ලසිත් කෲස්පුල්ලේ නොදැවී 154, කෙවින් පෙරේරා නොදැවී 67)
■ කොළඹදී
මහානාම විදුහලට පළමු ඉනිමේ ජයක්
මහානාම විදුහල පළමු ඉනිම - ඕවර 58.4 කදී සියලු දෙනා දැවී 148
(හේෂාන් නෙලික 40, වත්සර පෙරේරා 34, පවන් රත්නායක 28, විනුක රූබසිංහ 20, සවන් ප්‍රභාෂ් 16/2, නිපුන් ලක්ෂාන් 47/3, යෙෂාන් වික්‍රමසිංහ 4/2)
තර්ස්ටන් විදුහල පළමු ඉනිම - ඕවර 22.3 කදී සියලු දෙනා දැවී 72
(හේෂාන් නෙලික 21/4, පැතුම් බොතේජු 24/2, පියුමාල් සන්දීප 25/2)
මහානාම විදුහල දෙවැනි ඉනිම - ඕවර 73.2 කදී සියලු දෙනා දැවී 137
(විනුක රූබසිංහ 34, පැතුම් බොතේජු 26, බිෂාන් මෙන්ඩිස් 20, සඳරු ඩයස් 26/3, අයේෂ් හර්ෂණ 50/3)
තර්ස්ටන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 20.1 කදී කඩුලු 6 ක් දැවී 156
(යෙෂාන් වික්‍රමාරච්චි නොදැවී 95, හේෂාන් නෙලික 78/2)
■ කොළඹදී
ආනන්ද විදුහලට පළමු ඉනිමේ ජයක්
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 128
(මොහොමඞ් අමීන් 22, දෙනෙත් නිස්සංක 34/4, අසේල් සිගේරා 14/3, ගිහාන් විෂ්වජිත් 2/2)
ආනන්ද විදුහල පළමු ඉනිම - ඕවර 70.5 කදී සියලු දෙනා දැවී 213
(කනිෂ්ක රන්තිලකගේ 51, ශාමල් හිරුෂාන් නොදැවී 45, කවිඳු ගිම්හාන් 26, ගිහාන් විෂ්වජිත් 22, සන්තුස් ගුණතිලක 42/3, මොහොමඞ් අමීන් 81/3, සචින් සිල්වා 37/2)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 56 කදී කඩුලු 4 ක් දැවී 166
(සුලක්ෂණ ප්‍රනාන්දු 69, නිපුනක ෆොන්සේකා 46, ශැනෝන් ප්‍රනාන්දු 22)
■ ගාල්ලේදී
මහින්ද විදුහලට පළමු ඉනිමේ ජයක්
ගුරුකුල විදුහල පළමු ඉනිම - ඕවර 78.4 කදී සියලු දෙනා දැවී ලකුණු 229
(පැතුම් මහේෂ් 58, ලසිඳු අරෝෂ් 56, කෙමිර නයනතරු 32, නවන් චානක 26, පසන් පෙතන්ගොඩ 98/5)
මහින්ද විදුහල පළමු ඉනිම - ඕවර 78.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 265
(කවිඳු එදිරිවීර නොදැවී 66, කේ.කේ. කෙවින් 40, හංසික වැලිහිඳ 39, විනුර දුල්සර 23, නුවන් චානක 51/3, පෘතුවි රූසර 57/3)
■ ගල්කිස්සේදී
නාලන්දා විදුහලට පළමු ඉනිමේ ජයක්
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 82.2 කදී කඩුලු 9 ක් දැවී 254
(සිතාර හපුහින්න 76, මනීෂ රූපසිංහ 51, ශලින් ද මෙල් 40, ලක්ෂිත රසාංජන 67/6, රවීන් ද සිල්වා 42/2)
නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 90 කදී කඩුලු 8 ක් දැවී 262
(චමිඳු විජේසිංහ 79, රවීන් ද සිල්වා නොදැවී 63, ලක්ෂිත රසාංජන 39, දිල්හාර පොල්ගම්පල 28, තෙවින් ඊරියගම 35/2, ඩෙලන් පීරිස් 58/2, කළණ පෙරේරා 60/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.