Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2023 නිලවරණයේදී එහි වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා සහ ලේකම් මොහාන් ද සිල්වා යන මහත්වරු පිට පිටම තුන්වැනි වතාවටත් සභාපති තනතුරට සහ ලේකම් තනතුරු වලට පත්වීමට නියමිතය. වසර 2023 - 2025 කාල පරාසය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට (20 වැනිදා) පෙරවරු 10.00 ට කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම හෙට පැවැත්වෙන නමුත් නිලවරණය ඒක පාර්ශ්වික වූවකි. නිලවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කරන තිබෙන ඇතැම් නිලධාරීන් හෙට පෙරවරුවේදී එම අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරීන්ම නැවත වරක් එම තනතුරු වලට පත්වීමට නියමිතය. වසර 2019 න් පසුව, ශම්මි සිල්වා සහ මොහාන් ද සිල්වා යන මහත්වරුන් මෙම තනතුරු වලට පත්වන්නේ පිට පිටම තුන්වැනි වතාවටය.
වසර 2019 දී කේ. මතිවානන් (සභාපති), නිශාන්ත රණතුංග (ලේකම්) සහ බන්දුල වර්ණපුර (උප සභාපති) යන මහත්වරුන් නිලවරණයට දින දෙකක් තිබියදී සිය අපේක්‍ෂකත්වය ඉල්ලා අස්කරගැනීම හේතුවෙන් සභාපති තනතුරට ශම්මි සිල්වා මහතාත්, ලේකම් තනතුරට මොහාන් ද සිල්වා මහතාත් පත්වූහ. ඒ සමගම ජයන්ත ධර්මදාස සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරු උප සභාපතිවරුන් ලෙස තේරී පත්වූහ.
වසර 2021 නිලවරණයේදී මෙම සියලු දෙනාම නිතරගයෙන් පත්වූ අතර හෙට පැවැත්වෙන (2023) නිලවරණයේදීත් ප්‍රධාන තනතුරු 4 ට හිටපු නිලධාරීන්ම පත්වනු ඇතැයි වාර්තාවේ. මේ සියලු දෙනාම නැවතත් හිටපු තනතුරු සඳහා පත්වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන බලපෑම් ඇතැයි යන්න සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විමර්ශන ආරම්භ වී තිබියදීය.
විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් නිලවරණ කමිටුව මගින් මෙවරත් ක්‍රිකට් නිලවරණය අධීක්‍ෂණය කරනු ලබයි. හිටපු මහාධිකරණ විනිසුරු ශිරෝමි පෙරේරා මහත්මිය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරියකු වන සුනිල් සිරිසේන මහතා නිලවරණ කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.