Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ඕස්ට්‍රේලියාවේ ගීලෝන් නුවර සයිමන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී නැමීබියාවට එරෙහිව අද (16 වැනිදා) පැවැති තරගයේදී ලකුණු 164 ක් හඹායෑම අඩාල වීමට හේතුව අධිවේගී ඕවර 6 තුළ කඩුලු 3 ක් බිඳවැටීම බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක තරගයෙන් අනතුරුව කියා සිටියේය.
මුලු ලකුණු සංඛ්‍යාව 12 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 6 කට දැවී ගියේ ඩීවේඩ් වීස් යැවූ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදීය. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ බෙන් ශිකොන්ගෝ තෙවැනි ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලදී පැතුම් නිස්සංක (9) සහ ධනුෂ්ක ගුණතිලක (0) පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පීඩනය වැඩි කළේය.
“160 ක් වගේ ලකුණු සංඛ්‍යාවක් හඹයෑමේදි අපිට අධිවෙගි ඕවර 6 තුළ කඩුලු 3 ක් අහිමිකර ගන්න බැහැ. ඒ වගේ දෙයක් වුණාම නැවත තරගයට අවතීර්ණ වෙන්න හරිම අමාරුයි. මීට කළින් අපි එහෙම කරලා තියෙනවා. ඒත් අද අපිට එහෙම කරන්න බැරි වුණා. ඒකෙ පූර්ණ ගෞරවය නැමීබියානු පන්දු යවන්නන්ට හිමිවිය යුතුයි. ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැවුවා.” යැයි දසුන් පැවසීය.
පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියානු කණ්ඩයමේ කඩුලු 6 ක් ලකුණු 93 කට දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 69 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ජෑන් ෆ්‍රෑන්ක්ලින් (44) සහ ජේ.ජේ. ස්මිට් (නොදැවී 31) ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවූ ඉලක්කයක් කරා නැමීබියානු කණ්ඩායම කැඳවාගෙන ගියහ.
“ලකුණු 160 ක් කියන්නෙ මේ තණතීරුවෙ එතරම් පහසු ඉලක්කයක් නෙමෙයි. ඔවුන් හතරේ සීමාව කෙටි ප්‍රදේශවලින් වැඩි පුර ලකුණු රැස්කළා. අපේ පන්දු යවන්නො අවසන් ඕවර කිහිපයේදී නිවැරදි එල්ලයකට පන්දු යැව්වෙ නැහැ. ඒකෙන් ඔවුන් උපරිම ප්‍රයෝජන ගත්තා කියලා මම හිතනවා.”
“මුල් කඩුලු 6 බිඳ වැටුණාම අපි උත්සහ කළ යුතුව තිබුණෙ කෙසේ හෝ 7 වැනි කඩුල්ලත් දවාගන්න. ඒත් අපේ පන්දු යවන්නෝ ඒ වෙලාවෙ කඩුල්ලක් දවාගන්න පුලුවන් විදියේ පන්දු යැවුවේ නැහැ. අත්දැකීම් සහිත ක්‍රීඩකයෝ විදියට අපිට ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න තිබුණා.” යැයිද දසුන් කියා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.