Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශි‍්‍රයාන් - කුෂාන් නුවරඑළියේදී ගෞරව දිනති

ශි‍්‍රයාන් - කුෂාන් නුවරඑළියේදී ගෞරව දිනති

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නුවර එළිය නගර මධ්‍යයේදී පැවති නුවර එළිය මාර්ග මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශි‍්‍රයාන් සැමුවෙල් සහ කුෂාන් පීරිස් සමත්වූහ.

එහිදී අනික් තරගකරුවන්ට ප‍්‍රබල තර්ජනයක්වූ ශි‍්‍රයාන් සැමුවෙල් යතුරුපැදි ජයග‍්‍රහණ දෙකකට හිමිකම් කීවේ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය හා නවීකරණය කරන ලද (සි. ධා. 600 දක්වා) තරගය සහ ‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද (සි. ධා. 175 සිට 250 දක්වා) තරග ජය ගනිමිනි. ඉන් පළමු තරගයේ දෙවැනි ස්ථානය ඉන්ෆාස් බෂීර් දිනාගත් අතර දෙවැනි තරගයේ දෙවැනි ස්ථානය ලතික ශාමල් දිනාගත්තේය.  

ප‍්‍රවීන මෝටර් රථ රියදුරකු වන උපුල්වන් සේරසිංහ සමග කළ ඉතා තියුණු තරගයකින් අනතුරුව ‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර්/මැස්ඩා මෝටර් රථ තරග දෙකම ජය ගැනීමට කුෂාන් පීරිස් සමත්විය. එහි පළමු තරගයේ තෙවැනි ස්ථානය ජනිත් කුමාරගේට හිමිවූ අතර දෙවැනි තරගයේ තෙවැනි ස්ථානය රජිත් උලූවිටට හිමිවිය.

අධිබලැති යතුරුපැදි භාවිතා කරමින් තරගවදින ‘එම්’ කාණ්ඩයේ යතුුරුපැදි (සි. ධා. 900 සිට සි. ධා. 1000 දක්වා) තරගය ජය ගැනීමට මධුරංග කල්දේරා සමත්වූ අතර ඒ සඳහා ඔහු යමහා ආර්. 1 (සි. ධා. 1000) යතුරුපැදියක් භාවිතා කළේය.

තවත් වේගවත් තරග ඉසව්වක් ලෙස හැදින්වෙන ‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුුරුපැදි (සි. ධා. 250 සිට 1000 දක්වා) විවෘත තරගය ජය ගැනීමට සුරාජ් පෙරේරා සමත්වූයේ එම ඉසව්වට සහභාගීවූ තවත් ප‍්‍රබල තරගකරුවන් වන ආනන්ද වෙඩිසිංහ, ආනන්ද සම්පත් වීරසිංහ, ශි‍්‍රයාන් සැමුවෙල්, ඉරන්ත තාරුක, කසුන් සුබසිංහ සහ ජේඞ්න් ගුණවර්ධන පරාජය කරමිනි.

තවමත් වයස අවුරුදු 12 ක් වයසැති ලාබාල යතුරුපැදි කරුවකු වන ජේඞ්න් ගුණවර්ධන ‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුුරුපැදි (සි. ධා. 175 සිට 250 දක්වා) සහ (සි. ධා. 290 සිට 450 දක්වා) තරගය ජයගැනීමට සමත්වූ අතර ඉන් නොනැවතී තරගවලිය තුළදී තවත් දෙවැනි ස්ථාන 2 ක් සහ තෙවැනි ස්ථානයක් දිනාගැනීමට සමත්වූයේ තමන්ට වඩා පළපුරුදු මෙන්ම වයසින් දෙගුණයක් පමණ වැඩි තරගකරුවන් පසුපසට ඇද දමමිනි.

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ සුබාරු මෝටර් රථ (සි. ධා. 2200 දක්වා) තරගය ජය ගැනීමට චවින්ද ධර්මවර්ධන සමත්වූ අතර ‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ නවීකරනය කරන ලද මෝටර් රථ (සි. ධා. 1050 දක්වා) තරගය ජය ගැනීමට යෝගා පෙරේරා සමත්විය.

