Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර බ්ලොයෙම්ෆොන්ටන්හිදී ඊයේ (9 වැනිදා) පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 123 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියාව සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද ඕස්ට්‍රේලියාවට හැකි විය.
ජයග්‍රණය සඳහා ලකුණු 393 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 41.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 269 ක් පමණි. හෙන්රිච් ක්ලාසන් සහ ඩේවිඩ් මිලර් ලකුණු 49 බැගින් ලබා සිටියදී අර්ධ ශතක පෙනි පෙනී දැවී ගිය අතර ඔවුන්ට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි වූහ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඇඩම් සම්පා නිලකුණු ඕවරයක්ද සමග ඕවර 9 ක් යවමින් ලකුණු 48 කට කඩුලු 4 ක් බිඳහෙළීමට සමත් විය. නේදන් එලිස්, ෂොන් ඇබට් සහ ඒරන් හාඩි කඩුලු 2 බැගින් දවාගනිමින් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා සම්පාට අනගි සහායක් දුන්හ.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානුවෝ ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 392 ක් ලබාගත් අතර ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් (106) සහ මානස් ලැබුෂේන් (124) ශතක ලබාගනිමින් ඕස්ට්‍රේලියානු ඉනිම සවිමත් කළහ. පන්දු 93 කදී වාර්තා වූ වෝනර්ගේ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින් සමන්විත විය.
පන්දු 99 කට මුහුණදුන් ලැබුෂේන් හයේ පහරකින් සහ හතරේ පහර 19 කින් සිය ශතකය සැරසුවේය. වෝනර් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 124 කදී ලකුණු 151 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලැබුෂේන්, ඉන් නොනැවතී ජොෂ් ඉංග්ලිෂ් (50) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියානු ඉනිම ගොඩනැගුවේය.
ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 392
(ඩේවිඩ් වෝනර් 106, ට්රවීස් හෙඩ් 64, මානස් ලැබුෂේන් 124,ජොෂ් ඉංග්ලිෂ් 50, තබ්රේෂ් ශම්ෂි 61/4, කගිසෝ රබාඩා 79/2)
දකුණු අප්‍රිකාව - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 269
(ක්වින්ටින් ඩි’කොක් 45, ටෙම්බා බවුමා 46, රාසි වැන්ඩර් ඩසන් 17, හෙන්රිච් ක්ලාසන් 49, ඩේවිඩ් මිලර් 49, මාකෝ ජැන්සන් 23, ඇඩම් සම්පා 48/4, නේදන් එලිස් 32/2, ෂොන් ඇබට් 50/2, ඒරන් හාඩි 62/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.