Last Update  :  2025-01-16 16:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශකීල් - වසිම් පාකිස්තානය ගලවාගනිති
කරච්චි ටෙස්ට් තරගය

ශකීල් - වසිම් පාකිස්තානය ගලවාගනිති

editorial - 2022 දෙසැ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉෂ් සෝධි ටෙස්ට් ඉනිමකදී පළමු වතාවට කඩුලු 6 ක් දවාගත් නමුත් පාකිස්තානු පිතිකරුවන්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹය හේතුවෙන් කරච්චි ටෙස්ට් තරගයේදී වාසිදායක තීරණයක් ලබාගැනීමට නවසීලන්තය අපොහොසත් විය. කරච්චියේ ජාතික ක්‍රීඩාංගණයේදී පැවැති පළමු වැනි ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 311 ක් ලබාගත් පාකිස්තානුවෝ, තරගය ජය ගැනීමට නම් හෝරාවක් වැනි කාලයක් ඇතුළත ලකුණු 138 ක් ලබාගන්නා ලෙස නවසීලන්තයට අභියෝගය කළහ. නවසීලන්තයද ඉලක්කය හඹා ගිය නමුත්, මන්දාලෝකය හේතුවෙන් විනිසුරු අලීම් දාර් විසින් තරගය නතර කරනු ලබන විට කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටියේය.

කේන් විලියම්සන්ගේ ද්විත්ව ශතකය හේතුවෙන් මුල් ඉනිමේදී ලකුණු 174 ක අවාසියකට මුහුණ දුන් පාකිස්තානයට ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් දෙවැනි ඉනිමේදී එම ලකුණු සංඛ්‍යාව ඉක්මවා යා යුතු විය. කඩුලු 6 ක් අතැතිව තිබියදී එම ඉලක්කය පසුකර ගිය පාකිස්තානු කණ්ඩායම තරගයේ අවසන් දිනය වූ අද (30 වැනිදා) අවසන් හෝරව දක්වාම පිතිහරඹයේ යෙදුණහ.

මේ වන විට 30 හැවිරිදි වියේ පසුවන ඉෂ් සෝධි ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ වසර 4 කට පසුවය. සෝධි, අද දිවා ආහාරයෙන් පසුව කඩුලු 3 ක දවාගනිමින් තරගයේ වාසිය නවසීලන්තය වෙත ඇදගත්තේය.

සර්ෆ්‍රාස් අහමඩ් (53), අඝා සල්මාන් (06) සහ ඉමාම් උල් හක් (96) තිදෙනාම, පන්දු 27 ක් ඇතුළතදී ඉෂ් සෝධි හමුවේ දැවී ගියහ. එහෙත් සවුද් ශකීල් (නොදැවී 55) මොහොමඩ් වසීම් (43) එක්ව 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් පාකිස්තානය පරාජයෙන් ගලවා ගත්හ. යම් හෙයකින් ලකුණු 220 ක් ආසන්නයේදී 8 වැනි කඩුල්ලත් දැවී ගියේ නම් පාකිස්තානය, සිය මව්බිමේදීම, පිට පිටම පස්වැනි ටෙස්ට් තරගයත් පරාජය වීමට ඉඩ තිබිණ.


පාකිස්තානය - පළමු ඉනිම 438 යි
නවසීලන්තය - පළමු ඉනිම කඩුලු 9 ක් දැවී 612 යි
පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලු 8 ට 311 යි

(අබ්දුල්ලා ශෆීක් 17, ඉමාම් උල් හක් 96, ශාන් මසූඩ් 10, බාබර් අසාම් 14, සර්ෆ්‍රාස් අහමඩ් 53, සවුද් ශකීල් නොදැවී 55, මොහොමඩ් වසිම් 43, මයිකල් බ්‍රේස්වෙල් 82/2, ඉෂ් සෝධි 86/6)
නවසීලන්තය - දෙවැනි ඉනිම කඩුලු 1 ට 61 යි
(ඩෙවොන් කොන්වේ නොදැවී 18, ටොම් ලේතම් නොදැවී 35)

- 213

 


අදහස් (0)

ශකීල් - වසිම් පාකිස්තානය ගලවාගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.