Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශර්මා - රයිඩු - අහමඩ් ඉන්දියාව දිනවති

ශර්මා - රයිඩු - අහමඩ් ඉන්දියාව දිනවති

ශනුක අරවින්ද - 2018 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව මුම්බායිහිදී ඊයේ (29 වැනිදා) පැවැති සිවුවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 224 ක දැවැන්ත ජයක් ලැබූ ඉන්දීය කණ්ඩායම, තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන තරගය 5 කින් සමන්විත එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ජයගැනීමට සමත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 377 ක් ලබාගත් අතර එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිතර වූ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා හයේ පහර 4 ක් සහ හතරේ පහර 20 ක් සමග පන්දු 137 කින් ලකුණු 162 ක් රැස්කළේය. ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා ශර්මාට අනගි සහායක් දුන් අම්බටි රයිඩු පන්දු 81 කදී ලකුණු 100 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.

ශිකර් ධාවන් (36) සමග එක් දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 71 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ශර්මා, ඉන් නොනැවතී සිවුවැනි කඩුල්ල වෙනුවෙන් අම්බටි රයිඩු සමග එක්ව පන්දු 163 කදී ලකුණු 211 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය. පන්දු 40 කදී වාර්තා වූ ධවාන්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 378 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඕවර 36.2 ක් අවසානයේ ලකුණු 152 කට සීමා කිරීමට කලීල් අහමඞ් සහ කුල්දීප් යාදව් ප්‍රමුඛ ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ අහමඞ් ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත් අතර යාදව් කඩුලු 3 ක් බිඳහෙළුවේ ප්‍රතිවාදීන්ට ලකුණු 42 ක් ලබා දෙමිනි.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවීයද්දී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ජේසන් හෝලඩර් පන්දු 70 කදී ලකුණු 54 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. කීමෝ පෝල් හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 19 ක්ද, මාලන් සැමුවෙල්ස් හතරේ පහර 3 ක් සමග ලකුණු 18 ක්ද රැස්කළ නමුත් කොදෙව් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ.

ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 377
(රෝහිත් ශර්මා 162, ශිකර් ධවාන් 38, විරාට් කෝලි 16, අම්බටි රයිඩු 100, මහේන්ද්‍ර සිං දෝනි 23, කේදර් ජාදව් නොදැවී 16, කේමර් රෝච් 74/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 36.2 කදී සියලු දොනා දැවී 153
(ජේසන් හෝල්ඩර් නොදැවී 54, කීමෝ පෝල් 19, මාලන් සැමුවෙල්ස් 18, කලීල් අහමඞ් 13/3, කුල්දීප් යාදව් 42/3)

-036

 


අදහස් (0)

ශර්මා - රයිඩු - අහමඩ් ඉන්දියාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.