Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර බංග්ලාදේශයේ චිතගොංහි සහුර් අහමඞ් චෞද්‍රි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9 ක් දැවී ලකුණු 377 ක් ලබා සිටියේය.
ඒ අනුව ඕස්ට්‍රේලියාව කඩුල්ලක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 72 ක් ඉදිරියෙන් සිටියි. තෙවැනි දිනය වූ අද (6 වැනිදා) තරගය නතර කරන විට ස්ටීව් ඕ’කේෆ් ලකුණු 8 ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ රැදී සිටි නේදන් ලයන් ලකුණු ලබා සිටියේ නැත.
ඩේවිඩ් වෝනර් (123) සහ පීටර් හෑන්ඞ්ස්කොම්බ් (82) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 152 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ලකුණු 82 ක් ලබා සිටි පීටර් හෑන්ඞ්ස්කොම්බ් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට සකීබ් අල් හසන් සමත් වීමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ.
ඬේවිඞ් වෝනර් දැවී ගියේ මුස්තෆිසුර් රෙහෙමාන්ගේ පන්දුවක් හමුවේ ඉම්රුල් කේයස් අතට උඩ පන්දුවක් දෙමිනි. සිය 20 වැනි ටෙස්ට් ශතකයට හතරේ පහර 7 ක් අන්තර්ගත කිරීමට වෝනර් සමත් වූ අතර හෑන්ඞ්ස්කොම්බ්ගේ සිවුවැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය.
දෙවැනි දිනය වූ ඊයේ (5 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 152 එක්කර ගත්හ.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ මුස්තෆිසුර් රෙහෙමාන් සහ මෙහෙදි හසන් කඩුලු 3 බැගින් දවාගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පීඩනයට පත්කළහ.
බංග්ලාදේශ පළමු ඉනිම - සියලු දෙනා දැවී 305
(සෞම්‍ය සාකර් 33, මොමිනුල් හක් 31, සකීබ් අල් හසන් 24, මුෂ්ෆිකුර් රහීම් 68, සබීර් රෙහෙමාන් 66, නසිර් හුසේන් 45, නේතන් ලයන් 94/7, ඇෂ්ටන් ආගර් 52/2)
ඕස්ට්‍රේලියාව පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 377
(ඬේවිඞ් වෝනර් 123, ස්ටීවන් ස්මිත් 58, පීටර් හෑන්ඞ්ස්කොම්බ් 82, ග්ලේන් මැක්ස්වෙල් 38, ඇස්ටන් ආගර් 22, මුස්තෆිසුර් රෙහෙමාන් 84/3, මෙහෙදි හසන් 93/3)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.