Last Update  :  2025-03-04 14:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශ්‍රී ලංකා ප්‍රවීනයෝ ලකුණු 4 කින් පරදිති

ශ්‍රී ලංකා ප්‍රවීනයෝ ලකුණු 4 කින් පරදිති

editorial - 2025 පෙබ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රවීනයන්ගේ ලීග විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී කුමාර් සංගක්කාර නායකත්වය දරන ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට එරෙහිව ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කිරීමට සචින් ටෙන්ඩුල්කාර් නායකත්වය දරන ඉන්දීය ප්‍රවීනයන්ගේ කණ්ඩායම ඊයේ (22 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 223 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 218 ක් පමණි. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ සංගක්කර, පන්දු 30 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු 51 ක් රැස්කළේය. 

ළහිරු තිරිමාන්න පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 24 ක්ද, අසේල ගුණරත්න පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 37 ක්ද රැස්කළහ. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජීවන් මෙන්ඩිස් පන්දු 17 කදී ලකුණු 42 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් සමගිනි. 

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉර්ෆාන් පතාන් ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත් අතර ධවාල් කුල්කර්ණි, අභිමන්යු මිතුන් සහ විනේ කුමාර් කඩුලු 2 බැගින් බිඳහෙළමින් ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා පතාන්ට අනගි සහායක් දුන්හ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ප්‍රවීනයන්ගේ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 22 ක් ලබාගත්තේය. එහිදී ස්ටුවට් බිනී (68) සහ යූසෆ් පතාන් (නොදැවී 56) අර්ධ ශතක ලබාගත්හ. පන්දු 31 කදී වාර්තා වූ බිනීගේ ඉනිම හයේ පහර 7 ක් සහ හතරේ පහර 3 කින්ද, පන්දු 22 කදී වාර්තා වූ යූසෆ්ගේ ඉනිම හයේ පහර 6 ක් සහ හතරේ පහර 3 කින්ද සමන්විත විය. 


ඉන්දීය ප්‍රවීනයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 222
(ගුර්කීට් සිං 44, ස්ටුවට් බිනී 68, යුවරාජ් සිං නොදැවී 31, යූසෆ් පතාන් නොදැවී 56, සුරංග ලක්මාල් 34/2) 

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 218 
(කුමාර් සංගක්කාර 51, ළහිරු තිරිමාන්න 24, අසේල ගුණරත්න 37, අෂාන් ප්‍රියන්ජන් 17, ජීවන් මෙන්ඩිස් 42, ඉසුරු උදාන 23, ඉර්ෆාන් පතාන් 39/3, ධවාල් කුල්කර්ණි 34/2, අභිමන්‍යු මිතුන් 41/2, විනේ කුමාර් 53/2) 

-036 


අදහස් (0)

ශ්‍රී ලංකා ප්‍රවීනයෝ ලකුණු 4 කින් පරදිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.