Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ශලින්ඩා සිය හොඳම කාලය වාර්තා කරයි

ශලින්ඩා සිය හොඳම කාලය වාර්තා කරයි

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආජන්ටිනාවේදී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 200 ඉසව්වේ දෙවැනි අදිරයේ තරගයකදී සිය හොඳම පෞද්ගලික කාලක වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ ශලින්ඩා ජෙන්සන් සමත් වූවාය.

එම ඉසව්වේ දෙවැනි අදියර තරග 3 කින් සමන්විත වූ අතර එහි දෙවැනි තරගය ජයගැනීමට ශලින්ඩා සමත් වූයේ තත්පර 24.07 ක කාලයක් වාර්තා කරමිනි.

කෙසේ වුවත් පළමු අදියරේ තරගය අවසන් කිරීම සඳහා ඇයට තත්පර 25 ක් ගතවි තිබූ බැවින් අදියර දෙකේම කාලයන්ගේ එකතුව (තත්පර 49.07) අනුව ඇයට හිමිවූයේ සමස්ත තරගයේ 9 වැනි ස්ථානයයි.

තත්පර 47.02 කින් අදිරය දෙක නිමාකළ අයිස්ලන්තයේ ගුඞ්බ්ජෝං ජොනා එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තාය. ඉතාලියේ ඩාලියා කඩාරි (තත්පර 47.69) සහ බ්‍රසීලයේ මාරියා නොනාටෝ (තත්පර 47.87) විසින් පිළිවෙලින් එහි රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගනු ලැබූහ.


- 036

 


අදහස් (0)

ශලින්ඩා සිය හොඳම කාලය වාර්තා කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.