නුවර එළිය මෝටර් රථ තරගකරුවන්ගේ සංගමය සහ නුවර එළිය නගර සභාව, ශ්‍රී ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය සමග එක්ව සංවිධානය කළ මෙම තරගාවලිය නැරඹීම සඳහා 10,000 ආසන්න පේ‍්‍රක්ෂකයෝ පිරිසක් පැමිණ සිටියහ.

යතුරුපැදි තරග ප‍්‍රතිඵල

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යමහා යතුරුපැදි (සි. ධා. 125 සිට 160 දක්වා) තරගය
1 එරන්ද සම්පත් (යමහා එෆ්.2 150)
2 නිමේෂ සඳරුවන් (යමහා එෆ්.2 150)
3 රොයිස්ටන් කුයින් (යමහා එෆ්.2 150)

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය බජාජ් පල්සර් යතුරුපැදි (සි. ධා. 100 සිට 125 දක්වා) තරගය
1 ආනන්ද සම්පත් වීරසිංහ (බජාජ් පල්සර් 150)
2 ගනීෂන් විජේකුමාර් (බජාජ් පල්සර් 135)
3 ජයශාන්ත කරඳවෙල (බජාජ් පල්සර් 150)

‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුුරුපැදි (සි. ධා. 175 සිට 250 දක්වා) සහ (සි. ධා. 290 සිට 450 දක්වා) තරගය
1 ජේඞ්න් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. 250)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුුරුපැදි (සි. ධා. 900 සිට සි. ධා. 1000 දක්වා) තරගය
1 මධුරංග කල්දේරා (යමහා ආර්.1 1000)
2 සී. සී. එදිරිසිංහ (හොණ්ඩා සී. බී. ආර්. 929)

‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුුරුපැදි (සි. ධා. 250 සිට 1000 දක්වා) විවෘත තරගය
1 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. 450)
2 ආනන්ද සම්පත් වීරසිංහ (යමහා වයි. ඉසෙඞ්. එෆ්. 450)
3 ශි‍්‍රයාන් සැමුවෙල් (කේ. ටී. එම්. 890)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුුරුපැදි (සි. ධා. 600 දක්වා) තරගය
1 ශි‍්‍රයාන් සැමුවෙල් (යමහා වයි. ඉසෙඞ්. එෆ්. ආර්.6 600)
2 ඉන්ෆාස් බෂීර් (සුසුකි ජී. එස්. එක්ස්. ආර්. 600)
3 භාසිත් බකීර් (හොණ්ඩා සී. බී. ආර්. 600)

‘එස්. එම්.’ කාණ්ඩයේ සුපිරි යතුුරුපැදි (සි. ධා. 100 සිට 125 දක්වා) සහ (සි. ධා. 175 සිට 250 දක්වා) තරගය
1 කසුන් ධනුෂ්ක සුබසිංහ (යමහා වයි. ඉසෙඞ්. 250)
2 ජේඞ්න් ගුණවර්ධන (යමහා වයි. ඉසෙඞ්. 250)
3 ඩබ්ලිව්. සී. පී. වීරසිංහ (හොණ්ඩා සී. ආර්. එෆ්. 250)

‘ආර්’ කාණ්ඩයේ රේසිං යතුරුපැදි (සි. ධා. 100 සිට 350 දක්වා) විවෘත තරගය
1 ප‍්‍රභාත් පීරිස් (යමහා ටී. ඉසෙඞ්. 125)
2 ජේඞ්න් ගුණවර්ධන (යමහා ටී. ඉසෙඞ්. 125)
3 ආනන්ද වෙඩිසිංහ (හොණ්ඩා ආර්. එස්. 125)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (සි. ධා. 175 සිට 250 දක්වා) තරගය
1 ශි‍්‍රයාන් සැමුවෙල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
2 ලතික ශාමල් (හොණ්ඩා සී. බී. ආර්. 250)
3 කුංචන ද සිල්වා (හොණ්ඩා සී. බී. ආර්. 250)

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 125 සිට 160 දක්වා) තරගය
1 ඒරන් ගුණවර්ධන (හොණ්ඩා සී. බී. ආර්. 150)
2 සංජීව උදය කුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 145)
3 ශස්රන් ඉස්මත් (හොණ්ඩා සී. බී. ආර්. 150)

‘එම්’ කාණ්ඩයේ සාමාන්‍ය සහ නවීකරණය කරන ලද යතුරුපැදි (සි. ධා. 100 සිට 125 දක්වා) තරගය
1 උදාන පෙරේරා (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 චතුර මදුසංක (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 ජේඞ්න් ගුණවර්ධන (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 100 සිට 125 දක්වා) තරගය
1 සංජීව උදය කුමාර (හොණ්ඩා ජේ. එක්ස්. 125)
2 චමින්ද සුබසිංහ (හොණ්ඩා ජේ. එක්ස්. 125)
3 රොහාන් ඞී. පතිරණ (හොණ්ඩා ජේ. එක්ස්. 125)

‘ ඕ’ කාණ්ඩයේ සාමාන්‍ය යතුරුපැදි (සි. ධා. 100 සිට 125 දක්වා) සන්නද්ධ සේවා තරගය
1 කේ. පී. දර්ශන (හොණ්ඩා සී. බී. ජේ. එක්ස්. 125)
2 එම්. එස්. සී. පෙරේරා (හොණ්ඩා සී. බී. ජේ. 125)
3 එස්. ආර්. සමන්ත (හොණ්ඩා ජේ. එක්ස්. 125)

මෝටර් රථ තරග ප‍්‍රතිඵල

‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ කුඩා 7 මෝටර් රථ (සි. ධා. 1000 දක්වා) තරගය
1 ශෂික ලක්මාල් (ඔස්ටින් මිනි 1000)
2 ඩිලාන් පෙරේරා (ඔස්ටින් මිනි 1000)
3 සුරේෂ් කුමාර් (ඔස්ටින් මිනි 1000)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ (සි. ධා. 1300 දක්වා) තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1300)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1300)
3 ජනිත් කුමාරගේ (ෆෝඞ් ලේසර් 1300)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ සාමාන්‍ය මෝටර් රථ (සි. ධා. 1000 දක්වා) තරගය
1 ධම්මික පීරිස් (නිසාන් මාර්ච් 1000)
2 ගයාන් රණතුංග (නිසාන් මාර්ච් 1000)
3 හර්ෂ පඬුවාවල (නිසාන් මාර්ච් 1000)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ ෆෝඞ් ලේසර් / මැස්ඩා මෝටර් රථ (සි. ධා. 1500 දක්වා) තරගය
1 කුෂාන් පීරිස් (මැස්ඩා ෆැමීලියර් 1500)
2 උපුල්වන් සේරසිංහ (ෆෝඞ් ලේසර් 1500)
3 රජිත් උලූවිට (ෆෝඞ් ලේසර් 1500)

‘එස්. එල්. එන්.’ කාණ්ඩයේ සුබාරු මෝටර් රථ (සි. ධා. 2200 දක්වා) තරගය
1 චමින්ද ධර්මවර්ධන (සුබාරු ලෙගාසි 2000)
2 ටිරෝන් හෙන්දාවිතාරණ (සුබාරු ලෙගාසි 2000)
3 ශිරාස් ෆෙරෝස් (සුබාරු ලෙගාසි 2000)

‘එස්. එන්. ඒ.’ කාණ්ඩයේ නවීකරනය කරන ලද මෝටර් රථ (සි. ධා. 1050 දක්වා) තරගය
1 යෝගා පෙරේරා (ඔස්ටින් මිනි 1050)
2 ඩිලාන් පෙරේරා (ඔස්ටින් මිනි 1000)
3 මංජුල ශිරාන් (නිසාන් මාර්ච් 1000)

 


අදහස් (0)

ශි‍්‍රයාන් - කුෂාන් නුවරඑළියේදී ගෞරව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.